විදත් හා මුද්‍රිත මාධ්‍ය කේෂ්ත්‍රයේ ප්‍රවීණයකු වූ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ප්‍රදීප් අනුර කුමාර (53) පසුගියදා අපෙන් සමුගත්තේය.
වසර 30ට අධික කාලයක් විදත් හා මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්රයේ අත්දැකීම් ඇති ප්‍රදීප් අනුර කුමාර මාධ්‍ය කේෂ්ත්‍රයේ සියලුම දෙනා සමඟ මනා අවබෝධයෙන් යුතුව කටයුතු කළ සුහදශීලී චරිතයකි.
හිටපු අමාත්‍යවරුන් වන දිවංගත රෙජී රණතුංග, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, දි.මූ ජයරත්න හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්රීනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේත් මාධ්‍ය ලේකම්වරයා ලෙස හෙතෙම කටයුතු කර තිබේ.
අභාවප්‍රාප්ත ප්‍රදීප් අනුර කුමාර මහතා මිනුවන්ගොඩ,නාලන්දා මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවකි. දිවයින පුවත්පතේ ප්‍රාදේශීය මාධ්‍ය වේදියකු ලෙස කටයුතු කරමින් මාධ්‍ය කේෂ්ත්‍රයට පිවිසි හෙතෙම අනතුරුව ජාතික රූපවාහිනීය, හිරු fm, ලක්හඬ ගුවන් විදුලිය ,සිරස මාධ්‍ය ජාලයන්හි සහ දිනකර පුවත්පතෙහි සේවය කරනු ලැබීය.ඊට අමතරව තවත් බොහෝ පුවත්පත් හා සඟරා සඳහා ලිපි සම්පාදනය කර තිබේ.
ගුරුවරියක වන සාගරිකා අබේවර්ධන මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූ ඒ මහතා දියණියන් දෙදෙනෙකුගේ පියෙකි.
අභාවප්‍රාප්ත ප්‍රදීප් අනුර කුමාර මහතාගේ දේහය අංක 239/3, අරලිය උයන, මිනුවන්ගොඩ පාර, කොටුගොඩ ලිපිනයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කළ අතර අවසන් කටයුතු සෙනසුරාදා (17) කොටුගොඩ, පොදුසුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබුණි.