“මිහි මව රකින්නට තෙලි තුඩක් මවන රූ රටා” ලෙස නම් කළ නෙස්ලේ ලංකා හි සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගය, කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ අංශවල ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතිකපත් ප්රදානය කරමින් පසුගියදා අවසන් විය. මෙම වැඩසටහන සඳහා මේ වසරේ දිවයින පුරා පාසල් 800 කට අධික සංඛ්‍යාවක සිසුන් 400,000 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී විය. මෙම චිත්‍ර තරගය සඳහා දිවයින පුරා පාසල් නියෝජනය කරන සිසුන්ගෙන් 80,000 ක පිරිසක් සහභාගී විය.
මේ පිළිබඳ අදහස් දැක්වූ නෙස්ලේ ලංකා කළමනාකාර අධ්යක්ෂ බර්නි ස්ටෙෆාන් මහතා “පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන අපද්‍රව්‍යවලින් තොර අනාගතයක් නිර්මාණය කිරීමේ අපගේ ගමනේ වැදගත් මුල පිරීමකි.
මෙම ගමනේදී, අපගේ ප්ලාස්ටික් ඇසුරුම්වලින් 95%ක්ම 2025 සඳහා ප්‍රතිචක්‍රීකරණය සඳහා නිර්මාණය කර ඇති බව සහතික කිරීමේ අපගේ කැපවීම තුළ අපි ස්ථිරව සිටිමු…” යනුවෙන් පැවසීය.