- 108 වරක් මතුරා ගලගාගත් අමු කහ කැබැල්ල ජීවම්කර කහ වතුර ඉසින්න
- පිරිසිදු පොල් ජීවම් කර බිඳිමෙන් දින 7 කින් කාරණාව ඉටුවේ
•මංගර දේව දිෂ්ටි වැටෙන මන්ත්රය
මංගර දෙවියන්ගේ හාස්කම් පිළිබඳව සඳහන් කිරීමේදී විශේෂිත වු අත්දැකීමක් පිළිබඳව සටහනක් තැබිය යුතුමයි. අති ප්රබල මන්ත්රයකින් උන්වහන්සේගේ ආකර්ෂණය ලබාගත හැකිය අනිවාර්යෙන්ම අත්හදා බැලිය යුතුම මෙම ක්රමවේදය සිදු කිරීම තරමක් අසිරු වුවත් ලබාගත හැකි ප්රතිඵල සමූහය නම් අති මහත්ය.
මෙම මන්ත්රය අපගේ ගුරුකුලයෙන් පිට නැති තරම්ය. ඒ නිසාම මෙම විරල මන්ත්රය ඔබට ප්රයෝජනවත්වනු නිසැකය.
මුලින්ම ඔබ මේ ක්රමවේදය පිළිබඳව දැනුම්වත් කරමි. මංගර දෙවියන්ගේ ප්රතිමාව ඉදිරියේ මේ සියලු වතාවත් ඉතා ගෞරවයෙන් කළ යුතුය.
මේ වතාවත්වල අංක එක අමුකහ කෑල්ලක් ගලගා මැටි බඳුනකට දමා පහත මන්ත්රයෙන් 108 වර බලගන්වා ඉසීමයි.
•කිලිහරණ මන්ත්රය
ඕං නමෝ උත්තමයානන් වහන්සේගේ
සිවුර පඬුපොවන්නට
එරන් කහවිල් දහසකට නායක කහවිලෙන් ගෙනා
එරන් කහ දියරයි මේ යහනේ තිබෙන්නේ
මාගේ යන්ත්ර මන්ත්ර දිෂ්ටි දිෂ්ටි ඒස්වා හඃ
ඕං මංගර ප්රවර සර්ව සර්ව දිෂ්ටි
මන්ත්රරූඪ ජීව දිෂ්ටි මංගර වර වර
දිෂ්ටි මංගර ශ්රී මංගර පේශ මංගර
ශුරලුම් මංගර පුඩයුම් මංගර
ජීව දිෂ්ටි ආකර්ෂණ දිෂ්ටි සර්ව
කාර්ය දිෂ්ටි වර වර දිෂ්ටි දිෂ්ටි
නමඃ
ඉහත කිලි හරනා මන්ත්රයෙන් කහ දියර ඉස දෙවනුව බුලත් පුවක් කැවිලි පලතුරු සහිත මල් යහන තනා මංගර දිෂ්ටි වැටෙන මන්ත්රයෙන් පිරිසිදු පොල් ජීවම් කර තම කාරණාව සිතෙහි තබා බිඳින්න. අවම දින 7 වන විට ඔබගේ ප්රාර්ථනාව අනිවාර්යෙන්ම සපල වන බවට අත්දැකීම් මත සනාථ කළ හැකිය.
විශේෂයෙන්ම පැනගිය අය ගෙන්වීමට මෙම ක්රමවේදය මහත්සේ රුකුලක් වන බව සිහි තබාගත යුතුය.
අතිශයින්ම සාර්ථක ක්රමයකි. තව තවත් කරුණු කාරනා රාශියකට මෙය ප්රයෝජනවත්ය. විශ්වාසය සිහිතබා කළ යුතුය. විශේෂිත ස්ථානයක් සකස් කර ගන්නේ නම් මැනවි එය ඔබට පුරුද්දක් වශයෙන් දින පතා සිදු කිරීමට පහසු වනු ඇත.