Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
May 18, 2024 12:30 am 0 comment

ආරාධනය රූමත් වයස අවුරුදු 40 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට. කැනඩාවේ පදිංචි මා සිංහල /​ බොදු /​ ගොවි /​ දුම්පානය නොකරන /​ කඩවසම් /​ මැදිවියේ කෙනෙක්මි. දරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු කැනඩාවට වීසා අරන් දෙමි) හඳහන් /​ ආගම් /​ ජාති /​ කුල නොසලකමි. e​m​a​i​l​-​c​a​n​a​d​a​g​r​o​o​m​2​0​2​4​@​o​u​t​l​o​o​k​.​c​o​m​
G216819

ඕස්ට්‍රේලියානු පුරවැසි දෙමව්පියන්,​ බෞද්ධ,​ ගොවි,​ තම 1991 උපන් 5′ 8″ උස Plant Operator වරයෙකු වශයෙන් ස්ථිර රැකියාවක නියුතු,​ ආගම දහමට ලැදි දුසිරිතෙන් තොර වැඩිමල් පුතුට ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති යහපත් ගති ගුණ වලින් යුතු,​ පියකරු පෙනුමැති දියණියක් සොයයි. වයස 28-32 අතර නම් මැනවි. කරුණාකර s​a​m​i​t​h​e​k​1​@​g​m​a​i​l​.​c​o​m​ කරන්න.
G217199

කිරිබත්ගොඩ වයස 35 මූල්‍ය කළමනාකරු වන පැහැපත්,​ කඩවසම් අඩි 5′ 9″ උස සහෝදරිය තානාපති කාර්යාලයක සේවය කරයි. එකම පුතුට මව සොයනුයේ වැදගත් පවුල් පසුබිමක් ඇති පැහැපත් උගත් සහකාරියකි. ලග්නය,​ මිථුන,​ සෙනසුරු 7 ශනි මංගල දෝෂය ඇත. Email- p​r​o​p​o​s​a​l​k​b​1​2​3​@​g​m​a​i​l​.​c​o​m​
G217179

කොළඹ ඉතා ප්‍රසිද්ධ වැදගත් ගොවි පවුලක් (පියා ඉතා ගරු කටයුතු හිටපු මහාධිකරණ නීති නිලධාරියකු වන අතර,​ මව ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ගුරුවරියක් විය) ඔවුන්ගේ LLB/​MBA උපාධිලත් අධ්‍යාපනික හා වාත්තීමය සුදුසුකම්ලත් ශාන්ත තෝමස් හා කොළඹ 7 රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ 1988 උපත ලැබූ උස 5′ 6″ වන සත්‍ය වශයෙන්ම කඩවසම්,​ සමාජශීලී,​ මලල ක්‍රීඩකයකුගේ මෙන් හොඳින් වැඩුණු මාංශ පේශීන් යුත් දේහ විලාශය සහිත පුතුහට කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විදුහලක හෝ අන්තර්ජාතික පාසැලක අධ්‍යාපනය ලැබූ ඉතාමත් රූමත්,​ මනාගතිපැවතුම් ඇති සිහින් සිරුරැති උගත් දියණියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. විදේශයන්හි ජීවත්වන දියණියක් සිටින පවුල් වලින් ලැබෙන යෝජනා වඩාත් යෝග්‍යයි. (මසකට) සීමාවූ කෙටි විවාහයකින් බැඳීම් වලින් තොරව ඔහු නීතියෙන් වෙන්වී සිටී. දික්කසාද වූ අයගෙන් ලැබෙන යෝජනාද සලකා බැලේ. පවුලේ විස්තර හා යෝජිත දියණියගේ විස්තර ඇතුළත් පිළිතුරු එවන්න. i​r​i​s​h​e​t​t​i​a​r​c​h​c​h​i​@​g​m​a​i​l​.​c​o​m
​G217025

බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ වෘත්තීමය සුදුසුකම්ලත් දුම්පානයෙන් හා සුරාවෙන් තොර 1979 දෙසැම්බර් මස උපත ලද උස 5′ 6″ වන කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලද කොළඹ ප්‍රසිද්ධ ආයතනයක ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු ලෙස සේවය කරන ඉලක්කම් 6යේ වැටුපක් ලබන නිවාසයක් හා වාහනයක් හිමි විවාහ නොවූ පුතුහට,​ උගත්,​ මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු s​w​i​n​e​e​4​5​6​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G216961

අපගේ පවුල උඩරට ඉහළ මධ්‍යම පාංතික සිංහල බොදු ගොවි පවුලක් වේ. සාර්ථක මූල්‍ය විධායකවරයකු,​ පොත් පළ කරණ ලද අන්තර් ජතික ග්‍රන්ථ කතුවරයෙකු වන 1973 උපත ලද,​ උස 5′ 7″ විවාහ නොවූ මා සොයනුයේ වයස අවුරුදු 30 පමණ,​ මනා ගතිපැවතුම් ඇති සහකාරියකි. ආගම හා කුලය නොසැලකේ. පුවත්පත භාරේ පිළිතුරු එවන්න. 072-4513541. r​e​p​l​y​m​a​i​l​2​4​@​g​m​a​i​l​.​c​o​m​
SG216993

අපගේ පුතු 1992 මාර්තු මස උපත ලැබූ උස 5′ 7″ සත්‍ය වශයෙන්ම දුම්පානයෙන් හා සුරාවෙන් තොර,​ ගම්පහ වැදගත් පවුල් සුබිමක් සහිත පවුලක අයෙකි. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් BSC,​ MBA උපාධි ලබා,​ වර්තමානයේ ප්‍රධාන පෙළේ තොරතුරු තාක්‍ෂණ සමාගමක උපදේශකවරයකු ලෙස සේවය කරයි. ඔහුට ප්‍රමානවත් වත්කම් හිමිය. කරුණාකර පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. විද්‍යුත් තැපෑල : w​u​n​s​a​m​a​r​a​w​e​e​r​a​@​g​m​a​i​l​.​c​o​m​
SG216946

ඇමරිකාඑක්සත් ජනපදයේ උසස් අධ්‍යාපනය හදාරා එහි රැකියාව කරන අවුරුදු 28 ක් වයසැති බොදු ගොවි පුතුට යහපත් ගති පැවතුම් ඇති උගත් වැදගත් පවුලක මනාලියක් වෘත්තික දෙමාපියන් සොයයි. ගුරු වෘත්තියද සැලකේ. ටෙලි. 0112934300,​ මොබ. 0773988235. ඊමේල් – s​i​s​i​r​a​1​2​@​h​o​t​m​a​i​l​.​c​o​m​
SG217005

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන මහනුවර සිංහල බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1996 උපත ලද උස 5′ 11″ වන කඩවසම් උපාධි ලබා වර්තමානයේ මෙල්බර්න් නුවර රෝහලක භෞතචිකිත්සක වරයකු ලෙස සේවය කරන පුතුහට උගත් මනා ගති පැවතුම් ඇති සිත්ගන්නා සුළු දියණියක් සොයයි. අපි පවුල් පසුබිම අගයන්නෙමු. අප හට අවශ්‍යව ඇත්තේ සමාන සංස්කෘතික වටිනාකම් ඇති ගැලපෙන පාර්ශවයෙනි. අප විවාහය සඳහා යොමුවන ගෞරවණීය සබඳතාවක් ගොඩනගා ගැනීමට කැමැත්තෙමු. ඔබගේ පවලේ විස්තර ඇතුළත් පිළිතුරු m​e​l​b​p​r​o​p​o​s​a​l​s​@​y​a​h​o​o​.​c​o​m​ වෙත යොමු කරන්න.
SG217184

