ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ සංකල්පයකට අනුව සංවිධානය කෙරුණු “EV MOTOR SHOW 2024” විදත් මෝටර් රථ ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක ශාලා පරිශ්‍රයේදී අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය 28 වැනිදා සිකුරාදා ආරම්භ විය.
තෙදිනක් පුරා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට දේශීය සහ විදේශීය විදත් මෝටර් රථ එකලස් කිරීම, නිෂ්පාදනය සහ අමතර කොටස් නිෂ්පාදනය සහ අලෙවියේ නිරත කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්, ආයෝජකයන්, නව නිර්මාණකරුවන් අතිවිශාල ප්‍රමාණයක් සිය නිර්මාණ ඉදිරිපත් කර තිබේ. ආරම්භක අවස්ථාවට සහභාගි වූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ , ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් රංජිත් රූබසිංහ ඇතුළු ආරාධිතයන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටි අයුරු මෙහි දැක්වේ.