TikTok හි විලාසිතා සම්බන්ධයෙන් විවිධ නිර්මාණ ඉදිරිපත් කරන Tiasha Fernando මෙවර අවුරුදු සමය වෙනුවෙන් සාම්ප්රදායික ඇඳුම් හා නවීන විලාසිතාවලින් සැදුම් ලත් අගනා විලාසිතා සම්මිශ්රණයක් ඉදිරිපත් කළාය. ඇය පැවසුවේ ‘අවුරුදු සමයේදී සාම්ප්රදායික ඇඳුම්වලට මුල් තැන දීමට මම කටයුතු කළා…’යනුවෙනි.
තවත් විශේෂිතම අංගයක් වන අවුරුදු කෑම පිළිබඳ TikTok වේදිකාවේ තොරතුරු බෙදා හදා ගැනීමට Stories of Lash විසින් සියලු දෙනාට අරාධනා කර තිබුණේ අවුරුදු සමයේ WhatTo Cook ලෙස හඳුන්වා දෙමිනි.
අවුරුදු ඇඳුම්, කෑම බීම වැනි දේවල් ප්රදර්ශනය කිරීමෙන් නොනැවතී තමන් හා සම්බන්ධ ප්රජාවන් සමඟ සම්බන්ධ වෙමින් ඔවුන් සමඟ සන්නිවේදනය කිරීම වෙනුවෙන් සිය TikTok වේදිකාව භාවිත කිරීමට Tiasha Fernando සහ Stories of Lash කටයුතු කර තිබීම විශේෂත්වයකි. TikTok හි කාර්යභාරය පිළිබඳ අදහස් දැක්වූ Tiasha Fernando සඳහන් කළේ ඔවුන් විසින් අසන ප්රශ්නවලට ඍජු පිළිතුරු ලබා දෙමින් ප්රජාව සමඟ අඛණ්ඩව සම්බන්ධතාව පවත්වා ගැනීමට මම උත්සාහ දරනවා” යනුවෙනි.