කොළඹ සහ සිංගප්පූරුව අතර සහනදායි මිල ගණන් යටතේ ගුවන් මඟීන්ට ගමන් කළ හැකි Jetstar Asia ගුවන්සේවය නොවැම්බර් මාසයේදී සිය ගුවන් ගමන් ආරම්භ කරනු ලබන බව එම ගුවන් සේවය විසින් දන්වා තිබේ.
කොළඹ සිට සිංගප්පූරුව දක්වා සෘජු ගුවන් සේවාවක් ලෙස ක්රියාත්මක කිරීමට කටයුතු කර ඇති මේ ගුවන් සේවය ඔස්සේ දැනට කොළඹ සිට සිංගප්පූරුව දක්වා අය කරනු ලබන මුදලෙන් 65%ක පමණ වූ මුදලකට ගමන් කළ හැකි බව එම සමාගම පෙන්වා දී ඇත. සිංගප්පූරුව දක්වා මේ වන විට ඍජු ගුවන් සේවා සපයනු ලබන සමාගම් විසින් එක් වරක් යාම් ඊම් සඳහා රුපියල් 144,000/- පමණ අය කරනු ලබන අතර Jetstar Asia ගුවන්සේවය එම සේවාව රුපියල් 90,000/-කට ලබා දීමට කටයුතු යොදා ඇත.
Jetstar සේවාව එයාර්බස් A320 යානා භාවිතා කරමින් සතියකට දින 5ක් සේවා ක්රියාත්මක කිරීමට නියමිතය.
මේ සේවාවෙන් පසුව තවත් ගමනාත්ත රැසක් වෙනුවෙන් එම සේවාව ක්රියාත්මක කිරීමට එම ගුවන් සේවාව අදහස් කර ඇත.