නවග්‍රහ මණ්ඩලයේ ප්‍රමුඛයා රවි නොහොත් සූර්ය රාජයාය. රවි ග්‍රහ මණ්ඩලයේ පියා ලෙස ද හැඳින්වේ. රවීගෙන් උපත ලද ජන්මීන්ට ද හොඳ මෙන්ම නරක ප්‍රතිඵල ද ගෙන දේ.
රවිගේ මහ දශාව අසුබ වූ විට ඒ වකවානුව තුළ ධන විනාශය, නෑ හිත මිතුරන් අමනාප වීම, මහජන අප්‍රසාදයට ලක්වීම, දූ දරුවන් අකීකරුවීම, නොලැබීම, ශෝකය සහ කල කිරීම, උන්හිටි තැන් අහිමිවීම, දුකට පත්වීම, නිකරුණේ චෝදනා එල්ලවීම, බන්ධනාගාර ගතවීම, රැකියා අහිමිවීම, රැකියා ගැටලු, හදිසි අනතුරුවලට ලක්වීම, අකල් මරණවලට ගොදුරුවීම, කලකෝලහාලවලින් කැපුම්, කෙටුම් ආදිය සිදුවීම්, ඔප්පලවීම්, ශල්‍ය කර්මවලට මුහුණදීම, හඳුනාගත නොහැකි රෝග වැළඳීම, රෝග සුව නොවීම, විවාහ බාධා ඇතිවීම සහ කැඩී යාම, ප්‍රේත උවදුරු බලපෑම, භූත, අමනුෂ්‍ය දෝෂ ඇතිවී විවිධ දුක් කරදරවලට මුහුණපෑමට සිදුවේ.
•හිරුගේ විස්තර මේ ශ්ලෝකයෙන් පෙන්වා ඇත.
ශ්‍රීමත් නාරායනාධ්‍යප්‍රිය තම කමලාම්
ජාතවා ක්‍රිෂ්ණ වේදඃ ප්‍රාප්ත මස්ත්‍ර සේත්‍රඃ
ත්‍රී කටුක විලසාත් කුං කුමා භාග්‍ය මාන්‍යා
රත්තාං ගෞදිත්‍ය පුරතිතඃ හරිත හය යුතඃ
න්‍යානධනානු රූසුනුඃ සාල්මල් ලෙත්‍යාධ්‍යාන
භොගි දිසතුරු වීර සෞශබ්ද දීසඃ ශ්‍රියාන්වඃ
තවද සූර්ය දිව්‍යරාජයා පිළිබඳ ඓතිහාසික විස්තරයක් මෙසේ දක්වා ඇත.
ශිව දෙවියන්ගේ පියා නාරායන මහා සෘෂීන්ය. මෑණියෝ කමලා නම් කාන්තාවකි. ත්‍රිකුළු, කුංකුම භෝජන ද සිරිවත අවිය ද අශ්ව රථ වාහනය ද, ඉඳුරු දිශාව ද, ඉඹුල් විමන ද, පද්මරාග මැණිකක් ද කැති තුරුපල් තුරුසල නැකැත් තුන ද සිංහ රාශිය ද, රන්වන් පාට ද හිරුගේ උප යෝග වස්තූන් සහ උස මහත ද සත් අවුරුද්දක් වූ මහා දශාවද වශයෙන් හිරු අවතාරය ගැන එසේ විස්තර කර ඇත.
පෙර විසූ මහා රජවරු මහා අමාත්‍යවරු ප්‍රභූවරු, රවිගේ මහදශාව තුළ ඇතිවන සියලු අපල උවදුරු දුරුකර ඔවුන්ට සෙත ලබා ගැනීම සඳහා මෙම සූර්ය දේව වරප්‍රසාද ලෝක වශී යන්ත්‍රය පැලඳ කේසර රජකු මෙන් ජයලබා යහපත උදාකර ගත් බව මන්ත්‍ර වේදයේ ප්‍රකාශිතයි.
