මෙරට පළමු වරට බදුකරණය සහ මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ සමකාලීන ගැටලු විසඳීම සඳහා වූ බදු සංවාදයක් පසුගිය දා සාර්ථකව පවත්වන ලදි. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), මුදල් අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, මොරටුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා ජාතික නවෝත්පාදන ආයතනයේ එකමුතුවෙන් මෙය සංවිධානය විය. මෙම අවස්ථාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය සහභාගී විය.
මේ සඳහා ජාත්‍යන්තර බදු යුක්ත ජාලයේ (Tax Justice Network) ප්‍රධාන විධායක Alex Cobham, Public Digital UK ආයතනයේ උපාය මාර්ග සහ පර්යේෂණ අධ්‍යක්ෂ Lauren Kahn, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියා පැසිෆික් කලාපය සඳහා වන කලාපීය වැඩසටහන් බදුකරණය පිළිබඳ විශේෂඥ Sudarshan Kasthurirangan ඇතුළු විද්වතුන් රැසක් සහභාගී විය.