ආහාර තාක්ෂණික සේවාවන් සම්බන්ධ ලොව ප්රමුඛ සමාගමක් වන Sysco සඳහා Global in-house Centre (GIC) ලෙස ක්‍රියාත්මක වන Sysco LABS පසුගියදා ශ්‍රී ලංකාව තුළ සිය 10 වැනි සංවත්සරය සැමරීය. එයට ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය, අමෙරිකානු තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අමෙරිකානු වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්, Sysco හි ගෝලීය තාක්ෂණ නායකත්ව කණ්ඩායම, Sysco LABS නායකත්ව කණ්ඩායම සහ ජනමාධ්‍ය නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
එහිදී අදහස් දැක්වූ Sysco හි විධායක උප සභාපති සහ ප්‍රධාන තොරතුරු හා ඩිජිටල් නිලධාරී ටොම් පෙක් මහතා කියා සිටියේ,
“කාර්ය මණ්ඩලය 72,000 ක් සහ ලොව පුරා පාරිභෝගික සේවා ස්ථාන 725,000 ක් සහිත Sysco සමාගමේ මෙහෙයුම් කටයුතු සාර්ථක ලෙස පවත්වාගෙන යාම සඳහා දැවැන්ත තාක්ෂණික ක්‍රියාවලියක් අවශ්‍යයි. ශ්‍රී ලංකාවේ Sysco LABS කණ්ඩායම වෙතින් අපට තරගකාරීත්ව වාසියක් ලැබෙන්නේ මේ පසුබිම තුළයි.’