897
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මඟින් විකාශය කරන පෝදා වැඩසටහන මෙවර පොසොන් පුන් පෝදා (21) අනුරපුර ඓතිහාසික අභයගිරිය මහා විහාරයේදී පැවැත්වෙන බව රූපවාහිනී සංස්ථාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ පැවසීය.
අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන මෙවර පොසොන් උත්සවයට සහභාගි වන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව අනුරාධපුර පොසොන් උත්සවය සහභාගී වන බැතිමතුන්ට අවශ්‍ය ගමන් පහසුකම් සැපයීමේ සැලසුම් මේ වන විට සකස් කරමින් පවතියි.