සමාජ මාධ්‍යය ඔස්සේ අතිශය ජනප්‍රිය වු සාරංග දිසාසේකර, රෙබේකා දිල්රුක්ෂි රංගනයෙන් දායක වු “There is a body” වෙබ් කතා මාලාව තිර රචනය සිදු කළ සහ පසුව දිනක්ෂී ප්‍රියසාද්, ප්‍රසන්න දැකුම්පිටිය රංගනයෙන් දායක වු “එකවහළක් යට / Under one roof” වෙබ් කතා මාලාවේ තිර රචනය හා අධ්‍යක්ෂණය සිදු කළ අනුෂ්ක රසාංජන ද සිල්වා තමයි මේ දිනවල කාගේත් දැඩි කතාබහට ලක්ව තිබෙන “Take Care” තිර රචනය හා අධ්‍යක්ෂණය සිදු කරන්නේ. මෑත කාලයේ රූප තිරයට ආ Take Care වෙත ලැබෙන ප්‍රතිචාර නම් විවිධාකාරයි. ඒ හැම ප්‍රතිචාරයක්ම දරාගෙන නිර්මාණයේ කිසිදු වෙනසක් නොකර සිය නිර්මාණ කාර්ය ඉදිරියටම කරගෙන යන තරුණ අධ්යක්ෂවරයෙක් වන අනුෂ්ක රසාංජන ද සිල්වා සමඟ රසඳුන අපි කතා බහ කළා
Take Care විවිධ මත අදහස් ලැබෙන නිර්මාණයක්. ඔබයි මෙහි නිර්මාණකරුවා. ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
හොඳ සහ නරක ප්‍රතිචාර මටත් ලැබෙනවා. මට ඒ ගැන සතුටුයි. හේතුව සෑහෙන කාලයකින් නිර්මාණයකට මේ විදියේ කතාබහක් ඇතිවෙලා තියෙන්නේ. සමාජ මාධ්‍ය තුළින් ටෙලි නිර්මාණයකට මෙවැනි ප්‍රතිචාර ලැබීම මම දකින්නේ හොඳ ප්‍රවණතාවක් විදියට. ඒ නිසා හොඳ වුණත් නරක වුණත් මේ ඇතිව තියෙන කතා බහ ගැන සතුටුයි.
*මීට පෙර ඔබ ලියූ There is a body සහ එකවහළක් යට කියන වෙබ් කතා මාලාවන් තුළ තිබ්බෙත් කුටුම්බයක් තුළ ඇතිවන ප්‍රශ්න. Take Care හරහා ඔබ රූපවාහිනියට අරගෙන එන්නෙත් එවැනිම කතා තේමාවක්.
ඇයි මේ කුටුම්බ තුළ තියෙන ප්‍රශ්නම ගැටලුම නිර්මාණවලට අරන් එන්නේ?
ඒකට හේතුව මේකයි කියන්න විශේෂ හේතුවක් නැහැ. මම පෞද්ගලිකව මේ වගේ තේමාවන් ගැන කතා කරන්න කැමතියි. ඒ ඇයි කියන්න මමවත් දන්නේ නැහැ. සමාජය ඇතුළේ එදිනෙදා සිද්ධ වෙන. අහන දකින්න, දේවල් තමයි පවුල් ප්‍රශ්න කියන්නේ. ඒත් ඒ දේවල් කලා නිර්මාණ තුළින් කතා කරනවා හරිම අඩුයි. හැබැයි ඉස්සර අපේ කලා නිර්මාණ දිහා බැලුවොත් සුරබිදෙන, හංස විලක්, දුහුළු මලක් වගේ නිර්මාණ තුළින් මේ වගේ කතා එළියට ආවා. නමුත් මෑත කාලයේ නිර්මාණවල අපි දකින්නේ ෆැන්ටසි එක. ඒ නිසා යථාර්ථයේ සහ සමාජයේ සිද්ධ වෙන දේවල් දකිනවා ඇත්තටම අඩුයි. ඒ නිසා මට පෞද්ගලිකව ආසාවක් තියෙනවා ඒ දේවල් නිර්මාණවලින් එළියට අරන් එන්න.
ඔබේ පෙර නිර්මාණ වෙබ් නිර්මාණ වීම නිසා Take Care හරහා තරම් ඔබව සමාජගත වුණේ නැහැ. දැන් හැමෝම, ඔබ කවුද කියලා හොයනවා. ඇත්තටම අනුෂ්ක රසාංජන කියන්නේ කවුද?
