1K
ජෝන් කීල්ස් පදනම පසුගියදා ‘Scaling Up Nutrition People’s Forum’ (SUN PF) සමඟ එක් වී, පෝෂණය සහ එහි වැදගත්කම සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ක්රියාවට නැංවී ය. ජෝන් කීල්ස් ‘ප්රජා ශක්ති’ වැඩසටහන ක්රියාත්මක වන කොළඹ 02 සහ ජාඇළ ප්රදේශවල තෝරාගත් පාසල් 10ක් තුළ ක්රියාවට නංවා ඇති පාසල් පෝෂණ වැඩසටහනේ කොටසක් වශයෙන් මෙය ක්රියාවට නංවන ලදි. පාසල් දරුවන්ට පෝෂණයේ වැදගත්කම පෙන්වා දීම සහ ගෙවතු වගාව වැනි තිරසර පුරුදු ප්රවර්ධනය කිරීම මෙහි ප්රධාන අරමුණු වේ.