මෙම යන්ත්‍රය රන්, රිදී තඹපතක අඟල් 2 පළල අඟල් 7 ප්‍රමාණය දිගට ගෙන පුර පක්ෂයේ රවි දිනක රවි හෝරාව තුළදී ඇඳ ඖෂධ වර්ග සඳහා කස්තුරි, ගෝරෝචන, සූර්ය කාන්ත පස්පංගුව, නෙළුම් ඇට, රේණු, අල එල කටරොළු මල් ඇට මුල් ත්‍රෛලොක්‍ය විජයපත්‍ර, මෝහනී ලිංග, උණ කපුරු, ඉඹුල් මල් හා මැලියම්, පොතු හඳුන් තෙලින් සහ රන් තැඹිලි තෙලින් අඹරා යන්ත්‍රය මැද තබා පංචෝපාකාර මල් තටුව හදා එහි තබා මෙම ස්ත්‍රෝත්‍රයෙන් (44) වර ජපකර ගන්න.
•ස්ත්‍රෝත්‍රය
ඕං ඉන්ද්‍රයාම දිසිභාන දේව ප්‍රෝගම්
පත්මරාග රත්න කලසම් ප්‍රියාන්තම්
හේව මමුස් මින් සුභමං දිෂ්ටිතා භවන්තු
ඕං සුරියාසුං ප්‍රියාන්ත්‍ර වරදෝ භවන්තු
කුංකුම ප්‍රියාය නාරායණී නන්දාය නමඃ ජපාකුසුම
සංඛා සංකාශ්‍යපේයං මහත් දිසුතිං තමොරං සර්ඤා
පාපන්නං පුනතෝස් මිදිමා තරං උවිග්ග චිත්තවරී
වොදිත චින්ත නාසා ක්ලේෂා පුවා ගගද පිය්‍යභයා
නිතස්‍ය සංඛ්ෂානි ත්‍රස්තජන භාතො දර්දශාම
හජති තිස්වය මාපදස්ම
•ජප මන්ත්‍රය :-
ඕං නමඃ සුර්ය දිව්‍ය රාජාය නමඃ ඕං සුර්ය
මණ්ඩලාය නමඃ ඕං පූර්ව සුර්යාය නමඃ ඕං හස්ථපුට
සුර්යාය නමඃ ඕං මහා කාර්යය වසංකරායා නමඃ
ඕං මහා දේව වසංකරාය නමඃ මහා යක්ෂ යක්ෂණී
වසංකරාය නමඃ සර්ව ස්ත්‍රී පුරුෂ වසංකරාය නමඃ
සර්වජන වසංකරාය නමඃ සර්ව මෘග වසංකරාය
නමඃ සර්ව කාර්ය සිද්ධන්තු මහා සූර්ය මණ්ඩල
සත්‍යානු භාවේන (තමන්ගේ නම කියන්න) ගේ ජීවිත
ආරක්ෂන්තු කුරු කුරු ඒස්වාහඃ (1008) වරක්
මෙය ඇතුන් මැදට පැමිණි කේසර සිංහ රජකු මෙන් ජන සමාජයේ තේජාන්විතව බැබළෙන තරඟයෙන් ජය අත්වන, නඩු ජය ලබන, රවිගේ මාරක සහ තදබල අපල දුරලන, තම අභිමත සිද්ධ වෙන, මරවේද මාරක ළං නොවන, තම ආරක්ෂාවට, වෙළඳ ව්‍යාපාර දියුණුවට සතුරු මර්දනයට, දුටුවන් ප්‍රියවීමට, විවාහ ප්‍රමාද අයට ඉක්මන් විවාහ ඇතිවීමට, රැකියා දියුණුවට හා ලැබීමට, ශ්‍රියාවට, යක්ෂ, භූත, ප්‍රේතයින්ට ගිනි දලු මෙන් පෙනෙන තමාට මොහොතින් සිද්ධිය වෙන යන්ත්‍ර රත්නයකි.
ජ්‍යොතිෂ විද්‍යා ජෝති රඹුක්කන ජිනදාස එදිරිසිංහ