Home » ශාක්‍යසිංහ පදනමෙන් දහම් පාසල් ගුරුවරුන් ඇගයීම 3 වැනිදා

ශාක්‍යසිංහ පදනමෙන් දහම් පාසල් ගුරුවරුන් ඇගයීම 3 වැනිදා

by Mahesh Lakehouse
August 17, 2024 12:29 am 0 comment

බුද්ධ ශාසනයේ චිරස්ථිතිය තේමා කොටගත් ශ්‍රී ශාක්‍යසිංහ පදනම බෞද්ධ අධ්‍යාපනය ප්‍රවර්ධන කිරීමේ අරමුණින් වසර 5කට පමණ පෙර ආරම්භ කරන්නට යෙදුණු ආයතනයක් වන අතර එය අනුකමිටු 14 කින් යුත්ක ආයතනයකි.

මෙම ආයතනයේ ශ්‍රී ශාක්‍යසිංහ සරසවිය. Royal High Campus එක්ව සංවිධානය කරන ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය, ශ්‍රී ශාක්‍යසිංහ පදනමෙහි සාමාජිකත්වය ලබා ඇති ලංකාව පුරා විසිරි සිටිනා දහම් පාසල් ගුරුවරුන් ඇගයීමේ උත්සවය හා ශාක්‍යසිංහ පදනමේ සාමාජිකයින් ඇගයීමේ මහෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සැප්තැම්බර් 03 දා සවස 2.00 ට සිදු කෙරේ.

එම අවස්ථාව අතිගෞරවනීය අනුනායක ස්වාමීන් වහන්සේ මූලිකත්වයෙන් හා ආශිර්වාදයෙන් සිදු කෙරේ. ඒ සඳහා දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වනු ඇත.

බෞද්ධ අධ්‍යාපනය ප්‍රවර්ධනයට අමතරව නීතිය, සමාජ සේවය, මනෝ විද්‍යාව, දෙමළ භාෂාව, ඉංග්‍රීසි භාෂාව ආදී පාඨමාලා 10 කට අධික ප්‍රමාණයක් ඔස්සේ අධ්‍යාපන කටයුතු සාර්ථකව පවත්වාගෙන යන ආයතනයක් වන එහි මේ වන විට මෙවර දහම් පාසල් ධර්මාචාර්ය විභාගය සඳහා පෙනී සිටින අපේක්ෂකයින් සඳහා නොමිලේ ‘ධර්මාචාර්ය විභාග ප්‍රතිපෝෂණ වැඩසටහන්’ සතියේ දින 06 ක් පුරාවට ක්‍රියාත්මක වේ. එහිදී අයදුම්කරුවන් 3000 කට අධික ප්‍රමාණයක් ආයතන හා සම්බන්ධ වෙමින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කර ගනිමින් සිටින අතර, ඉදිරියේ දී දහම් පාසල් අවසාන විභාගය සඳහා විභාග ප්‍රතිපෝෂණ වැඩසටහන් ද පැවැත්වීමට අපේක්ෂිතය. එසේම දහම් පාසල් ගුරු භවතුන්ගේ පාලි, අභිධර්මය විෂය දැනුම සංවර්ධනය සඳහා ඉතාම අඩු ශිෂ්‍යත්ව යටතේ ඔවුන් වෙනුවෙන් ඩිප්ලෝමා පාඨමාලාවන් හැදෑරීමේ හැකියාව ඇති අතර, ඉහත දින දී එම ඩිප්ලෝමා අවසන් කරන විද්‍යාර්ථයින්ට ද ඩිප්ලෝමා ප්‍රදානය සිදු කෙරේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division