හෝමාගම පුරාණ විහාරස්ථානය ජාතික ආගමික හා සංස්කෘතික පුනර්ජීවනයක් උදා කරන හෝමාගම කෝරලේ පිහිටි පැරණි විහාරස්ථානයකි. 1960 වර්ෂයේ ආරම්භ කළ පොසොන් මහා පෙරහර ඉකුත් ජූනි 29 වැනිදා වීදි සංචාරය කළේ 60 වැනි වරටය.
හෝමාගම පුරාණ විහාරාධිපති හේවාගම් කෝරලයේ ප්‍රධාන සංඝනායක හෝමාගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක (පිරිවෙන්) මාදෝවිට වජිර බුද්ධි නාහිමියන්ගේ අනුශාසනා පරිදි හෝමාගම පුරාණ විහාරස්ථ ශ්‍රී මහින්දෝත්සව සමිතිය සංවිධානය කරන මෙම මහා පෙරහරට විහාරස්ථ විශාඛා කුළඟන සමිතිය, දායක මහා සභාව, සිරි සීවලී දහම් පාසල යන ආයතන සෘජුවම දායකත්වය පැපයුවේය.
මෙම පෙරහර සඳහා හෝමාගම ප්‍රාදේශීය සභාව විශාල අනුග්‍රහයක් දක්වන අතර හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හේවාගම් කෝරලේ මෙම සංස්කෘතික උදානය රැකබලා පෝෂණය කිරීමට දායකත්වය ලබාදෙන ලදී. හෝමාගම පුරාණ විහාරස්ථානයට කවදත් අතහිත දෙන හෝමාගම ව්‍යාපාරික ප්‍රජාව මෙම පොසොන් මහා පෙරහර සාර්ථක කර ගැනීමට දක්වන උනන්දුව අමිල වේ.
මංගල හස්තිරාජයා පිට සධාතුක කරඬුව වැඩම කර මහා මහේන්ද්‍ර ප්‍රතිමාව ද වැඩම කරවීමද මෙම පෙරහරේ විශේෂ අංග ලක්ෂණයක් වේ. උඩරට, පහතරට, සබරගමු නැටුම් පනහක් දිසා පළාත් ධජ පතාක, අලි ඇතුන් තිහක්, වෙනත් නර්තන අංග, දහම් පාසල් ගුරු ශිෂ්‍ය දෙපාර්ශ්වයේ නැටුම්, ගැයුම්, භක්ති ගීත රථ, ලී කෙළි, ගිනි කෙළි, වන්නම්, බොරු කකුල්, කස ඇතුළු සම්ප්‍රදායික හා සම්ප්‍රදායික නොවන ජන නැටුම් රැසකින් සමන්විතය.
අපේ බෞද්ධ සංස්කෘතියේ හරය ඉස්මතු වන ලෙසින් අපේ ජාතික සහ ආගමික අනන්‍යතාව ඉස්මතු වන ලෙස ප්‍රෞඪ හා අභිමාන ලෙසින් පැවැත්වෙන මෙම පෙරහැර වසර ගණනාවක් තිස්සේ සාර්ථකව පැවැත්වීමට නාහිමියන්ගෙන් ලැබෙන අනුශාසත්වය මෙන්ම ගුරුහරිකම් පැසසිය යුතුමය. මහින්දෝත්සව සමිතියේ නිසි මඟ පෙන්වීමෙන් මංගල හස්තිරාජයා පිට සධාතුක කරඬුව වැඩම කරවන අතර මහා මහේන්ද්‍ර ප්‍රතිමාව ද වැඩම කරවීම ද මෙම පෙරහරේ විශේෂ අංග අතර වේ. අලි ඇතුන් පහළොවක්, වෙනත් නර්තන අංග, දහම් පාසල් ගුරු ශිෂ්‍ය දෙපාර්ශවයේ නැටුම්, ගැයුම්, සම්ප්‍රදායික හා සම්ප්‍රදායික නොවන ජන නැටුම් රැසකින් සමන්විතය. ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇතුළු ආරාධිතයන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පෙරහැර පැවැත්විණි.
කොට්ටාව - ප්‍රදීප් කුමාර