Home » සරසවි සිසුන් රැසක් නව ක්ෂේත්‍රයකට යොමු කරනවා

සරසවි සිසුන් රැසක් නව ක්ෂේත්‍රයකට යොමු කරනවා

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර

by Mahesh Lakehouse
August 10, 2024 12:31 am 0 comment

විශ්වවිද්‍යාල දරුවන්ගේ දැනුම හා අවශ්‍යතාව අනුව විශාල පිරිසක් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් බවට පත් කිරීම තම රජයක් යටතේ සිදු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පැවසීය.

‘පසුගිය වසර තුන හතර තුළදී සජිත් ප්‍රේමදාස මහතා රට පුරාම ගොස් සුහුරු පන්ති කාමර, ‘හුස්ම‘ වැඩසටහන යටතේ රෝහල් පද්ධතිය සඳහා විවිධ උපකරණ ලබා දෙමින් සංවර්ධන කටයුතු සිදු කළා. අපේ නායකයා ඒ වගේ ප්‍රායෝගිකව ජනතාවගේ ප්‍රශ්න දෙස බලන නායකයෙක්.

ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ලක්ෂ 10ක් බිහි කිරීම සමගි ජන බලවේග ආණ්ඩුවක අපේක්ෂාවයි. මෙරට ආර්ථිකය කඩාකප්පල් වූ පසුව අලාභ ලබමින් සිටි දෙලක්ෂ හැටතුන්දාහක් සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත වැහිලා ගියා. අපේ ආණ්ඩුවක් යටතේ එසේ වැහිලා ගිය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් නඟා සිටුවීමට පියවර ගන්නවා.‘‘

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division