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු/​කරාව දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 26,​ උස 5′ 8″ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ විදේශ විශ්වවිද්‍යාලයක උපාධිධාරී වෛද්‍යවරයකු වන පුතුහට යෝග්‍ය සහකාරියක් සොයයි. වර්තමානයේ ඔහු ලංකාවේ සීමාවාසික පුහුණුව ලබයි. කරුණාකර කෙටි පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය ඇතුළත් පිළිතුරු සපයන්න. p​r​o​p​o​s​a​l​1​9​9​8​s​m​@​g​m​a​a​i​l​.​c​o​m​
SG216996

ගම්පහ බොදු ගොවි විධායක ශ්‍රේණියේ විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ (1996 අගෝස්තු,​ උස 5′ 4″) පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා වර්තමානයේ BSc – eng (ගෞරව) සිවිල් ඉංජිනේරුවරයකු ලෙස පෞද්ගලික ආයතනයක සේවය කරණ බාල පුතුහට උගත්,​ යෝග්‍ය සහකාරියක් සොයයි. පවුලේ විස්තර හා යෝජිත දියණියගේ කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. m​r​r​g​p​r​o​p​7​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG217162

ගම්පහ සිංහල බෞද්ධ වයස 43 ජපානයේ ස්ථිර පදිංචි P.R. හිමි තමාටම අයිති ජපානයේ නිවසක් හිමි පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ පුතුට අවුරුදු 35 ක ගුණවත්,​ රූමත් දියණියක් ජපානයේ පදිංචියට යාමට මව සොයයි.
SG216868

ගල්කිස්ස බොදු සලාගම කඩවසම් අවුරුදු 45 උස 5′ 10″,​ MBBS වෛද්‍ය පුතුට සුදුසු සහකාරියක් මව සොයයි. දික්කසාදව නීතියෙන් වෙන්වී ඇත. E​m​a​i​l​-​s​u​m​u​d​u​d​s​h​j​@​y​a​h​o​o​.​c​o​.​u​k​
SG217077

දකුණේ නැකැත් කුල අවු. 37 විදේශගතව සිට පැමිණි උස 5′ 10″ තළෙළු ව්‍යාපාරික පුතුට අවු. 31 ට අඩු රූමත් දියණියක් දෙමව්පියෝ සොයති. 7 කේන්ද්‍ර එපා.
SG216722

දකුණේ බොදු කරාව 1988 ස්වීඩනයේ පදිංචි ඕස්ට්‍රේලියාවේ වීසා අපේක්ෂාවෙන් සිටින මෘදුකාංග ඉංජිනේරු රැකියාවේ නියුතු කඩවසම් දුසිරිතෙන් තොර දේපළ හිමි පුතුට රැකියාවක නියුතු උගත් රූමත් දියණියක් විශ්‍රාමික ගුරු දෙමාපියෝ සොයති. භේද නොසැලකේ. හඳහන සමග ලියන්න. 1988p​r​o​p​o​@​g​m​a​i​l​.​c​o​m​
SG217051

දකුණේ බොදු ගොවි අවු. 30 උස 5′ 7″ යුධ හමුදා හෙද වෘත්තියේ නියැලෙන ගේ දොර ඇති එකම පුතුට රැකියාවැති ගුණගරුක දියණියක් මව සොයයි. කේන්ද්‍ර පිටපත සමග විමසන්න.
SG216920

දකුණේ බොදු ගොවි කරාව 50,​ 5′ 6″ රජයේ රැකියාවැති දේපළති MA උපාධිධාරී පුතුට සුදුසු අවිවාහක දියණියක් සොයයි. 0412220530.
SG216661

දෙමාපියන් කැනේඩියානු වයස අවුරුදු 47 ඉංජිනේරු පුතුහට රූමත් උගත් කරුණාවන්ත හදවතක් ඇති ආදරණීය සොඳුරු දියණියක් විශේෂයෙන් කැනඩාවෙන් හෝ ඇමරිකාවෙන් සොයයි. p​r​o​p​o​s​a​l​5​4​3​2​1​@​g​m​a​i​l​.​c​o​m​
SG217059

