Home » කවි සිළුමිණ

කවි සිළුමිණ

by Mahesh Lakehouse
June 1, 2024 12:29 am 0 comment

රැය ගෙවෙයි

සඳු­ටත් හොරෙන් විත් එබි­කම් කරන ඝන­ඳුර
තවත් දව­සක් නිමා­කළ බව කියයි අප­හට සොවින්
වීදි කොන පට­න්ගත් පිඟ­න්වැට දැල්වෙයි හෙමින්
හිරුගෙ රතු සෙව­ණැල්ල නිවා­ගෙන යන ලෙසින්
ළා එළිය මත එබෙන රුසිරු අබි­සරු ලියන්
මුවා­කොට විජි­නි­පත් රතු කොපුල් තල වසා
ඉඟි කරයි විටින් විට තුරුණු ගැට­යකු බලා
නෙතු අගින් ඉඟි මවා සිවු­රු­හන් කොට සෙමින්
කලා සොල­සින් සපිරි පුරා සඳ නුඹ මැදය
පුර­ඟ­නන් වෙහෙ­ස­කොට දැමුණු ඉඳු­රන් වෙතින්
ගත පෙළන විඩා­වට මී විතක් සොයා යයි
පිටු­ව­හල් කළ ගෙහිමි අඳුරු සෙව­ණැලි මැදින්

බ / පල්ලි­ය­පි­ටියේ – සෝම­රත්න හිටි­හාමි


ස්වාමීනි

කවුළු, දොර­ගුළු, අසුන්
හඬ ද, පාට ද, මහා පොත් ද
වදන් හර­බර,
නොවෙ­නස්ය.
නොදැ­නෙන, නොසො­යන
යන එන උතු­මන් බොහෝය,
එරෙහි උන් දුරක
නොපෙ­නෙන,
මහ පොළොව ඉර හඳ
සුළං අව් රැළි දිය බිඳු
ගම­නක්ය, නොන­ව­තින,
සතර දෙස සැරි­ස­රන
අයු­ක්තියේ මහා හඬ
සිර­කොට, සිර­කොට
“යුක්තියේ දෙව­ඟන”
“තිස් අටයි, තිස් අටයි”
“අසු අටයි, අසු අටයි”
සමා­වනු මැන,
“ස්වාමීනී”
“ස්වාමීනී”

නීතිඥ කීර්ති කපු­වත්ත – රිදී­ගම


25 වැනි ගුණ සම­රුව වෙනු­වෙනි වතු­ගෙ­දර තුංග හෙට්ටි­හේවා කිවි­ඳුනි!

උසස් ම කවි­යන් ඇසුර ලබා ඒ තැනට කිට්ටු වුවා
හදිස් සියේ­වත් කිසි දා නො කළෙහි වන්දි බට්ට සේවා
දෙඇස් කඳුළු තෙත් කළ­මුත් නො දනිති තවම රට්ටු ඒවා
සරස් වතී සෙව­ණින් පිට වී ගොස් තුංග හෙට්ටි හේවා
හද­වත් නැති අය හද­වත් රිදු­මෙන් නො මියෙයි ඔබ වාගේ
ඔබ­ටත් පපු­වක් තිබුණ නිසයි අවි ගැටුණේ මරු­වාගේ
සිඳු­ණත් ගිනි ගත් නිය­ඟෙට හසු වී කවි ගඟ ගිය වේගේ
තව­මත් හිනැහී කතා කරන හඬ රැව් දෙයි කවි­යාගේ
සඳුන් වනේ ගස් එක එක වැටු­ණොත් මේ ලෙස කොළඹ යුගේ
නැවුම් සුග­න්දය ලොවට බෙදන්නේ කෙ ලෙස ද? අපට හැඟේ
අදින් පසු ව තව හොඳින් දැනෙනු ඇත කිවි­ඳුනි ඔබගෙ අගේ
නිවන් දකි­න්නට කලි­යෙන් හමු­වෙමු නැව­තත් සසර මගේ

ප්‍රධාන ලේකම් – ජී.ඇම්.අජිත්


පුතු දිලේවා

වැලක දැවටී දිලෙන රන් මලක් සේ පුතු දිලේවා
සතුට සාමය සමඟ සම්පත හද­ව­තට ඔබෙ ළඟා වේවා
සරණ තෙරු­වන් සමඟ දෙව් රැක­ව­රණ ඔබ හට ලැබේවා
පොසොන් මස තුන්වෙනි දිනට සුබ උපන් දින­යක් වේවා

සුනේත්‍රා විජේ­රත්න


අතීතේ මොහො­තක්

සුදු සඳ පිපෙ­න­ විට නිල් අහසේ ඉහළ
මුදු සිතු­විලි පිරේ හද­වත තුළ නිසල
බිඳ බිඳ වැටෙන තුස­රෙහි නැතුවා සිහිල
ඔබ මා හමුව සිහිවී ගැලුවා කඳුළ
අඩ සිය වසකි සින­හව මට අහිමි වෙලා
සැඬ හිරු කිරණ යයි මා හද පතුල පලා
සෙනෙ­හස පිරූ දිවි­යෙහි මල් මිලින වෙලා
යළි යළි සිත වසා මතු­වෙයි අඳුරු වලා
සංහි­ඳි­යාව සංතෝ­ෂය නිදන් කළ
මන්දි­ර­යක් වීය හද­වත පහන් කළ
සන්සුන් දිවිය කටු රැහැ­ණින් වසන් කළ
අන්දම සිහිව නෙත වැසුවා කඳුළු වැල

කුසුමා වර්ණ­සු­රිය


අම්මා­ව­රුනි!

