ඉකිලි සහ කිහිලි කැසීම නිසා ඇති වන තුවාල ස්ත්‍රී පුරුෂ හා වයස් භේදයකින් තොරව කුඩා දරුවන්ගේ සිට වැඩිහිටි විය දක්වාම පැතිරෙන්නක්. පොදු වැසිකිලි භාවිතය, අපිරිසුදු යට ඇඳුම් භාවිත කිරීම, තදට අදින යට ඇඳුම් නිසා ඉකිලි ප්‍රදේශ කැපීම, ඉකිලි ප්‍රදේශයට වැඩිපුර දහඩිය දැමීම හා ඒවා වැඩි වේලාවක් රැඳී තිබීම වැනි තම අපිරිසිදුකම සහ නොසැලිකිලිමත්භාවය නිසා මෙම ආසාදනයට ලක් වෙයි. සම රතුවීම, පතුරු ගැලවීම, බිබිලි ඇති වීම, කැසීමේදි එම බිබිලි බිඳී යෑමෙන් දියර වැනි යමක් ගැලීම මුලදී ඉකිලිය ප්‍රදේශ කැසීම හා පසුව එය කලවා ප්‍රදේශයට හා ගුද මාර්ගය ආශ්රිත ප්‍රදේශ දක්වා ව්‍යාප්ත වීම යන ලක්ෂණ දක්නට ලැබෙයි.
මෙයින් වැළකීමට නම් ඉකිලිය සහ කිහිලි ප්‍රෙද්ශ අවට තෙතමනය අවම කර වියළිව තබා ගැනීම, අපිරිසුදු සහ දහඩිය උරා නොගන්නා යට ඇඳුම් භාවිත නොකිරීම, කැසීම නිසා ඉකිලිය අවට තුවාල සිදු වී ඇත්නම් විෂ බීජ නාශක දියර, ආලේපන වැනි දෑ භාවිත කළ යුතුය.
ප්‍රතිකර්ම
ගංසූරිය කොළ සහ පොතු සම සමව ගෙන (මිටක් නම් කොළත් මිට බැගින් ගන්න ) හොඳින් පිරිසුදු කර හීනියට කපා ගන්න. තම්බා ගැනීමට අනිවාර්යෙන්ම මැටි මුට්ටියක් භාවිත කළ යුතුය. එයට ක්ලෝරින් නැති වතුර දමා තම්බා ගන්න.
ඒ වතුරෙන් කසන ස්ථාන තැන් සෝදා පිසදමන්නේ නැතිව වේලෙන්න හරින්න. උදේ හවස දවස් හතරක් පහක් මේ ප්රතිකර්මය කරන ගමන්ම හීන් උඳුපියලිය අමු කහ ඇල් වතුරෙන් සිහින් වන තෙක් (ක්‍රීම් එකක් ලෙස ) අඹරා ඉහත කී බෙහෙත් වතුරෙන් සෝදා වේලුණු පසු මෙය ආලේප කරන්න. මේ කාලය පුරාවට සබන් නොගෑ යුතුය. උෂ්ණාධික ආහාරපාන ගැනීමෙන් වැළකිය යුතුය.