Home » ‘ශ්‍රී රාම­ායන් ට්‍රේල්ස්‘ ව්‍යාපෘතියේ ආරම්භය

‘ශ්‍රී රාම­ායන් ට්‍රේල්ස්‘ ව්‍යාපෘතියේ ආරම්භය

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

ඉන්දු – ශ්‍රී ලංකා අධ්‍යාත්මික සහ සංස්කෘතික සබැඳියාවේ නව පරිච්ඡේදයක් ඇරඹීම පිණිස “ශ්‍රී රාම­ායන් ට්‍රේල්ස්” (ශ්‍රී රාමායන මංපෙත්) ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් දියත් කිරීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙරට සංචාරක, සංස්කෘතික සහ අධ්‍යාත්මික ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනය සඳහා නව මංපෙත් විවර කරමින්, ලෝකයේ අතිනවීන තාක්ෂණික හා සංචාරක ක්‍රමවේද සමඟින් ශ්‍රී රාමායන මංපෙත ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ඉන්දියාවේ අයෝධ්‍යාහි සුවිශාලතම ශ්‍රී රාම පූජා මන්දිරයේ (ධූරන්දර ශ්‍රී රාම් ජන්මභූමි තීර්ත් ක්ෂේත්‍ර භාරයේ) ප්‍රධාන භාණ්ඩාගාරික හා පූජක භාණ්ඩාගාරික අතිඋතුම් ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ් තුමන්ගේ මඟ පෙන්වීම සහ අනුග්‍රහය මත මෙම ව්‍යාපෘතිය ඉදිරියට යාමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය මඟින් මෙරට අධ්‍යාත්මික සංචාරක ගමනාන්තයක් ලෙස ස්ථානගත කෙරෙන අතර එමඟින් ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සහ සංස්කෘතික කීර්තිය ඉහළ නැංවීම සිදු කෙරේ. එහි ආරම්භක අවස්ථාවේදී දෙරටේ පාර්ශ්ව විසින් පොල්තෙල් පහන දැල් වූ අවස්ථාව සේයාරුවේ දැක්වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division