Home » විභාග ජය ගෙනෙන ගණ දෙවි ග්‍රහ ශාන්තිකර්මය

විභාග ජය ගෙනෙන ගණ දෙවි ග්‍රහ ශාන්තිකර්මය

by gayan
September 7, 2024 12:30 am 0 comment

ශිෂ්‍යත්ව විභාගය යනු දැයේ දරුවන්ගේ ජීවිතයේ කඩඉමයි. ඒ අනුව ඔවුන්ගේ ජීවිත කඩඉමක් බඳු වූ මෙම සුවිශේෂ විභාගය වෙනුවෙන් ඉදිරිපත් වන දූ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ මතක ශක්තිය සහ ධාරණ ශක්තිය වැඩිකර ගැනීමටත් සිය අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගනිමින් මනා ශාරීරික ශක්තියකින් සහ නිරවුල් මනසකින් යුතුව විභාගයට මුහුණදීම සඳහා ප්‍රයෝජනවත් වන ගණ දෙවියන් උදෙසා පවත්වන ග්‍රහ ශාන්ති කර්මයක් මම ඔබ වෙත ගෙන එමි.

මේ ගණ දෙවි පූජාව පැවැත්වීම සඳහා නිවෙසේ සාලය හෝ කාමරයක් තෝරා ගන්න.

එය නිසි පරිදි පිරිසිදු කර එහි කුඩා මේසයක් තබා ගණ දෙවියන්ගේ රූපයක් හෝ පිළිමයක් තබන්න.

පහත සඳහන් දෑ සකස් කර ගන්න.

• මල්වට්ටියක් නෙළුම් මල් සමඟ

• පලතුරු වට්ටියක් (පලතුරු 5 පමණ)

• කැවිලි වට්ටියක් (කැවිලි 5 පමණ)

• හඳුන්කූරු

• පහනක්

• සම්බ්‍රානි සුවඳ දුම් සූදානම් කරගන්න.

නෙළුම් මල් සහ වෙනත් මල්වලින් වට්ටියක් සාදා ගන්න. අඹ / කෙසෙල් / කොමඩු / දෙළුම් වැනි පලතුරු වර්ග සහිතව පලතුරු වට්ටියක් සාදා ගන්න.

ගිතෙල් දැමූ කුඩා මැටි පහන් දෙකක්, පැණිරස කෑම වර්ග පහක් සහිත වට්ටියක්, හබල පෙති, උක්හකුරු, මී පැණි, කිරි ආදිය ගණ දෙවියන්ට පූජා කරනු පිණිස මේසය මත තබන්න.

හඳුන්කූරු දල්වා කපුරු පෙති සහ ගිතෙල් පහනක් ද දල්වා සුවඳ දුම් අල්ලා ඒ සියල්ල ගණ දෙවියන්ට පූජා කරන්න. ගණ දෙවි ගුණ ස්තෝත්‍රය සහ ගණ දෙවිපූජා ස්තෝත්‍ර 7 වරක් ගායනා කරන්න.

බදාදා සහ සෙනසුරාදා දිනවල දින 03ක් සවස 6 ත් 8ත් අතර කාලය තුළදී ගණ දෙවි පූජාව තබන්න.

ඔබේ දරුවාගේ සියලු දුක් දොම්නස් දුරු වී විභාග ජය ලැබී රෝගී තත්ව දුරු වී ධන වාසනාව කැන්දනු ඇත. ඔබට සෞභාග්‍යවත් කාලයක් උදා වෙයි.

ගණ දෙවි ස්ත්‍රෝත්‍ර

ගණපතිපරිවාරං – චාරුකේයුරහාරං

ගිරිධරවරසාරං – යෝගිනිචක්‍ර වාරං

භවහයපරිහාරං – දුක්කදාරිදාදුරං

ගණපතිමහිවන්දෝ – චක්‍ර තුණ්ඩවතාරම්

මෙහි ඉහත සඳහන් ගණ දෙවි පූජා නිවැරදිව පැවැත්වීම තුළින් ඔබටත් අතිසාර්ථක ප්‍රතිඵල උදාකර ගත හැකිය ඒ අනුව මෙහි පහත සඳහන් ගණ දෙවි පූජාව නිවැරදිව පවත්වා ඔබත් යහපත් ප්‍රතිඵල උදා කර ගන්න.

 

ජ්‍යොතිෂවේදී වාස්තු විද්‍යා උපදේශක පුවත්පත් ලේඛක, බණ්ඩාරගම, සම්පත් එස්. කල්පගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division