ශ්‍රී ලංකාව සඳහා කෘෂිකාර්මික යාන්ත්‍රික පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ලොව අංක එකේ කෘෂි යන්ත්‍රෝපකරණ නිෂ්පාදකයකු වන ශක්තිමාන් අත දෙන්නට සූදානම් වේ.
Shaktiman නිෂ්පාදන අලෙවියෙන් 67% ක් යුරෝපය, ලතින් අමෙරිකාව සහ උතුරු අමෙරිකානු කලාපයට සිදු වේ. එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති – ජාත්‍යන්තර ව්‍යාපාර, ශෂාක් වටනේ මහතා පැවසුවේ යන්ත්‍ර අලෙවි කිරීම වෙනුවට වඩා හොඳ, පුළුල් විසඳුමක් දැරිය හැකි මිලකට ලබා දීම තුළින් ගොවියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සිය අරමුණ බවයි. ශක්තිමාන් උපකරණ, බීජ පාත්ති සැකසීමේ සිට විශාල නිෂ්පාදන Rotary Tillers” Flail Mowers” power harrows” Finishing Mowers වලින් සහ ස්වයංක්‍රීයව ඉසින යන්ත්‍ර, වී ඒකාබද්ධ අස්වනු නෙළන යන්ත්‍ර සහ උක් අස්වනු නෙළන යන්ත්‍ර වැනි අධි තාක්ෂණික උපකරණ දක්වා විහිදේ. ශක්තිමාන් ශ්‍රී ලංකා කළමනාකරු ගජබා ද සිල්වා මහතා පැවසුවේ කෘෂිකාර්මික යාන්ත්‍රික පුහුණු මධ්‍යස්ථානය පිහිටුවීමේ මූලික කටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි.