යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වීමත් සමඟ පාතාල ක්‍රියාකාරින් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට යන-එන මං නැතිවීම නිසා මේ වන විට එවැනි අපරාධකාරයන් බොහෝ දෙනකු රටින් පලාගොස් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පැවැසීය.
හඳුනාගත් එවැනි අපරාධකාරයන් 165 දෙනෙකුට එරෙහිව රතු නිවේදන නිකුත්කර ඇතැයි ඒ අතර මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ සංවිධානාත්මක අපරාධකාරයන් 47 දෙනෙක් සම්බන්ධවද රතු නිවේදන නිකුත්කර ඇතැයි කී නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව තවදුරටත් එවැනි මත්ද්‍රව්‍ය ජාවාරම්හි නිරත වන පුද්ගලයන් ගැන සිදු කරන විමර්ශන සහ බුද්ධි තොරතුරු ඔස්සේ ලබාගන්නා තොරතුර මඟින් හඳුනා ගනිමින් එවැනි පුද්ගලයන්ට එරෙහිවද රතු නිවේදන කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කරන බවද හෙතෙම පැවැසීය.
අමිල මලවිසූරිය