වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු.1700 දක්වා වැඩි කිරීමට නොහැකි වැවිලි සමාගම් විමර්ශනය කර, එසේ වැටුප් වැඩි කර ලබාදිය නොහැක්කේ එම සමාගම අලාභ තත්ත්වයකට පත් වෙන නිසා නම් ඒ සඳහා සහන ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර ඇත.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පත් කර ඇති කමිටු විසින් රජය සතු වතු සමාගම් 22 සම්බන්ධයෙන් විමර්ශනය කර අදාළ සමාගම්වලට සත්‍ය වශයෙන්ම සේවක වැටුප් වැඩි කළ නොහැකි තත්ත්වයක පසු වන්නේද එසේ නම් ඒ වතු සමාගම් සම්බන්ධයෙන් ගත හැකි පියවර මොනවාද යන්න සොයා බැලෙනු ඇත.
එහිදී අදාළ සමාගම්හි වැටුප් ගෙවීමට නොහැකි තරම් පාලනය දුර්වල මට්ටමක පවතී නම් එම සමාගම් රජයට පවරාගෙන වෙනත් ආයෝජකයන්ට පවරා දීමට අවශ්‍ය පියවර සම්බන්ධයෙන්ද මෙහිදී සොයා බැලෙනු ඇත.
සමාගම් හරහා සේවකයන්ට, රජයට රටට සේවයක් නොවන්නේ නම් එම වතු සමාගම් වඩාත් ඵලදායි ලෙස පවත්වාගෙන යාම රජයේ අරමුණ වී ඇත.
වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීම ස්ථිර කිරීමට අදාළ ගැසට් නිවේදනය පසුගිය 21 වැනිදා නිකුත් කර තිබේ. කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමේ නිවේදනය මැයි පළමුවැනිදා ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව, වතු සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 1350 දක්වා ඉහළ යන අතර ඵලදායීතාව මත පදනම්ව රුපියල් 350 ක් හිමිවේ.
තාරක වික්‍රමසේකර