Home » ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනයට ඉන්දීය සහාය

ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනයට ඉන්දීය සහාය

by Mahesh Lakehouse
May 25, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාව, ඉන්දියනු සංචාරකයන්ගේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක වැඩසටහනක් පැවැත්වීමට ශ්‍රීලන්කන් ගුවන් සේවය කටයුතු කරන අතර, දකුණු ආසියාවේ මාලදිවයින වැනි ගමනාන්තයන් අබිබවා යමින් ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියානු සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීම හා සමගාමීව පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා ඉන්දියාවේ ප්‍රමුඛතම මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් පිරිසක් පසුගිය මැයි 17දා දිවයිනට පැමිණියහ.

මොවුන් දිවයින පුරා සංචාරය කරන අතර, ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික හා සංස්කෘතික ආකර්ෂණීය ස්ථාන, දේශීය ආහාරපාන, සුන්දර වෙරළ තීරයන්, ස්වාභාවික මං පෙත් සහ කොළඹ නගරයේ සාප්පු සවාරි ඇතුළු විනෝදාස්වාද අංගයන් අත්විඳිනු ඇත.

මෙම සංචාරක වැඩසටහනේදී ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිල මහජන නියෝජිතායතනය වන Aviareps India ආයතනය සම්බන්ධීකරණය සිදු කළ අතර, ආගන්තුක සත්කාර සහ සැපයුම් සහකරු ලෙස Cinnamon Hotels and Resorts සහ ශ්‍රීලංකන් ගුවන් සේවය එක්ව සංවිධාන කටයුතු සිදු කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division