මවත් විතර නැත වෙන සෙනෙ­හස දෙන්න
ඇතත් වැරදි මව­කට දොස් නොකි­යන්න
දුකක් නොදී දිවි ඇති තෙක් සුර­කින්න
පිනක් ඒක ඔබෙ දිවි මග සරු­වෙන්න
හඬා වැටෙන වැඟි­රෙන උණු කඳුළු නෙත
සැබෑ සෙනේ මව් සෙනෙ­හස අතර ඇත
දිවා රැයේ වෙහෙ­සෙන දරු සුවඳ මත
වැදු මවට සම­කළ හැකි කෙනෙක් නැත
විෂ­මයි සමා­ජය ගුණ දම් ඈත් වෙලා
දූ දරු මාපි­යන් සෙනෙ­හස දුරස් වෙලා
විය­පත් මවගෙ සුන්දර සුදු මුහුණ වෙලා
මහ මඟ දම­න්නට දරු සිත් කෲර වෙලා

පාන­දුර – වඳු­ර­න්මුල්ල වත්තේ
ලය­නල් ජය­ලත්


අම්මා මට සස­රක්

පෙර පාස­ලෙන් දුන් දිග නිවා­ඩු­වක් ළඟ
අම්ම කිව්වා උදේ අහස කළු කරන් වග
සතුට උතු­රන් හිතේ තුරුළු උනෙ අම්ම ළඟ
හිතින් මැති­රු­වෙත් මම වැහැල උතු­රන්න ගඟ
අම්මා ඇතිදා ගෙදර හිතට හරි හයි­යක්
නොක­ඩවා වැස්ස වැහි පුරා­වට සති­යක්
හාමතේ ඉන්න කොට ඉද­හිට රොටි­යක්
අන්ති­මට ඉතුරු වුණේ කෝප්පයෙ කහ­ටක්
රබර් කට්ටියේ දැන් කූඩැල්ලො පිරීලා
අම්ම කීවේ දෙපා සබ­න්වල පොගෝලා
ගඟේ වතු­රත් කෙමෙන් ටිකෙන් ටික අඩු වෙලා
නොදැ­නීම මටත් දිග සුසුම් පිට කළා
රබර් කිරි චීත්තෙට ගුලි­වෙලා තව­මත්
හිටිය හැටි සිහි­වෙද්දි ඒ දවස් අද­ටත්
ජීවිතේ කම්ක­ටුලු වැටුණු කඳු­ළ­ක­ටත්
අදත් මගෙ ළඟ ඉන්න අම්ම මට සස­රක්

ශම්මි ගයාන්


ජීවිත සර­දම

වැර­දුණු තැන් තිබේ නිවැ­රදි කළ නොහැකී
මේ ආ ගමන් මග රහ­සකි ලොව ට නොකී
නිකැ­ළැල් සොඳුරු පිවි­තුරු බව ලොවම දකී
එන­මුදු මගේ දිවි­යම මට සර­ද­මකී
බැඳුණා අහෝ බැඳුණා විඳ­වන පහසේ
වැටුණා හඬා වැටුණා ලොව­ටම රහසේ
මැවුණා මැවී මැකුණා සිති­විලි සහසේ
බිඳුණා බිඳි වැටුණා මන්දිර අහසේ
මිතුරු තුමෝ බිතු සිතු­වම් සේ පැවති
එකෙකා දිනෙන් දින ලොව හැර දමා යති
ආ ගිය තැනින් තැන පිය­වර ලකුණු ඇති
මට තව දුරක් යනු බැරි තර­ම­ටම හති

සාලිය ගුණ­ව­ර්ධන – පූජා­පි­ටිය


නොමි­නිස්සු

බත්පත එකට එක තැන හිඳ කන අයම
ගිනි­දලු දිය යටින් අර­ගෙන යන අරුම
තිබ­හට දිය පොදක් අය­දින අත් දෙකම
තොල­කට තෙමුණු පසු ගෙල මිරි­කන පුදුම
එක ඉර එකම හඳ එළියේ සිනහ වෙතී
ඉර හද නොදැන අඳුරේ උන් මරා ගතී
මව්කම පවා මිල මුද­ලට අලෙවි වෙතී
මිනිසා මිනිස් ගති අත­හැර පළා යතී

යටි­වා­වල – ගාමිණි චන්ද්‍ර­සේන


ඒ අපේ පළමු මුහුදු සවා­රිය

ඉන්දි­යන් මුහුද නිස­ලව තිබුණ
යාත්‍රා කරන්න පුළු­වන් විඳි­යට
ඕනෑම නැව­කට
ඒත් රුවල් ඔරු
නිස­ලයි
හුළඟ සැර නෑ පැද්දෙන්න
මම නිසල මුහු­දට ආසයි
වතුර බොර­වෙ­නව කුණා­ටු­ව­කට
නිසල මුහු­දක් කියන්නේ
කුණා­ටු­වක අව­සා­නය
ඒ තමයි ඔහුගේ උත්ත­රය
අපිට බැරිද වැල්ලේ වැති­රිලා
ඔහේ බලන් ඉන්න
ඒ මගේ ආසාව
මුහුද තියෙන්නේ කිමි­දෙන්න
ගිලෙන්න පාවෙන්න
වතුර පෙවිල වමා­රන්න
කවුද ළමයෝ
පනි­ට්ටු­වෙන් වතුර හලා­ගන්නේ
නාද්දී මුහුදේ ඔලු­වට
අව­සන් වචන ඇහෙ­න්නත් ඉස්සෙල්ල
එයා මාවත් ඇදන් පැනල මුහු­දට !

රසිකා මුහ­න්දි­රම්ගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division