වසර 80කට වැඩි ඉතිහාසයක් ඇති දේශීය ළදරු නිෂ්පාදන සන්නාමය වන Velona Cuddles, මධ්‍යසාරවලින් තොර pH අගය 5.5 වන ළදරු රැකවරණ නිෂ්පාදන පෙළක් පසුගියදා හඳුන්වා දුන්නේය.
මෙම නව ළදරු නිෂ්පාදන පෙළ වසර 3ක දැඩි පර්යේෂණ සහ සංවර්ධනයන් හි ප්‍රතිඵලයකි. මෙම මුළු නිෂ්පාදන පෙළම sulphate, paraben සහ වෙනත් හානිකර රසායනික ද්‍රව්‍යවලින් ද තොර ය.
මේ පිළිබඳ Velona සමූහ ව්‍යාපාරයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ගිහාන් ද සොයිසා පැවසුවේ, “Velona Cuddles නිෂ්පාදන ළදරුවන් සඳහා ආරක්ෂිත මෙන්ම සුවපහසු බවෙන් සමන්විත බවට සහතික වන්නෙමු.
එබැවින් රසායනික ද්‍රව්‍යවලින්, විශේෂයෙන් මධ්‍යසාර මගින් සිදුවිය හැකි සම වියළීම, සමේ ස්වාභාවික තෙල් ගතිය ඉවත් වීම සහ වේදනාකාරී කුෂ්ට ආදිය ඇති වීමේ කිසිදු අවස්ථාවකට Velona නිෂ්පාදන භාවිත කරන ළදරුවන් මුහුණ නොදෙන බව සහතික ය…”
Velona Cuddles හි මෙම නවමු ප්‍රවේශය ඔස්සේ, Velona සමාගමට ජාතික සහ ජාත්‍යන්තර සම්මාන සහ ඇගයීම් රාශියක් ද ලැබී තිබේ. ඒ අතරට, ACEF Asian Leader Forum සහ Awards හි හොඳම Eco Focused Organization – FMCG, සහ Best Eco Product – FMCG සඳහා වූ සම්මාන ඇතුළත් ය.