සිළුමිණ ‘ඉසිවර’ පාඨක පින්වත් ඔබ වෙත අප අද ඉදිරිපත් කරනු ලබන උතුම් “කන්ද කුමාර සකලජන වශීමන්ත්රය” කතරගම දිව්‍යරාජයාණන්ට අප විසින් සිදු කරනු ලබන පූජෝපහාරයක් ලෙස ඔබ වෙත ලබාදීමට අදහස් කළෙමි.
ඉදිරි ‘ඇසළ’ මාසය කඳ සුරිඳු වෙනුවෙන් ශ්‍රී ලාංකික බැතිමතුන් පේවී සූදානම් වන කාලයයි. තිසරණයට හානි නොවී බොදු වත්පිළිවෙත් පුරා කතරගම දෙවිඳුන් උදෙසා පුද පූජා සහ වත් පිළිවෙත් සපුරන බැතිමතුන්ට ඉමහත් පිහිටක් ලබාගත හැකි මෙම උතුම් කන්ද කුමාර මන්ත්‍රය ජීවිතයට සිද්ධි කරගෙන නොසිතූ විරූ ප්‍රතිඵල ලබා ගැනීමට ඔබත් මහන්සි ගන්න. කතරගම දිව්‍ය රාජයාණන්ගේ කුඩා ගණයේ පිළිමයක් හෝ එසේ නොවේ නම් කතරගම දිව්‍යරාජයාණන්ගේ පින්තූරයක් හෝ වේලායුධයක්, ඉතා පිරිසුදුව සකස් කරගෙන කැවිලි-පලතුරු, රතු නෙළුම්, බෙලි කොළ, සහ ගිතෙල් පහනක් ඇතුළුව පූජාවන් තබා මහානුභාව සම්පන්න කන්දකුමාර සකලජන වශී මන්ත්‍රයෙන් අඩුම තරමින් 108 වාරයක් වත් ජීවම් බල පිහිටුවා නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ තැන්පත් කරන්න. පිරිසිදු පැන් බඳුනක්, මල් සහ පහනක් තබා පුද පූජා පවත්වමින් නැවත නැවත මන්ත්‍රයේ ජීවම් බල පිහිටුවා පවත්වාගෙන යාමේදී කතරගම දිව්‍ය රාජයාණන්ගේ ජීවමාන ආකර්ෂණය ස්ථානයට සහ ඔබ වෙත ලැබී පුදුමාකාර ලෙස ඔබට උපකාර ලැබෙන අතර දියුණුව සහ සෞභාග්‍ය උදාවේ සියලු ග්‍රහ-අපල මගහැරී සතුරු කරදර දුරුවී නොසිතූ සෞභාග්‍යක් උදාවෙනු ඇත. ඉපැරණි යතිවරුන් ප්‍රයෝජනයට ගත් මෙම මහා මන්ත්‍රය කතරගම වැඩසිටි කන්දේ වැඩ සිටි පූජනීය නාහිමියන්ගෙන් අපට ලැබුණු දායාදයකි.
කන්ද කුමාර සකලජන වශී මන්ත්‍රය
ඕං ශක්ති මහාශක්ති ආදිශක්ති පරාශක්ති ශිවශක්ති විෂ්ණු ශක්ති වේලා ඕං හරහර නමශිවාය ගුරුවරා මශිවායන ගුරුවරා ශිවාය නම ගුරුවරා වයනමශි ගුරුවරා යනම සිවාගුරුවරා ආදි ගුරුවරා අනාදී ගුරුවරා ආනන්දරූපා ඕ සරවණභවා, රවණභවසා, වණභව සරා, ණභවසරවා, භවසරවණා, වසරවණභා.
ඕං සාං සණ්මුඛා කාර්තිකෙයා, කාදම්බා කෝමාරා කන්දාගාං- ගේයා, සූරසම්භාරා සුබ්රමනියා මයිල් වාහනා වාවා ආදිශක්තියානේ වාවා පරාශක්තියානේ වාවා සකලපාපන් ගළුම් සකළ දොෂන් ගළුම් ආරි හාරී අරහර ඕං කාරමායි ආංකාරමායි සංසං සිංසිං සුංසුං සෞවුං අව්චුං වෞච්චුං ශිවායා රාජයෝගම් දේවයෝගම් රාජවසියුම් දෙවවසියුම් සකල භාග්යමුම් සකල ඓශ්චාර්යමුම් වාවා සර්ව යක්ෂ භූත ප්‍රෙත පිසාවුං ගල් අන්චි ඕඩිංකීඅප්පිර කාරමාග නික්කශිවා ඨං අං ආං ඉං ඊං උං ඌං එං ඒං ඔං ඖං
ඕං ගුරුවර එංමුගම් කණ්ඩ සර්වජීව ජේනුක්කලුම්උන්මුගමෙන් ඩෙක්ති එන්නුඩ කිල්වන්නගි තික්කශිවා.
ඕං සරවණභවා ඕං ශ්රීං ක්ලීයුම් ලිං ලං වං ශිවා
වාරියපොළ, කොළඹගම ශ්‍රී මියුගුණාරාම
රාජමහා විහාරාධිපති නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි (කොළඹගම පොඩි හාමුදුරුවෝ)