ශේෂ පත්‍ර සංකෝචනයක් හා ණය පොතේ අගයට ඍණාත්මක බලපෑමක් ඇති කරමින් රුපියලේ අගය ඉහළ නැංවුණු අවධියක වුවද ණය දීමේ කාර්යය උදෙසා වූ බැංකුවේ අවධානය එලෙසම පවත්වා ගනිමින් කොමර්ෂල් බැංකු සමූහය රුපියල් ට්‍රිලියන 1.316 ක ණය පොත් අගයක් සමඟින් 2024 පළමු කාර්තුව අවසන් කර ඇත.
“මෙරට පැවති විචලනය වන සාර්ව ආර්ථික තත්ත්වයන් නිසා සිදු වූ රුපියලේ අගය ඉහළ යාම හා හානිපූරණය සඳහා මුදල් වෙන් කිරීම්වල වෙනස්කම් යනාදී සාධක හේතුවෙන් ප්‍රධාන දර්ශක වෙත වෙනදාටත් වඩා බලපෑම් ඇති වෙම්න් පවතී…” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ සභාපති, ෂාර්හාන් මුසීන් පැවසීය.
කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී, සනත් මනතුංග ද මෙසේ පැවසීය: “අපගේ පළමු කාර්තුවේ කාර්යසාධනය මඟින් පෙන්නුම් කරන්නේ, අපගේ ශුද්ධ ලාභයේ සැලකිය යුතු වර්ධනයක් වාර්තා කිරීමට රුකුලක් වූ, අරමුදල් මත පදනම් වූ මෙහෙයුම්වලින් ලැබෙන දායකත්වය වැඩි කිරීම වෙනුවෙන්, බැංකුවේ ආයෝජන කලඹ පෙළ ගැස්වීමට ක්‍රියාවට නැංවූ උපක්රමවල ප්රතිඵලයි…”