බදුල්ලේ බොදු ගොවි 1987 උපන් 5′ 9″ උස යුරෝපයේ පදිංචි දැනට පියා සමග අරුගම්බේ පිහිටි සංචාරක හෝටලයක් පවත්වා ගෙන යන පුතුට වැදගත් පවුලකින් දැන උගත් ප්‍රිය මනාප දියණියක් දෙමාපියන් සොයයි. 011-2836263.
SG217229

බස්නාහිර 1985 නොවැ. 5′ 11″ බොදු ගොවි උපාධිධාරී CA/​CIMA MSC උසස් රැකියාවක නියුතු ගේදොර දේපළැති කඩවසම් පුතුට ගුණගරුක රුවැති දියණියක මව සොයයි. (කුජ 4) කේන්ද්‍ර කොපිය සහ විස්තර දන්වන්න. 0112548918. ruckmanid h​a​r​m​a​d​a​s​a​@​m​a​i​l​.​c​o​m
​SG216942

බොදු කරාව පියා ඔහුගේ වයස අවුරුදු 33,​ උස 5′ 6″ වන මනා පෙනුමැති,​ කඩවසම් ප්‍රමාණ සමීක්ෂකයකු වන වර්තමානයේ (අර්ධ කාලීනව) ඇස්තමේන්තුකරුවකු ලෙස සේවය කරන අතර තුර ශිෂ්‍ය වීසා මත ඕස්ට්‍රේලියාවේ අධ්‍යයන කටයුතු වල නියැලී සිටින විනීත පවුල් පසුබිමක් සහිත පුතුහට රූමත් ආකර්ෂණීය තලෙළු මනාගති පැවතුම් ඇති දියණියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. එකම වැඩිමහල් සොහොයුරා ජාලගත ඉංජිනේරුවරයකු වන අතර,​ පුරවැසිභාවය ලබා ඕස්ට්‍රේලියාවේ ජීවත් වේ. පූර්ණ පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. ආගම හා කුලය බාධාවක් නොවේ. ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට කැමති විය යුතුය. p​r​o​p​o​s​a​l​p​r​o​p​o​s​a​l​6​2​4​@​g​m​a​i​l​.​c​o​m​
SG217016

බොදු ගොවි ඕස්ට්‍රේලියාවේ වෙසෙන සිවිල් ඉංජිනේරු තිස් වියැති උස 6′ ක් වූ කඩවසම් පුතුට විවාහ වීමට සුදුසු උගත් රූමත් චරිතවත් ඕස්ට්‍රේලියාවේ රැකියාවක නියුතු දියණියක,​ කොළඹ ප්‍රධාන පාසලක විශ්‍රාමික ගුරු මහත්මියක වන මව සහ ව්‍යාපාරික පියා සොයයි. පාපීන් නොමැති ධනු ලග්න කේන්ද්‍රයකි.
SG216752

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 උපත ලද උස 5′ 6″ ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවකු වන දුම්පානයෙන් හා සුරාවෙන් තොර BSC,​ MSC,​ PhD උපාධිධාරී පර්යේෂකවරයකු වන පුතුහට බෞද්ධ,​ උගත්,​ කරුණාවන්ත දියණියක් සොයයි. මේ පිළිබඳ උනන්දුවක් දක්වන ඕස්ට්‍රේලියාවේ,​ ඇඑජ,​ එක්සත් රාජධානියේ පදිංචි අය හෝ එහි සංක්‍රමණය වීමට කැමති අය b​e​l​i​g​a​h​a​w​a​t​t​a​.​e​s​t​a​t​e​@​g​m​a​i​l​.​c​o​m​ හා සම්බන්ධවන්න. කුලය හා ජාතිය නොසලකමි.
SG216965

