813
Terumo Corporation සමාගම එහි මෙරට බෙදාහැරීම් හවුල්කරු වන Hemas Surgicals & Diagnostics (පුද්.) සමාගම සමඟ එක්ව ශ්‍රී ලංකා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වෙත NISSEI DS-11 වර්ගයේ රුධිර පීඩන නිරීක්ෂණ යන්ත්‍ර තොගයක් පරිත්‍යාග කළේ ය. හෘද රෝග සහ ආඝාත තත්ත්වයන් නිසා ඇතිවන බලපෑම් අවම කිරීම සඳහා ශ්‍රී ලාංකික ප්‍රජාව සවිබල ගැන්වීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වී තිබේ.ශ්‍රී ලංකා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනිය ලෙස කටයුතු කරන හෘද රෝග විශේෂඥ වෛද්‍ය ටාන්යා පෙරෙයිරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරිණි.