Home » ඉදිරි දින කිහිපයේ සවස් කාලයේ වායුගෝලයේ වෙනසක්

ඉදිරි දින කිහිපයේ සවස් කාලයේ වායුගෝලයේ වෙනසක්

by yasara
August 12, 2024 8:00 am 0 comment

ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතීන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු සහ උතුරුමැද පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබෙයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division