යුනියන් බැංකුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ අරමුණින් ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනට (NEDP) සහාය දැක්වීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලය සහ ජාතික නවෝත්පාදන නියෝජිතායතනය සමඟ නව අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය.යුනියන් බැංකුවේ සභාපති නිර්වානා චෞද්රි, අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් රුද්‍රිගෝ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එන්. ඩී. ගුණවර්ධන මහත්වරු ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි. මෙම මුලපිරීම යුනියන් බැංකුවේ School of Social Entrepreneurship (UBSSE) දැක්ම යටතේව්යවසායකයින් සඳහා මූල්‍ය ප්‍රවේශයක් ලබා දේ. යුනියන් බැංකුවේ ප්‍රධාන කොටස් හිමියා වන CG Corp Global Group හි නේපාලයේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන Nabil බැංකුව විසින් මෙහෙයවනු ලබන සුප්‍රසිද්ධ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක් වන NabilSSE මුලපිරීමේ ආභාෂය ලබා ගනී.
යුනියන් බැංකුව සහ මොරටුව විශ්වවිද්‍යාලය ව්‍යවසායකත්ව සංවර්ධනයට එක්වේ
1.4K
previous post