Home » සතියේ කලදවස

සතියේ කලදවස

සැප්තැම්බර් 2 – 8 දක්වා

by gayan
August 31, 2024 12:30 am 0 comment

මේෂ – යහපත් සතියකි
සඳු ගමන් ගන්නේ 5, 6, 7 යන භාවයන් හරහාය. පවුලේ ගරුත්වය ආරක්ෂා කරගෙන දරුවන්ගේ දියුණුව පිණිසත් සියලු වැඩට උනන්දු වන්නටත් මේ සතියේ ඔබට ශක්තිය, ධෛර්යය ලැබෙයි. අත මිට සරුවේ. වෙළහෙළඳාම් රැකියා තත්ත්වයන් දියුණු වෙයි. දරුවනට අධ්‍යාපනික ප්‍රගතිය ගෙන දෙයි. සෞඛ්‍ය තත්ත්වය ද අයහපත් නොවේ. අපල අවම වීමට කුසගින්නේ සිටින කෙනෙකුට ආහාර වේලක් දෙන්න.
සුබ අංක – 4, 5 / සුබ වර්ණ – රතු, නිල්/ සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා.

වෘෂභ – ගෘහ ජීවිතය සාමකාමී වේ

සඳු ගමන් ගන්නේ 4, 5, 6 යන භාවයන් මතිනි. මා පිය, දූ දරු බැඳීම් ආදරය සෙනෙහස ඇතිව කල්ගෙවන මේ සතිය ගෘහ ජීවිතය සාමකාමී වේ. මව්ගේ සහයෝගය ද ලැබෙයි. දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තුවලට සුබවාදී ප්‍රතිඵල හිමි වෙයි. ආමාශ ගත අසනීප, අජීර්ණ ආදියට ඉඩ ඇත.
අපල අවම වීමට පොදු වැඩවලට සහය වන්න.
සුබ අංක – 6 / සුබ වර්ණ – සුදු, ක්‍රීම්/ සුබ දවස් – බදාදා, සෙනසුරාදා.

මිථුන – අතමිට සරුවේ
සඳු ගමන් ගන්නේ 3, 4, 5 යන භාවයන් හරහාය. ගෘහ ජීවිතය සතුටින් ගත කරන අතර නතර වී තිබූ වැඩ කොටස් යළි ආරම්භ කරයි. පදිංචි ස්ථානයේ යම් දියුණුවට අදාල වැඩක්. දරුවන්ගේ සුබ කටයුත්තකට මාවත සැකසෙයි. ස්වයං රැකියාවලින් අතමිට සරුවෙයි. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්ය.
අපල අවම වීමට අන්‍යයන්ට පමණ ඉක්මවා උදව් කිරීමට යාමෙන් වළකින්න.
සුබ අංක – 3, 5 / සුබ වර්ණ – කොළ, කහ / සුබ දවස් – බදාදා, සිකුරාදා.

කටක – ධන ලාභ
සඳු ගමන් ගන්නේ 2, 3, 4 යන භාවයන් හරහාය. ඔබගේ රැකියා ස්ථාන සම්බන්ධයෙන් දියුණුවක් ඇතිකර ගැනීමට හැකි මෙන්ම කරුණාව, මෛත්‍රිය පෙරදැරිව සේවකයන්ගෙන් වැඩ ගත හැකි සතියක් ද වෙයි. ධනය ලැබේ. පවුලේ අයකු සමගින් දුර ගමන් යෙදේ. අසනීප, සුළු අනතුරු ආදියට ඉඩ කඩ ඇති බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න.
අපල අවම වීමට පත්තිනි මෑණියන්ට පින් දෙන්න.
සුබ අංක – 7, 9 / සුබ වර්ණ – සුදු, කහ / සුබ දවස් – සඳුදා, අඟහරුවාදා.

සිංහ – ශක්තිමත් ආර්ථිකයක්
සඳු ගමන් ගන්නේ ලග්නය 2, 3 යන භාවයන් හරහාය. කරන කියන කටයුතුවලින් ආර්ථිකය ශක්තිමත් බවක් උසුලන මේ සතිය කාර්යබහුල වෙයි. දරුවන්ගේ ඉගෙනීමට ද යහපත්ය. උසස් උගත් අය ඇසුරට ලැබේ. ප්‍රියමනාප කතාව හැසිරීම ඔබ තුළ ඇතිකර ගැනීමට උනන්දු වන්න. සුබ සතියකි.
අපල අවම වීමට වස් කාලය තුළ ධර්ම දේශනා අසන්න.
සුබ අංක – 6, 9 / සුබ වර්ණ – රතු, කොළ / සුබ දවස් – අඟහරුවාදා, බදාදා.