මම නිර්මාණකරුවෙක් වෙන්නේ පාසලෙන් ලැබුණු ආභාසය මත. මම හය වසරේ සිට උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබන්නේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයෙන්. එතකොට ඒ පාසල කියන්නේ කලාගාරයක්. තිස්ස ගුණවර්ධන ශුරීන්ගේ නාට්‍ය අපි පොඩි කාලේ ඉඳන් දකිනවා. ඊට පස්සේ ජගත් චමිල, කාංචන කොඩිතුවක්කු වගේ අය වේදිකාව ඇතුළේ කළ කි දේ දැකලා මටත් ආසාවක් ඇති වුණේ. හැබැයි මම උසස් පෙළ කරන්නේ ගණිත අංශයෙන්. එතැනින් පස්සේ රැකියාවක් කළා. ඔය කාලය තුළ සිනමාව සහ නිර්මාණකරණය ගැන මම තනියම අධ්‍යයනය කළා ගැන. ඒ වෙද්දී මට තේරුණා මම ආස දේ මේක කියන එක. ඒ නිසා එතැනින් එළියට ඇවිත් මේ පැත්ත තෝරාගන්න හිතුවා.
වෘත්තියක් අතහැරලා කලාව තෝරා ගනිද්දී ගෙදරින් විරෝධයක් එල්ල වුණේ නැද්ද?
ගෙදරින් මට නීති දාලා තිබ්බේ නැහැ. මම හොඳ වැටුපක් ලැබෙන රැකියාවක් නතර කරලා කලාවට ආවේ. ඒ මුල් කාලේ නම් මම මොකක්ද මේ කරන්න යන්නේ කියන කුතුහලය තිබුණා. මොනාලිසා මගේ පළමු කෙටි චිත්‍රපටය. ඊට පස්සේ මම තිර රචනා කළා There is a body වෙබ් කතා මාලාව. එතැනින් පස්සේ එක වහලක් යට තිර රචනා කරලා අධ්‍යක්ෂණය කළා. දැන් “Take Care” තිර රචනා කරලා අධ්‍යක්ෂණය කරනවා. දැන් මගේ නිර්මාණ බලලා මිනිසුන් ඒ ගැන කතා කරද්දී එයාලටත් සතුටුයි. ඒ නිසා උපරිම සහයෝගය ලැබෙනවා.
තිර රචනය සහ අධ්‍යක්ෂණය යන දෙඅංශයම කොහොමද එකවර ගොඩනඟා ගත්තේ
මම පාසලේදී සෞන්දර්ය විෂයට කළේ චිත්‍ර කලාව. මම ඒ කාලේ හිටියේ පාසලේ නේවාසිකාගාරයේ. නාට්‍යය තිර රචනය කරලා ළමයි දාලා නාට්‍යය අධ්‍යක්ෂණය කළා. පොඩි කාලේ ඉඳන් මම පොත් ලියන්න ආසයි. පොත් කියවන්න ආසයි. ඒවත් එක්ක මම ලියන එක කෙටි චිත්‍රපට හරහා මිනිසුන්ට සමීප වුණා. ගොඩක් අය කියන්න ගත්තා මම ලියන එකේ පොඩි රහක් තියෙනවා කියලා. ඊට පස්සේ මටත් දැනෙන්න ගත්තා මම ලියන දේ තුළ පොඩි හෝ දෙයක් තියෙනවා කියලා. ඊට පස්සේ මම මේ තිර රචනා කරන්න යොමු වුණා.
ඔබේ පෙර නිර්මාණවල හිටිය ශිල්පීන්ම තමයි Take Care හරහා අරගෙන එන්නේ, ඔවුන් කෙරෙහි ඔබ තැබූ විශ්වාසය කොහොමද ගොඩනැඟුණේ?
There is a body වෙබ් කතා මාලාව ජෝ දිසානායකගේ අධ්‍යක්ෂණයක්. එයා තමයි සාරංග සහ රෙබෙකාව සම්බන්ධ කර ගන්නේ. ඊට පස්සේ දෙවැනි නිර්මාණය මමම තිර රචනා කරලා අධ්‍යක්ෂණය කළේ. එතැනදී මම දිනක්ෂිව තෝරා ගත්තත් මට ලොකු විශ්වාසයක් තිබුණේ නැහැ එයාගෙන් ඒ චරිතයට ලොකු අවුට් පුට් එකක් එයි කියලා. නමුත් ඒ චරිතය ගොඩනැෙඟද්දී මම දිනක්ෂි අක්කාගෙන් දැක්කා එයාගේ රංගන පරාසය කොයි තරම්ද කියන එක. අනිත් එක රෙබෙකා ඒ වෙද්දී හරිම අන්ඩර් රේටඩ් කැරැක්ටර් එකක් වෙලා හිටියේ. හැබැයි දක්ෂතාව අතින් ඇය උපරිම උඩින් හිටියේ. මම ඒ දේත් දැනගෙන හිටියා. සාරංග අයියා කියන්නේ කොහොමත් සිනමාව පුංචි තිරය යන දෙකේම අති දක්ෂයෙක්. ඒ නිසා මට ඕනේ වුණා සාරංග අයියා එක්ක මේ දෙන්නව එළියට අරගෙන එන්න. ඒ එක්කම විශේෂයෙන්ම කියන්න ඕනේ එයාලා වැඩේ ඇතුළේ එයාලාට පුළුවන් උපරිමයෙන්ම කරනවා. ඒ සහයෝගය නැත්තම් මට මේක මේ විදියට කරන්න ලැබෙන්නේ නැහැ.
