ඉන්දියාවේ තෙලන්ඟනා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නුවර පිහිටි ආචාර්ය එම්.සී.ආර්. මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් ශ්‍රි ලංකා මාධ්‍යවේදීන් සහ මාධ්‍ය වෘත්තිකයන් සඳහා පවත්වනු ලබන මාධ්‍ය කළමනාකරණය පිළිබඳ සති දෙකක පුහුණු වැඩසටහන පසුගිය ජුනි 24 දින ආරම්භ විය. ඉන්දීය තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතා (ITEC) වැඩසටහන යටතේ ඉන්දීය රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අනුග්‍රහය දක්වන ලද මෙම වැඩසටහනට මෙරට මාධ්‍යවේදීන් සහ මාධ්‍ය වෘත්තිකයින් 30 දෙනකු සහභාගි වෙති.
තෙලන්ඟනා රජයේ ප්‍රධාන ලේකම් සහ ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ශෂාන්ක් ගොයෙල් වැඩසටහනේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. මාධ්‍ය වෘත්තිකයන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන අතර ජනතාවගේ හඬ බවට පත් වෙමින්, පාලනයේ විනිවිදභාවය ප්‍රවර්ධනය කරන බවත් ආචාර්ය ගොයෙල් උත්සවය අමතමින් පැවසීය.
මාධ්‍යකරණය සහ මාධ්‍ය සබඳතා යනු හුදු වෘත්තීන් නොව ඒවා ප්රජාතන්ත්රවාදී සමාජවල නැතුවම බැරි කුලුනු බවත් සමාජ මාධ්‍ය , එහි විශ්මයජනක වේගය මඟින් ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත පෙර නොවූ විරූ ප්‍රවේශයක් සහිතව, මාධ්‍ය පරිසරය පරිවර්තනය කර ඇති බවත් ආචාර්ය ශෂාන්ක් ගොයෙල් ප්‍රකාශ කළේය. ඊට අමතරව, කෘත්‍රිම බුද්ධිය ප්රවෘත්ති ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් සිදු කරන බවත් වේගයෙන් වර්ධනය වන මෙම භූ දර්ශනය තුළ, මාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍ය වෘත්තිකයන්ගේ භූමිකාව වෙන කවරදාටත් වඩා තීරණාත්මක වන අතර මාධ්‍ය වෘත්තිකයන් නවතම නිපුණතා සහ දැනුම සමඟින් සන්නද්ධ කිරීම කාලීන අවශ්‍යතාවක් බවත් පෙන්වා දුන්නේය.
නැඟී එන තාක්ෂණයන්, කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල් සහ සමාජ මාධ්‍ය වැනි සමකාලීන තේමා යටතේ පැවැත්වෙන පුහුණු සැසි ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍ය වෘත්තිකයන්ගේ කුසලතා පැතිකඩ තවදුරටත් පොහොසත් කිරීමට සහ විවිධාංගීකරණය කිරීමට බෙහෙවින් ඉවහල් වන බවත් මෙම සැසිවල අරමුණ වන්නේ, ශීඝ්‍රයෙන් වෙනස් වන මාධ්‍ය වාතාවරණයක් තුළ ඒවා අදාළ, තරගකාරී සහ ඵලදායී ලෙස අඛණ්ඩව පැවතීම සහතික කිරීම බවත් ආචාර්ය ගොයෙල් සඳහන් කළේය.
මෙම පුහුණු වැඩසටහනේ පාඨමාලා අධ්යක්ෂ සහ ප්‍රධානී ලෙස ආචාර්ය මාධවී රවුලපති පුහුණු වැඩසටහනේ සුවිශේෂි ලක්ෂණ පිළිබඳ විස්තර කළාය. ජ්‍යෙෂ්ඨ අධ්‍යයන උපදේශක මහාචාර්ය අබ්බාස් අලිද උත්සවයට සහභාගි විය.