Home » කවි සිළුමිණ

කවි සිළුමිණ

by Mahesh Lakehouse
July 13, 2024 12:30 am 0 comment

කඳුළ

සරා සඳ විම­සනා මා නුවන්
අඹරේ නිශා­වෙහි
තිත් අඳුරු
සන්තාප හමු වේ
සඳ එළිය සිර­ග­තව
මහ මේඝ සිරගේ
වළප්නා තරු නෙතඟ
කඳුළ මට හමු වේ

චමින්ද රොෂාන්


පාර මතක නම් එන්න

ඉඳින් මම අහන්නේ
කාගෙන් ද ඔබේ තතු
හමන මඳ සුළ­ඟ­වත්
ගතේ එතුනාට මොන­වත් කීවේ නැහැ
දුකින් වාගෙ පාවෙලා ගියා මිස
සියො­තුන් ගෙ කිචි බිචිය
මොනවා හෝ කීවා තමයි
ඒත් මට තේරුණේ නැහැ
බලා හිටියා පමණි ඒ දෙස
වැහි කෝඩෙ අහස ගුගු­රනා හඬ
විදුලි රේඛා ඇඳී ගිය මොහො­තක
බලා හිටියා සඳ නැහැ පෙනෙ­න්නට
තරු පාර නොකී­වද මන්දා ඔබට
ගෙවී ගොස් දින ගණ­නක්ම
එත්, නැහැ දකි­න්නට
හදා ගන්නේ හිත කොහොම මම
ඔබ ගොසිනි නොකි­යාම
ආයෙ­මත් නොඑ­න්නම
ආයෙ කවදා හරි මත­කයේ තියේ­විද
පාර තියෙ­නවා ඒ විදි­ය­ටම

පර­ග­ස්තොට – කමලා ධර්ම­ලතා ජය­සු­රිය


ජීවි­ත­යට ළෙන්ගතු වූ පරි­ස­ර­යට

ගහක මල් පිපු­ණාම සුව­ඳයි සුවඳ දෙන මල් නම්
පියා­ඹන නිල් අහස ගිර­වුන් මාල බැඳ ඇති නම්
සුන්ද­රයි කඳු වළ­ල්ලම එහි එතුණු විට මිහි­දුම්
දිලෙයි සඳ රැස් වඩින තුරු තරු මල්ව­ලට බැඳ පෙම්
ලස්ස­නයි මුදු සීත නළ­වැල් කරන විට දඟ­කම්
සංසාර සාගරේ රළ රැලි නැඟෙන විට මන­රම්
කවි­ය­කට ගෙන මිහි­ලි­යගෙ තුනු සපුවෙ මල් ලිය­කම්
රහස් පව­සනු ඇත ගලන ගඟු­ල­කට දී සිතු­වම්
නඟන තුරු­පත් හඬද සංගී­ත­යකි මුදු නලට
සිනිදු මල් පෙති මත රඟයි සිත් සතුට ඇති එමට
පුංචි හස­රැලි පියා සලනා අහස තෙක් උසට
හත් වළලු සිඳ බිංදු මල් වැසි දොවයි සිත් කෙතට

වේර­පොල – දයා වන්නි­නා­යක


පුංචි අට­ප­ට්ටම් කූඩුවේ

සතර සම­ච­තු­රශ්‍ර චතු­රාර්ය සත්‍ය ලෙසින්
ත්‍රිකෝණ අටෙන් පෙන්වයි අරි­අට දහම
සංසාරේ ලෙසින් දිස්වෙයි පවනේ ලෙලෙන රැලී
උඩ යට බවින් හැඟවේ ඉප­දුම සහ මරණේ
ඉප­දෙන මැරෙන මේ දිවි කතරේ අරුමේ
ඔබ අප කරයි නිත­රම ජීවිත තරගේ
දැන නොදැන කරනා පින පව මේ දිවි සසරේ
රිය සක ලෙස කැරකී එයි දිවි චක්කරේ
පමා නොවී මේ පින් හැම රැස් කර­ගන්නේ
කුසීත සිතින් අහ­කට වී මඳ­කට නැගි­ටින්නේ
කුස­ලට පින­කට ඇයි ඔබ කම්මැළි වන්නේ
කල­කින් නොවේද මිනි­සත් බව ලැබ ගන්නේ

මාතර – දුලාං­ජලී නිශ්ශංක


වරෙක ඈ….

