නව පරපුරේ ගායිකාවක වන ඇය අර්චනා ආශාවරී පීරිස්. කොළඹ විශාකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඇය සංගීත ක්ෂේත්රයේ දිගු ගමනක් යන්නට පෙරුම් පුරන්නීය. මේ ඇගේ කතාවයි.
ගායනයට පසුබිම හැදුණේ කොහොමද?
මම පොඩි කාලෙ සිටම ගායනයට කැමැත්තක් තිබුණා. අම්මගෙයි තාත්තගෙයි ලොකු ආසාවක් තිබුණා මම ගායන ක්ෂේත්රයෙන් ඉදිරියට එනවා දකින්න. ඒ වගේම මගේ නැන්දා වන දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මිය ගීත ගායනා කරනවා මම නිතරම දකිනවා. මටත් ආශාව ඇති වුණා මේ ක්ෂේත්රයට පිවිසෙන්න.
නැන්දාගෙන් ලැබුණ ගුරුහරුකම් එක්ක තමයි මම ගායනයට පෙලඹුණේ. මට මුලින්ම ගායනයට අත්පොත් තැබුවෙත් මගේ නැන්දා. ඒ වගේම පාසලේ උත්සව අවස්ථාවලදී ගායනා ඉදිරිපත් කළා. සංගීත තරගවලට ඉදිරිපත් වුණා. ඒ වගේම පාසලේ සෑම අවුරුද්දකම පවත්වන “මියැසි විශාකා” ප්‍රසංගයේ මම ගීත ගායනය කරනවා. පාසලෙන් ඉවත් වුණාට පස්සෙ තමයි මම මගේම කියල ගීත කිහිපයක් නිර්මාණය කළේ.
සංගීතය පිළිබඳ අධ්‍යාපනික හැදෑරීම පිළිබඳව
මම සාමාන්‍ය පෙළ විභාගයට සංගීතය හැදෑරුවා. ඒ වගේම උසස් පෙළ විභාගයටත් මම කලා විෂය ධාරාවම තමයි කළේ. ඒකෙදිත් මම පෙරදිග සංගීතය ඉගෙන ගත්තා. උසස් පෙළ විභාගයෙන් පස්සෙ මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට තේරුණා. ඒකෙදි මම ව්‍යවහාරික සංගීතය සහ ජනසන්නිවේදන අධ්‍යන අංශයේ ඉගෙන ගත්තා. කොහොම වුණත් ගායිකාවක් ලෙස ඉදරියට එන්නයි මගෙ එකම ආසාව තියෙන්නේ.
මේ වන විට ඔබ ගැයූ ගීත ගැන කිව්වොත්?
මම මුලිම ගායනා කළේ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා විසින් සංගීතවත් කළ සුනිල් ආර්. ගමගේ මහතා පද රචනය කළ “චාරුලතා මා” කියන ගීතයයි. ඒ වගේම චූලානන්ද සමරනායක මහතා විසින් පද රචනය කළ නාලක අංජන කුමාර මහතා විසින් සංගීතවත් කළ “අලුත් ඇඳුමක්” කියන ගීතය මගේ දෙවැනි ගීතයයි. මීට අවුරුද්දකට පමණ කලින් කළා “රෝස පෙති මත” කියලා ගීතයක්. ඒ ගීතයත් පද රචනය කළේ චූලානන්ද සමරනායක මහතා සහ සංගීතය නිර්මාණය කළේ නවරත්න ගමගේ මහතා. තවත් ගීත කිහිපයක්ම ඉදිරියේදී ගායනා කරන්න සැලසුම් කරමින් ඉන්නේ.
ඔබගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
ඉදිරියට තවත් ගීත කිහිපයක් එළිදැක්වීමට බලාපොරොත්තු වෙනවා. ඒ හැරුණාම මගේ හිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි මගේ ගීත ඇතුළත් ප්‍රසංගයක් කරන එක. දැනට මා ගායනා කර ඇති ගීත ප්‍රමාණවත් නැහැ. ඉදිරියට හොඳ වගේම අර්ථවත් ගීත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
නෙත්මි පූජනී රත්නායක