Tata Motors විසින් එහි බලයලත් බෙදාහරින්නා වන DIMO සමාගම සමඟ එක්ව නවතම Tata Xenon Yodha රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි. මේ පිළිබඳ Tata Motors වාණිජ වාහන අංශයේ ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රධානී අනුරග් මෙරෝත්රා මෙසේ සඳහන් කළේය. “ප්රමුඛ පෙළේ වාණිජ වාහන සන්නාමයක් ලෙස, අවම පිරිවැයක් සහිතව උසස් කාර්යසාධනයක් අපේක්ෂා කරන පාරිභෝගිකයන්ගේ ඉල්ලීම්වලට ගැළපෙන පරිදි නව Tata Xenon Yodha රථය නිර්මාණය කර තිබෙනවා. DIMO සමාගම සමඟ දශක හයක් පුරා අප පවත්වාගෙන පැමිණි හවුල්කාරිත්වය ඔස්සේ ඉදිරියටත් ගුණාත්මක සහ විශිෂ්ට විකුණුම් අත්දැකීමක් මෙරට පාරිභෝගික ජනතාවට ලබාදීමට අපි බලාපොරොත්තු වනවා.” ” Tata Xenon Yodha රථය වැලිවේරියේ පිහිටි DIMO Vehicle Assembly මධ්‍යස්ථානයේදී එකලස් කරන ලද අතර මෙය ශ්‍රී ලංකාවේ වාහන අනුබද්ධ කර්මාන්තයේ වර්ධනයට මෙන්ම නව රැකියා අවස්ථා උත්පාදනයටද දායක වෙනවා. .” යනුවෙන් DIMO විධායක අධ්යක්ෂ රජීව් පණ්ඩිතගේ පැවසීය.
Tata Motors සහ DIMO ‘Tata Xenon Yodha Pickup’ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
828