Home » ඉන්දු-ලංකා ප්‍රවීණයන්ගෙන් තිරසර එළවළු තෙල් නිෂ්පාදනයට මාවතක්

ඉන්දු-ලංකා ප්‍රවීණයන්ගෙන් තිරසර එළවළු තෙල් නිෂ්පාදනයට මාවතක්

by gayan
August 3, 2024 12:30 am 0 comment

පසුගිය 18වැනි දා නෙළුම් කුලුන සම්මන්ත්‍රණ ශාලාවේදී ඔයිල් පාම් කර්මාන්තය පිළිබඳ පවත්වන ලද සුවිශේෂී වැඩසටහනක දී ඔයිල් පාම් කර්මාන්තය පිළිබඳ ප්‍රධානීන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, විද්වතුන් සහ පාර්ශ්වකරුවන් මුණගැසිණි.

“තිරසර අනාගතය ” නම් එම සමුළුවේ දී ශ්‍රී ලංකාවේ වාර්ෂිකව රුපියල් බිලියන 57ක එළවළු තෙල් ආනයනය වෙනුවට, දේශීය නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමවේද සහ ප්‍රධාන උපාය මාර්ග යෝජනා කෙරිණි.

Nucleus පදනම විසින් සංවිධානය කරන ලද සහ Solidaridad ආයතනයේ සහාය ඇතිව, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් මැලේසියානු මහකොමසාරිස් කාර්යාලය සහ ඉන්දුනීසියානු තානාපති කාර්යාලවල සහයෝගයෙන් මෙම උත්සවය පැවැත්විණි.

මෙහිදී, Asia Palm Oil Alliance හි සභාපති ශ්‍රී අතුල් චතුර්වේදි සහ ඉන්දියාවේ Solvent Extractors Association සංගමයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය B.V. මෙෆ්තා ඇතුළු ප්‍රකට කථිකයන් අගනා අදහස් බෙදා හදා ගත්හ. ඉන්දියාවේ සම්මාන ලාභී ව්‍යාපාරික නායකයකු වන ශ්‍රී අතුල් චතුර්වේදි පාම් ඔයිල් විවාදයේ භූ දේශපාලන යටිතලය අවධාරණය කරමින්, “පාම් ඔයිල් බටහිර න්‍යාය පත්‍රයක් නිසා අපකීර්තියට පත් වූ වටිනා සම්පතක්. පාම් ඔයිල් බටහිර භෝගයක් නම්, එය මෙතරම් පරීක්ෂාවකට ලක් වේවිද?” යන අදහස ඉදිරපත් කළේය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල් දෙකම ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා තීරණාත්මක වන පාම් ඔයිල් වැනි අත්‍යවශ්‍ය ආහාර සඳහා වෙනත් රටවල් මත යැපීම අඩු කළ යුතු බව ඔහු සඳහන් කළේය.

එළවළු තෙල් සඳහා ජාතික උපාය මාර්ගයක් සංවර්ධනය කිරීම සඳහා සාක්ෂි පදනම් කරගත් යෝජනා සංකල්පගත කිරීමට විශේෂඥයින් සමඟ සාකච්ඡා කිහිපයක් මෙම සම්මන්ත්‍රණයේ ඇතුළත් විය. ආචාර්ය Shatadru Chattopadhayay, ජාත්‍යන්තර තිරසර විශේෂඥ සහ Solidaridad හි කළමනාකාර අධ්‍යක්ෂ, එළවළු තෙල් රටේ ආහාර සුරක්ෂිතතාව යේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස සලකන ලෙස පැමිණ සිටි, වැවිලි කර්මාන්තය නියෝජනය කළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. ඔහු ශ්‍රී ලංකාව සඳහා තිරසර පාම් ඔයිල් සඳහා ව්‍යාපෘතියක් නිර්මාණය කිරීම, තේ මණ්ඩලයට සමාන විවිධ පාර්ශ්වකරුවන් සඳහා වේදිකාවක් පිහිටුවීම, ඉන්දියාවේ ද්‍රාව්‍ය නිස්සාරක සංගමයෙන් ඉගෙනීමෙන් පාම් ඔයිල් කර්මාන්ත සංගමය (POLA) ශක්තිමත් කිරීම, සහ කුඩා වතු හිමියන්ගේ සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීම ද යෝජනා කළේය. ආචාර්ය Chattopadhayay තරයේ කියා සිටියේ, ” අපි එළවළු තෙල් දෙස වෛෂයිකව බැලිය යුතු අතර ස්වයංපෝෂිත භාවය සඳහා උපාය මාර්ග සකස් කළ යුතුයි. Solidaridad මෙම මුලපිරීම සඳහා සහාය දීමට සූදානම්…”

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් සහ ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යා ආයතනයේ උපකුලපති වෛද්‍ය රේණුකා ජයතිස්ස ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ සැසිවාරයට නායකත්වය දුන් අතර, අනෙකුත් සැසිවලට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය S.P නිස්සංක, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය S.P. ප්‍රේමරත්න, විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය නලින් අබේසේකර යන මහත්වරුද මීට සහභාගි වූහ.

ශ්‍රී ලංකාවේ එළවළු තෙල් කර්මාන්තය ගෝලීය ප්‍රමිතීන් සහ තිරසර පිළිවෙත් සමඟ පෙළ ගැසෙන බව සහතික කරමින් සමුළුව අතරතුර සකස් කළ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කිරීමට Solidaridad සහ Nucleus පදනමේ කැපවීමකින් මෙම උත්සවය අවසන් විය. “තිරසර අනාගතය” සමුළුව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව, පෝෂණය සහ ආර්ථික වර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා

පරිවර්තනීය ප්‍රවේශයක් සඳහා වේදිකාව සකසා ඇත. එහෙයින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මේ සඳහා ප්‍රායෝගිකව සහ සාධනීය ව මැදිහත් වීමේ කාලය උදා වී ඇති බව පැමිණි විද්වතුන් පෙන්වා දුන්හ.

10. එස්. අනුලාවතී උඩගම, ඇඹිලිපිටිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division