නොසැ­ලෙන ගැහැ­නි­යකි …….
කනපිට පෙර­ළුණෙ ඇයි අපෙ ජීවිතෙ
සොය­නව මා ලෙඩ ඇඳේ ඉඳන්
ගත වෙව්ල­නවා සිත නළි­යයි මගෙ
දා බිඳු වැගි­රෙයි ඉහින් කනින්
මියැ­දුණ පණ නල නෙත්හැර බැලුවා
ඉව­සී­මෙන් ඔබ කැප­වෙනා දැක මාගෙ නමින්
පෙම්සුව තැවරු රුවන් මාළිගෙ හයි­යට සාදමු
නොබි­දෙ­න්නට නම් ඇසුරු සැණින්
සුර­තල් දිය­ණිය, මාව බදා­ගෙන පිය මං කර­නව
බලා හිඳී ඔබ පෙගුණ නෙතින්
රන්කඳ මාගෙ රැක ගත්තා යැයි කෑමොර දෙයි
ඔබ උහුලා ගනු­බැරි සතුටු සිතින්
ආත්ම ගණ­නක දුක සැප විඳ විඳ සිටියා
ඇති මගෙ බිරිඳ වෙමින්
මතු­වට වෙන්නකො වැදු අම්මාවී
ඔබේම මව් කිරි සුවඳ අරන්

රත්දො­ළු­ගම – සනන් උක්වත්ත


ගුරු සිත

වෑරුණු දෙපා
සොල­ව­න්නට තාන­මට
වේ වැල් කෝටු
අර­ග­න්නට බෑ අතට
ගල්කැට අතර
හමු­වෙයි නිය­පොතු සුමට
ඇල්මෙන් අකුරු
උග­නි­න්නට බෑ නුඹට
සිව් සිය ගණන්
දුර යන්නට නග­ර­යට
දුම්රිය මැදිරි
පහු වෙනවා එක පෙළට
පොප්ල­ර­යෙනි ඉතින්
එනවා මම අයි­ල­යට
අල්ති­නායි ! ඔබ යා යුතු
ලෝක­යට

මතු­ගම – නයෝමි අම­ර­සිංහ


තවත් ගහැ­නි­යක්

කුඩා පුතු ඇකයේ හොවා
පදික වීදියේ කොණක
අත පෑවේ කුස­ගින්න
උහු­ලන්න බැරිම තැන
ඇතැ­මුන්ගේ පරුස බස්
ඇතැ­මුන්ගේ සම­ච්චල්
අවු­ළු­වයි සිතේ ගිනි
කුස­ගි­න්න­ටත් වැඩිය
අසමි මම මගේ සිතින්
සිය දහස් වාර­යක්
ජීවි­තය වැර­දුණේ
යදි­න්නි­ය­කට පම­ණ­මද ?

මාලතී රූපිකා පුංචි­හේවා


යහ­ම­ඟට

සෙනෙ­හස ආද­රය දරු­වන් හට දුන්නා
තුටු­වෙයි ඒගැන වන­මල් හස­රැලි පෙන්නා
ගෙදර බුදුන් යන නම ගෙන වැඩ ඉන්නා
නම දිමු හද­ව­තින් අපි මව්පිය දෙන්නා
මිණි මුතු වලින් බැහැ වටි­නා­කම දෙන්ට
මේ ගුණ සුවඳ නැහැ මිල මුද­ලට ගන්ට
දෙන අව­වාද නිසි පිළි­වෙ­ළ­කට ඉන්ට
දැක්විය යුතුය ගෞරව වැඩි­හි­ටි­යන්ට
ක්‍රෝධය රකු­සෙක්ය මන­සට ඇතුළු වන
දරු­ණුයි නැසිය හැක යම් කිසි­ව­කුගෙ පණ
රැක­ගෙන ඉව­සීම කරුණා දැහැමි ගුණ
වළ­කමු ක්‍රෝධ රකුසා දුක වෙහෙස දෙන

කුරු­ඳු­කු­ඹුරේ – නන්ද­සිරි


පරි­ස­රය සුර­කිමු!

පිවි­තුරු අනගි පරි­ස­ර­යක් ඇති කරමු
ලෙඩ දෙන මදුරු උව­දුරු නිති දුරු කරමු
පරි­සර දිනය දින දින ඔප­වත් කරමු
කවු­රුත් එක­මු­තුව රට ජාතිය නඟමු
ඔබගේ ගෙයි පැලේ පාරේ හා වත්තේ
ලෙඩ දෙන මදු­රු­වන් හා මැස්සන් රොත්තේ
විෂ දළ නිසා දැය­කට සිදු­වන තත්තේ
තේරුම් අරන් නිසි පිළි­යම් කළ යුත්තේ
තැන­කින් ඩෙංගු උණ තැන­කින් කොළ­රාව
යන පණි­වි­ඩය දසතේ දෙයි ප්‍රති­රාව
මේ ගැන සිත­න්නට දැන් හොඳ වේලාව
සිඳ­ලමු මදුරු බෝවන දිය සීරාව

පාන­දුර – වඳු­ර­න්මුල්ල වත්තේ ලය­නල් ජය­ලත්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division