කන්‍යා – මිශ්‍රඵල ගෙන දෙයි
සඳු ගමන් ගන්නේ 12, 1, 2 යන භාවයන් හරහාය. ආරම්භය පාඩුවක්, නිෂ්ඵල ගමනක් යෙදිය හැකි බැවින් කල්පනාකාරී වන්න. ඉන් පසු දින කිහිපය අයහපත් නැත. ගෘහ ජීවිතය දරුවන්ගේ කටයුතු සුබපල පමුණුවයි. රැකියා ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ලද හැකි බැවින් උනන්දු වන්න. කතාබහට අන්‍යයන්ගේ අවධානය ඇතිවේ. අපල අවම වීමට කුඩා දරුවනට ආදරය රැකවරණය දෙන්න.
සුබ අංක – 5, 7 / සුබ වර්ණ – කොළ / සුබ දවස් – සිකුරාදා‍, බදාදා

තුලා – ව්‍යාපාර ලාභ
සඳු ගමන් ගන්නේ 11, 12, 1 යන භාවයන් මතිනි. ආරම්භය සතුටුදායකය. ඔබගේ ආර්ථිකය ශක්තිමත් කරගත හැකි අන්දමේ කුමන හෝ ලැබිම්වලට භාග්‍යය පවතී. හිත මිතුරන්ගේ පැමිණීම දක්නට ලැබෙයි. ව්‍යාපාර ලාභ ඇත. දරුවන්ගේ දැනුම වර්ධනය වේ. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ පාදවල වේදනා ගෙන දිය හැකි බැවිනි. අපල අවම වීමට වස් කාලයේ බෝධි පූජාවලට සහභාගීවන්න.
සුබ අංක – 6 / සුබ වර්ණ – ක්‍රීම්, සුදු / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා.

වෘශ්චික – මිශ්‍රපල ගෙන දෙයි
සඳු ගමන් ගන්නේ 10, 11, 12 යන භාවයන් මතිනි. රැකී රක්ෂාවලදි බොහෝ ඇවිදීමට සිදුවේ. එහෙත් ඒවායින් ලාභ ප්‍රයෝජන අත්වේ. ඉගෙන ගන්නා දරුවනට තිබූ බාධා ඉවත් වේ. ආර්ථිකය ශක්තිමත් වුවත් වියදම් පක්ෂය ද වැඩි බැවින් මුදල් පරිහරණයේදී සැලකිලිමත් වන්න. පාදවල සුළු අනතුරු, වේදනා ඇති විය හැකියි. අපල අවම වීමට ඉවසීම, මෙත් සිත පුරුදු කරන්න.
සුබ අංක – 1, 2 / සුබ වර්ණ – රතු, තැඹිලි / සුබ දවස් – අඟහරුවාදා, ඉරිදා.

ධනු – අන්‍යයන්ගේ සිත් දිනයි
සඳු ගමන් ගන්නේ 9, 10, 11 යන භාවයන් මතිනි. පුණ්‍ය සිතුවිලි සහිතව ආරම්භ වන සතිය තුළ ඔබේ යහපත් අරමුණු ඉටුවන ග්‍රහබලයක් ඇත. අන්‍යයන්ගේ සිත් දිනාගැනීමට තරම් භාග්‍යසම්පන්න වේ. ගෘහ ජීවිතය තුළ සමගිය සතුට ගෙන දෙයි. දරුවන්ගේ අධ්‍යාපනික දැනුම දියුණු වෙයි. ආර්ථිකය ශක්තිමත් වේ. දණහිසේ ආබාධ මතුවිය හැකියි. අපල අවම වීමට බෝමළුව අමදින්න.
සුබ අංක – 3, 6 / සුබ වර්ණ – කහ / සුබ දවස් – ඉරිදා, බදාදා.

මකර – සහජ දක්ෂතාවලින් ඉපයීම්
සඳු ගමන් කරන්නේ 8, 9, 10 යන භාවයන් මතිනි. ආරම්භයේ කනගාටුදායක පුවත් කන වැකෙන්නට පුළුවන. ඉන් පසු දින කීහිපය යහපත් වේ. දාන මාන පුණ්‍ය කටයුතු ආදියට සහභාගිත්වයක් ඇත. රැකියා සඳහා ඇවිදිලි වැඩ යෙදේ. මව්පියන්ගෙන් උදව් උපකාර හිමිවේ. සහජ දක්ෂතාවලින් ඉපයීම් කළ හැකිය. අපල අනතුරු ඇති විය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. අපල අවම වීමට අන්තරායවරණ පිරිත කියන්න.
සුබ අංක – 8, 9 / සුබ වර්ණ – සුදු, නිල් / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

කුම්භ – මුදල් ලාභ
සඳු ගමන් ගන්නේ 7, 8, 9 යන භාවයන් හරහාය. ව්‍යාපාරවලින් ලාභ ආදායම් ඉපයීමට පුළුවන. විවාහක පාරශ්වයේ මුදල් ලාභ ද අත්වේ. ගෘහ ජීවිතය හොඳින් සමාදානයෙන් ගෙවිය හැකි අතර පොදු සමාජ වැඩවලට දායකත්වය දෙයි. දරුවන්ගේ අධ්‍යාපනික දැනුම දියුණු වෙයි. අපල අවම වීමට රෝගීන්ට ඇපඋපකාර කරන්න.
සුබ අංක – 2, 3, 7 / සුබ වර්ණ – රතු, නිල් / සුබ දවස් – සිකුරාදා.

මීන – පොදු වැඩ කටයුතු
සඳු ගමන් කරන්නේ 6, 7, 8 යන භාවයන් හරහාය. ගෙදර දොර කටයුතුවලට බාධක පැමිණිය හැකියි. සිතා සිටින වැඩ කටයුතු දිනෙන් දින කල් යයි. වෙළෙඳ ව්‍යාපාර හෝ ආදායම් මාර්ගවලින් එදිනෙදා යැපීම් කරගත හැකිය. සාමාජීය පොදු වැඩ කටයුතුවලට සහභාගිවීමට ආරාධනා ලැබෙන මුත් අපල අනතුරු ඇත.
අපල අවම වීමට අන්තරායනාවරණ පිරිත කියන්න.
සුබ අංක – 3, 4 / සුබ වර්ණ – කහ, සුදු / සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division