Home » විදුලි වර්ජකයන් වෙනුවෙන් නඩුවලට පෙනී ඉන්න ජවිපෙ නීතිඥයා ලක්ෂ 55ක් අරන්

විදුලි වර්ජකයන් වෙනුවෙන් නඩුවලට පෙනී ඉන්න ජවිපෙ නීතිඥයා ලක්ෂ 55ක් අරන්

by Mahesh Lakehouse
July 27, 2024 12:36 am 0 comment

විදුලිබල පනතට එරෙහිව පොදු මහජනතාව අපහසුවට පත් වන අයුරින් වැඩවර්ජන සිදුකළ විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ නඩු කටයුතු වලට පෙනී සිටීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥ සුනිල් වටගල විසින් රුපියල් ලක්ෂ පනස් පහක මුදලක් ලබාගෙන ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

වැඩවර්ජන වෙනුවෙන් සේවකයන් පාරට බැස්සවූ ජනතා විමුක්ති පෙරමුණ සේවකයින් වෙනුවෙන් නොමිලේ නඩු කටයුතු සඳහා පෙනි සිටින බව සඳහන් කළත් මෙලෙස මුදල් එකතු කර ඇති බවද ඇමතිවරයා පැවසීය.

පොදු මහජනතාව සහ විදුලිබල මණ්ඩලයේ සේවාවන් බිද වැටෙන පරිදි වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවූ විදුලිබල මණ්ඩලයේ සේවකයන් 62 කයින් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට පාලනාධිකාරිය කටයුතු කර ඇති බවත් ඇමතිවරයා පැවසීය.

එලෙස වැඩ තහනමට ලක්වූ සේවකයන් වෙනුවෙන් පෙනී සිටීමට බව සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් මෙම මුදල් එකතු කර ඇති බවද හෙතෙම පැවසීය. පාරට බැස්ස වූ ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම මුදල් නඩු කටයුතු වෙනුවෙන් යොදවන්නේද එසේ නැත්තම් පක්ෂයේ දේශපාලන කටයුතු වෙනුවෙන් යොදා ගන්නේද යන්න සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවද ඇමතිවරයා පැවසීය.

අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සදහන් කළේ විදුලිබල මණ්ඩලයේ සේවක පිරිසක් ඉවත්කර ඇත්ද යන්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division