රූපවාහිනී තිරයක පවුලේ එකට බලන්න බැරි නිර්මාණයක් කරලා තියෙන්නේ කියන චෝදනාව කොහොමද භාර ගන්නේ
ඒක මෙහෙමයි. Take Care නිර්මාණය කරද්දී මම හිතුවේ තරුණයෙක් විදියට. එතකොට තරුණයෙක් විදියට මේ ලෝකයේ සිනමාව කලාව කියන දේ තුළ ඇතිවෙලා තියෙන දේවල් එක්ක යාවත්කාලීන වෙලා මම හිතන්නේ පතන්නේ. එතකොට මගේ නිර්මාණවල සීමාවක් තියාගෙන නැහැ. මම උත්සහ කරන්නේ සීමාවක් දා ගන්නේ නැතුව මට ඕනේ හැමදේම නිර්මාණ තුළට අරගෙන එන්න. ඉස්සරහටත් මම උත්සහ කරන්නේ රාමුවකට කොටු වෙන්නේ නැතුව මම පටන් ගත්ත විදියටම ඉස්සරහට යන්න. බලමු ඒක මොන විදියට සාර්ථක වෙයිද කියලා.
“Take Care” තව කොටස් කීයක් දිගහැරෙනවද?
ඔක්කොම කොටස් 28යි.
ඊළඟ නිර්මාණයත් මේ වෙද්දී හිතලද තියෙන්නේ?
ඔව්. මේ වෙද්දීත් සාරංග අයියා එක්ක කතා කරගෙන යනවා. එයාගේ ප්‍රඩක්ෂන් එකක් විදියට කරන්න.
අනුෂ්කගේ ඉලක්කය තියෙන්නේ රිදී තිරයට ඔබේම නිර්මාණයක් ගේන්න, එහෙම නේද?
අනිවාර්යෙන්ම.
ලංකාවේ දැන් තියෙන සිනමාවේ මොන කොටස ද මොන හිඩැසට ද ඔබේ නිර්මාණය කරන්නේ
මම හිතන්නේ 60 -70 තිබ්බට වඩා පසුකාලීනව සිනමාවේ ලොකු හිඩැසක් නිර්මාණය වෙලා තිබුණා. නමුත් දැන් දැන් නව නිර්මාණකරුවන් සහ අපේ ජ්‍යෙෂ්ඨ නිර්මාණකරුවන් කරන නිර්මාණත් එක්ක ඒ හිඩැස පිරවෙනවා. ඒ වුණත් ලෝක සිනමාව එක්ක බලද්දී අපි ඉන්නේ සෑහෙන පිටුපසින්. අපේ සිනමාව ඉන්දියානු සිනමාවට වඩා ඉස්සරහින් තිබුණ කාලයකුත් තිබ්බා. දැන් වෙද්දී පොඩියට පටන් ගත්ත මලයාලම් සිනමාවත් අපිට වඩා ඉදිරියට ඇවිත් තියෙන්නේ. ඒ නිසා අපිටත් පුළුවන් ඉදිරියට එන්න. මම හිතන්නේ මම සිනමාවට නිර්මාණයක් කළොත් මෙවැනිම සමාජ ප්‍රශ්න කතා කරන යථාර්ථය පිළිඹිබු කරන නිරමාණයක් වෙයි.
Take Care නරඹන ප්‍රේක්ෂකයින්ට කියන්න තියෙන්නේ මොකක්ද?
ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ බොහොම ස්තුතියි කියලා. මොකද හොඳ කියන්නෙත් නරක කියන්නෙත් නිර්මාණයක් බලන නිසානේ. ඒ නිසා ඒ බලලා දෙන කමෙන්ට් එක වටිනවා ඉස්සරහට යන්න.
අනුෂා රණසිංහ