Home » ජවිපෙට චෝදනා කරන්නේ බංකොලොත් දේශපාලනඥයන්

ජවිපෙට චෝදනා කරන්නේ බංකොලොත් දේශපාලනඥයන්

-ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක

by sachintha
April 20, 2024 12:29 am 0 comment

පාස්කු ප්‍රහාරය වැනි ජනතාවගේ සංවේදී සිදුවීම්වල එල්ලී ජවිපෙට චෝදනා නඟන්නේ දේශපාලන බංකොලොත්භාවය වසාගැනීමට උත්සහ දරන පිරිස් බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක පවසයි. ‘‘ඊබ්‍ර­ාහීම් අපේ ජාතික ලැයිස්තුවේ හිටියේ 2015 අවුරුද්දෙ. නමුත් පාස්කු ප්‍රහාරය එල්ල වුණේ 2019 අවුරුද්දේ. අප ඔහු හැඳින ගත්තේ විවිධ සමාජ කටයුතුවලට සම්බන්ධ වුණු නිසයි. ඔහු පිළිගත් ව්‍යාපාරිකයකු හා මානව හිමිකම් සංවිධානවල හිටපු ප්‍රබලයෙක් ලෙස අපට පෙනුණා. එහෙම නැතිව ඔහු වැරදිකරුවෙක් කියල දැනගෙන අපේ පක්ෂයට සම්බන්ධ වුණේ නැහැ.
ඔහු අත්අඩංගුවට පත් වෙලා ආරක්ෂක අංශ විමර්ශන සිදු කොට චෝදනා නොමැති නිසා ඔහු‍ නිදහස් වෙලා තියෙන්නෙ.
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කිව්වා පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට දඬුවම් ලබාදෙනව කියලා. නමුත් ඒ වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන්න ඔහුට බැරි වුණා.
ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් ආවා. මේ වෙද්දි පාස්කු ප්‍රහාරයට වසර පහක් ගතවී තිබෙනවා. ඒ අයමයි තාමත් ආණ්ඩු බලය හොබවන්නේ. ඉතින් මේ අයට ලේසියෙන්ම පුළුවන්කම තිබුණා අපේ සම්බන්ධයක් තියෙනව කියලා නඩුවක් ගොනු කරන්න. නමුත් එහෙම වෙලා නැහැ. මේ තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට විවේචනයක් කරන්න නැති නිසා මොනවා හරි දෙයක් අල්ලගෙන මඩගහන එකයි.‘

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division