මේෂ – යහපත් සතියකි
සඳු ගමන් කරන්නේ 10, 11, 12 හා ලග්නය මතිනි. රැකියා ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ගෙනදෙන අතර ඒ සඳහා බොහෝ ඇවිදිලි වැඩ යෙදේ. ගෘහ ජීවිතය තුළ දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සහ අනෙකුත් යහපත් කරුණු කාරණා වල දියුණුවක් පෙන්නුම් කරයි. ලැබීම් මෙන්ම වියදම් පාර්ශවයද වැඩි විය හැකි නිසා බුද්ධිමත්ව කටයුතු කරන්න. අපල අවම වීමට අභිසම්භිධාන පිරිත කියන්න.
සුබ අංක – 4, 5 /සුබ වර්ණ – රතු, නිල්/ සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා
වෘෂභ – පුණ්‍ය කටයුතුවල නිරත වෙයි
සඳු ගමන් ගන්නේ 9, 10, 11, 12 යන භාවයන් මතිනි. පුණ්‍ය කටයුතුවලට දායකත්වයක් ගෙන දෙමින් ආරම්භ වන සතිය ඔබට සුබඵල උදා කරයි. රැකියා ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන අත්වෙයි. ලැබීම් සහිතයි. එහෙත් සිත් රිදීම් කළ කිරීම් වැනි දේ ඇති විය හැකි බැවින් මැදිහත් බවින් ඉවසීමෙන් කටයුතු කරන්න. අපල අවම වීමට වස් කාලයේ විහාරස්ථානයට ගොස් බෝ මළුව අමදින්න.
සුබ අංක – 5, 6 / සුබ වර්ණ – ලා කොළ, සුදු / සුබ දවස් – සෙනසුරාදා, ඉරිදා
මිථුන – ව්‍යාපාර කටයුතුවලින් ලාභ
සඳු ගමන් ගන්නේ 8, 9, 10, 11 යන භාවයන් හරහාය. ආරම්භයේ කනගාටුදායක පුවතක් අසන්නට ඉඩ ඇත. මේ සතිය මුල් දිනය පසු වු විට රැකියා ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ලද හැකි ආර්ථිකය ශක්තිමත් වන ග්‍රහබල පෙන්වයි. පුණ්‍ය කටයුතුවලට වැඩි දායකත්වයක් දක්වයි. ගෙදර දොර කටයුතුවලදී සියලු දෙනා සමගිව එකමුතුව වැඩ කරයි. අපල අවම වීමට බදාදා දිනය බෝධි පූජාවලට සහභාගී වන්න.
සුබ අංක – 3, 5 / සුබ වර්ණ – කොළ / සුබ දවස් – බදාදා, සිකුරාදා.
කටක – පොදු වැඩවලට සහභාගිත්වය
සඳු ගමන් ගන්නේ 7, 8, 9, 10 යන භාවයන් මතිනි. රැකියා ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ගත හැකි සතියකි. ඇවිදිලි වැඩිවේ. සාමාජයීය පොදු වැඩ පුණ්‍ය කටයුතුවලට ද දායක වෙමින් ගෘහ ජීවිතය පවත්වාගෙන යාමට දරන උත්සාහයක් පෙන්නුම් කරයි. අසනීප, අපල උපද්‍රව ද ඇති විය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. අපල අවම වීමට කුඩා දරුවනට උදව් උපකාර කරන්න.
සුබ අංක – 2, 7 / සුබ වර්ණ – කහ, සුදු / සුබ දවස් – සඳුදා, අඟහරුවාදා.
සිංහ – සහෝදර උපකාර
සඳු ගමන් ගන්නේ 6, 7, 8, 9 යන භාවයන් හරහාය. සහෝදර උපකාර ලැබෙන සහ දුර ගමන් යෙදෙන සතියකි. පොදු ජනතාවට සහයෝගය දක්වයි. ගෙදර දොර කටයුතුවලදී අධික වෙහෙස මහන්සිය අසනීප ගති අක්ෂි රෝග හට ගැනීමට ඉඩ ඇත. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන්න. සතිය අවසානයේ සිතෙහි සැනසීම ගෙන දෙයි. අපල අවම වීමට බෝධි පූජාවලට සහභාගී වන්න.
සුබ අංක – 4, 5 / සුබ වර්ණ – රතු, තැඹිලි / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා.
කන්‍යා – මිශ්රඵල ගෙන දෙයි
සඳු ගමන් කරන්නේ 5, 6, 7, 8 යන භාවයන් හරහාය. දුවා දරුවන්ගේ ඉගෙනුම් මෙන්ම සියලුම යහපත් අරමුණුවලට සුබවාදී බවක් දක්නට ඇත. ව්‍යාපාර අංශවලින් ලාභ ප්‍රයෝජන ගෙන දෙයි. හිතවතුන් අමනාප විය හැකි බැවින් ප්‍රවේශමෙන් සාමාජීය කටයුතුවල නිරත වෙන්න. තමන්ගේ පාඩුවේ සිටින එක වඩා හොඳයි. අපල අවම වීමට කුඩා පාසැල් දරුවනට උපකාර කරන්න.
සුබ අංක – 5, 7 / සුබ වර්ණ – කොළ, කහ / සුබ දවස් – සිකුරාදා, බදාදා.
තුලා – දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය
සඳු ගමන් ගන්නේ 4, 5, 6, 7 යන භාවයන් හරහාය. ගෘහ ජීවිතය සාමයෙන් ගත කරන්නට හැකි දුවා දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය දනවන සතියකි. රැකියා ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන හිමිවෙයි. පොදු සමාජ වැඩ පුණ්‍ය කටයුතු සඳහා දායකත්වයක් ඇත. අපල අවම වීමට සුවඳ ද්‍රව්‍ය බෝධි පූජාවලට ලබා දෙන්න.
සුබ අංක – 4, 7 / සුබ වර්ණ – සුදු / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා.
වෘශ්චික – පදිංචි ස්ථානයේ දියුණුව
සඳු ගමන් කරන්නේ 3, 4, 5, 6 යන භාවයන් හරහාය. සහජ දක්ෂතාවලින් කරගෙන යන ස්වයං රැකියා ආදියට සුබපල ගෙන දෙයි. සහෝදර පිරිස් මුණගැසෙයි. පවුලේ දූ දරු මා පිය එකමුතුව පුණ්‍ය කටයුතු සඳහා දායකත්වය ඇති කරයි. පදිංචි ස්ථානයේ දියුණුවට මග හැරී තිබු වැඩ කොටස් යළි ආරම්භ කරයි. අපල අවම වීමට අභිසම්භිධාන පිරිත උදේ සවස කියන්න.
සුබ අංක – 7, 9 / සුබ වර්ණ – රතු / සුබ දවස් – අඟහරුවාදා, ඉරිදා.
ධනු – ධන ලාභ
සඳු ගමන් කරන්නේ 2, 3, 4, 5 යන භාවයන් හරහාය. ධනය හා වෙනත් ලැබීම් ගෙන දෙන මේ සතිය ඔබගේ ආර්ථිකය ශක්තිමත් කරයි. සහජ දක්ෂතා ඔප්නැංවේ. ගෙදර දොර, පදිංචි ස්ථානය තුළ අඩුපාඩු සකසා ගැනීමට උනන්දු වෙයි.අපල අවම වීමට ධර්මය අසන්න.
සුබ අංක 3, 5 / සුබ වර්ණ – තැඹිළි, කොළ / සුබ දවස් – බදාදා, සිකුරාදා.
මකර – ගෘහ ජීවිතය යහපත්
සඳු ගමන් ගන්නේ ලග්නය 2, 3, 4 යන භාවයන් හරහාය. පොදු සාමාජයීය වැඩ කටයුතුවලට අතහිත දෙමින් ගෘහ ජීවිතය ගැටළු නොමැතිව පවත්වාගෙන යාමට උත්සාහ ගනියි. රැකියා සඳහා ඇවිදිලි වැඩි එහෙත් ලාභ ප්‍රයෝජන ලබාගත හැකි සතියකි. වචනය සහ පිළිවෙත් සාමකාමී වේ. යහපත් සතියකි.
අපල අවම වීමට පංචශීලයම ප්‍රමාණවත් වේ.
සුබ අංක – 8, 9 / සුබ වර්ණ – නිල්, සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා.
කුම්භ – මිශ්රපල ගෙන දෙයි
සඳු ගමන් ගන්නේ 12, 1, 2, 3 යන භාවයන් හරහාය. ආරම්භයේදී ගැටළු සහගත විය හැකියි. ඉන් පසු ක්‍රමයෙන් තත්ත්වය යහපත් වේ. රැකියා ව්‍යාපාර වෙනුවෙන් ඉතා කැපවීමකින් කටයුතු කරන පවුලේ වගකීම් නිසියාකාරව ඉටු කරන්නට සිතන යහපත් සතියක් වේ. වචනයෙන් අන්‍යයන්ගේ සිත් දිනයි. විදෙස් ගමන් යෙදෙයි. අපල අවම වීමට තිරිසන් සතුනට ආහාර, ජලය ලබා දෙන්න.
සුබ අංක – 2, 3 / සුබ වර්ණ – නිල් / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා.
මීන – ලැබීම් සහිතයි
සඳු ගමන් කරන්නේ 11, 12, 1, 2 යන භාවයන් හරහාය. ධනය හෝ වෙනත් ලැබීම් සහිතයි. ආර්ථිකය ශක්තිමත්. දරුවන්ගේ අධ්‍යාපන ප්‍රගතිය වෙනත් අවශ්‍යතා යහපත් අන්දමින් සුබ පල උදා කරයි. අන්‍යයන් හා සුහදත්වයෙන් කල් යවයි. අසනීප අපල උපද්‍රව ඇති විය හැකි බැවින් කරන කියන වැඩ කටයුතුවලදී බුද්ධිමත් වන්න. අපල අවම වීමට පක්ෂීන්ට, මාළුන්ට ආහාර දෙන්න.
සුබ අංක – 4, 9 / සුබ වර්ණ – කහ / සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා.