Home » කොමර්ෂල් බැංකුවේ හරිත බැඳුම්කර වැඩසටහනට සහතිකයක්

කොමර්ෂල් බැංකුවේ හරිත බැඳුම්කර වැඩසටහනට සහතිකයක්

by Mahesh Lakehouse
July 27, 2024 12:30 am 0 comment

පාරිසරික, සමාජයීය, සහ යහපාලනය (ESG) යන අංශවලට අදාළ ශ්‍රේණිගත කිරීම් ලබාදෙන Fitch Solutions සමූහයේ Sustainable Fitch සමාගම වෙතින් කොමර්ෂල් බැංකුවේ තිරසර බැඳුම්කර රාමුව සඳහා ගෝලීය වශයෙන් පිළිගැනෙන දෙවන පාර්ශ්වීය සහතිකයක්(Second-Party Opinion – SPO) ලැබී ඇත. මෙම සහතිකය ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගමය (ICMA) විසින් 2021 දී නිකුත් කළ හරිත බැඳුම්කර මූලධර්මවලට අනුකූල වූ තෙවන පාර්ශ්වීය තහවුරු කිරීමකි. කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංගමහතා මේ පිළිබඳ පැවසූයේ, “තිරසර බව පිළිබඳ අවධානය දැන් අපගේ සෑම මෙහෙයුම් අංශයක්ම ආවරණය කරන අතර හරිත බැඳුම්කරයක් නිකුත් කිරීම බැංකුවේ තිරසරභාවය කරා යනගමනේ මීලඟ සන්ධිස්ථානය සනිටුහන් කරනු ඇත. අපගේ තිරසර ගමනට GGGI ආයතනය හා Sustainable Fitch වෙතින් ලබා දෙන සහාය හා දායකත්වය වෙනුවෙන් කෘතඥ වෙමු…” යනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division