මේ අවස්ථාවේදී සියලු දෙනා කටයුතු කළ යුත්තේ රට වෙනුවෙන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක පවසයි.
‘‘අහවල් අපෙක්ෂකයා දිනන්නවත් අහවල් අපේක්ෂකයා පරාජය කරන්නවත් නෙමෙයි මේ වෙලාවෙ කටයුතු කරන්න ඕන. සමඟි ජන බලවේගයේ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යාමට අපි ජාතික සම්මුතියකට එළැඹුණේ ඒ නිසයි, මේ රට තවත් දශක දෙකකට ණය ගෙවන්නතියෙනවා. රට මෙතැනින් ගලවා ගන්න පුළුවන් කාට දකියන අභියෝගයක් දැන් තියෙන්නෙ. 2022 වසරේ ඇතිවූ අරගලයෙන් අවිහිංසාවාදි ක්රියාවලිය අතරතුර, ප්රචණ්ඩ ආකාරයකට රටේ පාලනය වෙනස් කරන්න ඇතැමුන් උත්සාහ දැරුවා. එය අසාර්ථක වුණා.
පසුව රට බංකොලොත් වීමට රාජපක්ෂවරු වරද කරුවන් වුණා. දැන් අපිට අවස්ථාව ලැබිලාතියනවා 2022 ජුනි 9වැනි දා මහජනතාව දුන්න තීන්දුව තහවුරු කරන්න. එසේම මේරටේ ණය ගෙවාගන්න බැරිවුණොත් නැවත රට බංකොලොත් වෙන්න පුළුවන්. මහ ණය කන්දක් අපිට ගෙවන්න තියෙනවා. ඒ නිසා ආර්ථික අර්බුදයෙන් බැටකන මහජනයාට සහනයක් ලබා දිය යුතුයි. රට වෙනුවෙන් මේ කරුණු ජයග්රහණය කරවීමට නායකත්වයක් දෙන අපේක්ෂකයෙකු ජයග්රහණ කරවීම සියලු දෙනාගේ යුතුකමයි.