492
රෝහණ වෙත්තසිංහගේ නවතම පරිවර්තනය ‘දූවිල්ලෙන් උපන් දරුවෝ’ සැප්: 27 වැනිදායින් ඇරඹෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නිමිත්තෙන් එළිදැක්වෙයි.
වියට්නාම් ගත් කතුවරියක හා කිවිඳියක වන ආචාර්ය නුවෙන් ෆැන් ක්වේ මායි ගේ Dust Child නවකතාව පාදක කරගෙන මෙය සිංහලට නඟා ඇත.
වියට්නාම් යුද්ධයේ අනියම් පලයක් ලෙසින් අමෙරිකානු සෙබළුන්ට හා වියට්නාම් යුවතියන්ට දාව උපන් ඇමෙරේසියන් හෙවත් දෙමුහුන් දරුවන්ගේ ජීවන අරගලය හා එරට ජන ජීවිතය උඩු යටිකුරු වූ අයුරු මින් පිළිබිඹු කෙරේ.
සරසවි ප්රකාශනයක් වන ‘දූවිල්ලෙන් උපන් දරුවෝ’ රෝහණ ගේ අටවැනි පරිවර්තන කෘතියයි.