ව්‍යවසායකත්වයට මුල්තැන දෙමින් ජන ජීවිත නඟාසිටුවන යුගයක් ඉදිරියේදී උදාකරන බව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
එහිදී වැඩිහිටි පරපුරට ඉතිරි කිරීම්වලට සියයට 15ක ඉතිරි කිරිමේ පොලිය සමගි ජන සන්ධාන රජයක් තුළ ලබා දීමට කටයුතු කරන බවද ඔහු කීවේය.
රටේ බහුතරයක් ජනතාව මේ වන විට ජීවත් වීමේ අරගලයක මුහුණ දී ඇති බවත් තමා ජනාධිපති වූ පසු යහපත් ප්රජාතන්ත්රවාදී සැමට සෞභාග්‍යය ගෙන එන මාතෘ භූමියක් උදා කරන බව විපක්ෂ නායකවරයා පැවසීය.
‘‘ දේශපාලනයේ ඔළු ගෙඩි හුවමාරුව සිද්ධ වෙනවා. වරදාන වරප්‍රසාදවලට තමන්ගේ ආත්මය පාවා දෙන පහළ දේශපාලන සංස්කෘතියක් ක්‍රියාත්මක වන මොහොතක අපි ගත්ත තීන්දුව ගැන අපි කණ්ඩායමක් ලෙස ආඩම්බර වෙනවා‘‘