ඉන්දියාවේ නව අගමැතිවරයා ලෙස හිටපු අගමැති තුන්වැනි වරටත් අද (9) දිව්රුම් දෙමින් ඉන්දියාවේ 18 වැනි පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කරන බව එරට මාධ්‍ය වාර්තා කළේය. ඉන්දියාවේ නව රජයක් පිහිටුවීමට ඊයේ එරට ජනාධිපතිනිය ද්‍රව්පදි මුර්මු නිල වශයෙන් භාරතීය ජනතා පක්ෂයේ සහ ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානයේ නායක නරේන්ද්‍ර මෝදිට ඇරියුම් කළ බවද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. 9 දා පස්වරු 6.00ට එම දිව්රුම් දීමේ උත්සවය නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවාන් නිල ජනාධිපති මන්දිරයේදී සිදු කිරීමට නියමිත බව එම සන්ධානයේ ජ්‍යෙෂ්ඨ නායකයකු ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. අගමැති මෝදිගේ දිව්රුම් දීමේ උත්සවය අතරතුර නව රජයේ කැබිනට් මණ්ඩලයත් දිව්රුම් දීමට නියමිතය. අගමැති නරේන්ද්‍ර මෝදිගේ දිව්රුම් දීමේ උත්සවය සඳහා සහභාගි වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නවදිල්ලි නුවර බලා ඊයේ (08) පිටත්ව ගියේය.
1K
previous post