ආර්ථික කමිටුව එක්ක එක පදනමක් මත සාකච්ඡාව කරල; සජිත් ප්‍රේමදාස සකච්ඡාවෙදි කියනවා මේ මගේ කරුණු නෙමෙයි; මමයි නායකයා; මේකයි ප්‍රතිපත්තිය කියලා. එනිසා වඩාත්ම යෝග්‍ය කාරණාව වුණේ එතුමා සමඟ සාකච්ඡාව පැවැත්වීම බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.
හෙතෙම මේ බව සඳහන් කර සිටියේ ඉකුත් 06 වැනිදා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමඟ පැවැත්වීමට නියමිතව තිබූ විවාදය සඳහා ස්වාධීන රූපවාහිනියේ තුලාව දේශපාලන සංවාදයට එක්වෙමිනි.
එහිදී හෙතෙම අදහස් දක්වමින් සඳහන් කර සිටියේ “ මැයි මාසයේ මේ විවාදයට අපි දින හතරක් ලබා දුන්නා. එතුමා විසින් ඒ දින හතර ප්‍රතික්ෂේප කළා. ඊළඟට මැයි මාසෙ 20ට කලින් දිනයක් යොදාගෙන මේ විවාදය පවත්වමු කියල දැනුම් දුන්නා. එතුමා ඒකත් ප්‍රතික්ෂේප කළා. නැවත එතුමාගෙ පැත්තෙන් 3,4,5,6,7 දින පහක් ආවා. ඒ අනුව අපි 06 වැනිදා ඒ සඳහා යෝජනා කළා. මේ අපි දීපූ දින නෙමෙයි එතුමා දීපු දින. මම කිව්වා එතුමා දෙන ඕනම දිනයක මම සූදානම් කියලා. මොකද මේ විවාදය ඉක්මනින් තියලා අවසන් කරගන්න ඕන. අපේ රටේ දේශපාලන සංවාදයක් මත කේන්ද්‍රවෙලා යන එකට අපි කැමති නැහැ. ඊට වඩා ලොකු ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලන්ට වාසියි මේක මුළු දේශපාලන සංවාදයකට කේන්ද්‍ර කරන්න. නමුත් අපි ඒකට සූදානම් නැහැ. අපට ඕන මේක අවසන් කර ගන්න. ඒ නිසා තමයි අද මං මෙතෙන්ට ආවේ. ඒගොල්ලන්ගෙ පැත්තෙන් කියන්න පුළුවන් මේක ආණ්ඩුවේ නාළිකාවක්. ස්වාධීන නැහැ කියලා. ඔව් මේක ආණ්ඩුවේ නාළිකාවක්; ස්වාධීන නැති බවත් මං දන්නවා. මං මෙතෙන්ට එන්නේ අවුරුදු තුනකට විතර පස්සේ. ස්වාධීන නම් එහෙම වෙන්නෙ නැහැනෙ. මොකද අපි මේ රටේ පිළිගත් දේශපාලන පක්ෂයක්.
මේක තියන එක ගැන ආණ්ඩුවටත් උවමනාවක් තියෙන්න ඇති. ඒකත් මට තේරෙනවා. මොකද දෙන්නා ගෙනැල්ලා කියන දෙවල්වලින් වාසි ලබාගන්න. ඒත් ප්‍රශ්නයක් නැහැ. දේශපාලනය තුළ අනෙකාගේ වාසිය මොකක්ද කියන කාරණය මට අදාළ නැහැ. දේශපාලනයෙදි අපිට අපේ කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා දැන් එයා නැහැනෙ. එනිසා අපි නැවත එතුමා ගැන මේ විවාදයේදී සාකච්ඡා කිරීම සාධාරණ නැහැ. මම නැතුව සජිත් ප්‍රේමදාස තනියම හරි ගෙනැල්ල මෙතන සාකච්ඡාවක් කරන්න. තව තව දින නම් විවාදවලට අවශ්‍ය නැහැ. තව මොහොතකින් හරි එතුමට එන්න කියන්න. ඕන වෙලාවක් වෙනකම් මම ඉන්නම්. එතුමා මෙතෙන්ට එනව නම් එළිවෙනකම් හරි මම ඉන්නම්. එතුමා වැඩවලින් නිදහස් වෙන්නෙ පාන්දර නම් ඒත් මම ඉන්නම්. මොකද එතුමා නොනිදන නායකයෙක් කියලා තිබ්බා මං දැක්කා. මම නම් හොඳට නිදා ගන්න කෙනෙක්. කොහොම වුණත් මම කැමතියි මේක මෙතනින් අවසන් කරන්න.
රසික කොටුදුරගේ