බොදු සලාගම දෙමාපියන් ඔවුන්ගේ 1984 උපත ලද උස 5′ 4″ වන කඩවසම් දුම්පානයෙන් හා සුරාවෙන් තොර මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලද හා වෙනත් වෘත්තීමය සුදුසුකම් සහිත කීර්තිමත් ඉදිකිරීම් සමාගමක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු ආකර්ෂණීය වැටුපක් හා වෙනත් පහසුකම් ලබන පුතුහට රූමත්,​ යෝග්‍ය වයස අවුරුදු 35 ට වඩා අඩු දියණියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඔහුට ඉහළ වටිනාකමක් සහිත වත්කම් හිමිය. එකම සොහොයුරා වෛද්‍යවරයෙක් වේ. m​p​r​o​p​8​4​@​y​a​h​o​o​.​c​o​m​
SG217140

මාතර බොදු ගොවි 1992 උපන් 5′ 11″ උස නිවසක්,​ ව්‍යාපාරයක් හා ඉඩම් හිමි කඩවසම් පුතුට ගුණගරුක උගත් දියණියක් විශ්‍රාමික මව සොයයි. l​a​y​a​n​t​h​e​j​a​n​a​@​g​m​a​i​l​.​c​o​m​
SG217097

රත්නපුර බොදු රජක 1988/​11 උපන් 5′ 5″ උස කොළඹ පෞද්ගලික සමාගමක රැකියාවැති දේපළ හිමි පවුලේ එකම පුතුට රැකියාවැති හෝ නැති සුදුසු දියණියක් දෙමව්පියෝ සොයති.
SG217232

1983,​ 5′ 7″ කොළඹට නුදුරු බොදු ගොවි ඕස්ට්‍රේලියාවේ රැකියාවේ නියුතු දේපළ හිමි පුතුට (කුජ 12 ශනි මංගල යෝගය සහිතයි) යහපත් දියණියක් දෙමව්පියෝ සොයති. කේන්ද්‍ර පිටපත,​ දුරකථන අංකය සම්පූර්ණ විස්තර දන්වන්න.
SG217032

1987 බෞද්ධ වත්කම් ඇති උසස් රැකියාවක නියුතු වරලත් ගෘහ නිර්මාණ ශිල්පී උස 5′ 7″ නිර්මාංශී සුරාවෙන් තොර යහපත් පුතුට ධර්මිශ්ඨ උගත් පැහැපත් රූමත් සහකාරියක් දෙමාපියෝ සොයති. කෙටිකාලීන විවාහයෙන්පසු නීතියෙන් වෙන්වී ඇත. දරුවන් නොමැත. E​m​a​i​l​-​p​r​o​p​o​s​a​l​1​9​8​7​0​7​@​g​m​a​i​l​.​c​o​m​
SG217069

1987,​ 5′ 4″ දකුණු පළාතේ නගරයක ස්ථිර පදිංචි නිවසක් හිමි පවුල් බරින් තොර පුතුට සාමාන්‍ය පවුලකින් දියණියක් මව සොයයි. රජක කුල බෞද්ධ රැකියාවක් අනවශ්‍යයි. සම කුල වීම අත්‍යවශ්‍යයි.
SG216674

1988 උපන් කොළඹ උස 5′ 4″ සිංහල කතෝලික ඩුබායි සේවයේ නියුතු සුළු විවාහයකින් පැමිණිලි පාර්ශවයෙන් නීතියෙන් වෙන්වී ඇති පුතුට සුදුසු සහකාරියක් මව සොයයි. බෞද්ධ අයද සැලකේ. 0112712896.
SG217225

1997/​08 උපන් උස 5′ 4″ මෝටර් කාර්මික පුතුට ස්ථිර රැකියාවැති ගුණ යහපත් දියණියක් විශ්‍රාමික මව සොයයි. නිවසක් සතුය. හඳහන සමග විමසන්න.
SG217202

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division