Home » පල නැති යුව­ළක් වෙන්න හේතු

පල නැති යුව­ළක් වෙන්න හේතු

by gayana
September 21, 2024 12:30 am 0 comment

මද සරු­භා­වය හෝ දරු පල නොමැති වීම වත්මන් සමා­ජය තුළ සුලබ ගැට­ලු­වක් වී තිබේ. විවා­හක යුව­ළ­ක­ගෙන් සංකේ­තවත් වන්නේ මානව සමා­ජයේ ඉදිරි පැවැ­ත්මට අවශ්‍ය ප්‍රජාව බිහි කිරීමේ අව­ශ්‍ය­තා­වය ය. එය සිදු නොවේ නම් එය වඳ භාවය ලෙස වහරේ පැනේ.

අපේ සංස්කෘ­තික පරි­ස­රය තුළ දරු­පල නොමැති වීම සම්බ­න්ධ­යෙන් විශේ­ෂ­යෙන්ම ඇඟිල්ල දික්වන්නේ කාන්තා­ව­ටය. ඒ වඳභාවය හෙවත් දරු පල නොමැති වීම සම්බ­න්ධව සමා­ජීය දැනුමේ තිබුණු මඳ භාවය නිසාය. නූතන බට­හිර වෛද්‍ය විද්‍යාව තුළ වත්මනේ මේ සඳහා ඉතාම දියුණු තාක්ෂ­ණික ක්‍රම­වේද ඔස්සේ යම් ප්‍රති­කර්ම විදි සොයාගෙන ඇතත් දේශීය වෛද්‍ය ක්‍රමය තුළ හා ආයු­ර්වේ­දයේ වඳභාව­යට හෝ මද සරු භාව­යට සාර්ථක ප්‍රති­කාර තිබේ. දේශීය වෛද්‍ය ප්‍රති­කා­ර­ය­න්හිදී වඳ භාවය කොටස් දෙක­කට බෙදේ. එක් කොට­සක් ස්ථිර­වම දරු පල ඇති කිරීමේ හැකි­යා­වක් නැති එනම් ස්ථිර වඳභාව­යට පත් වූ පිරිස්ය. අනෙක මදසරුභාවය ය.

මදසරුභාවය යනු දරු පල ලැබිය හැකි නමුත් ඊට යම් ප්‍රති­කාර කළ යුතුය යන්නය. මදසරුභාවය පිළි­බඳ වර්ත­මා­නයේ ස්ත්‍රි පුරුෂ දෙපා­ර්ශ්වය අත­රම සලකා බැලේ. වඳභාවය ද එසේ­මය. මුලින් කාන්තා­වට පම­ණක් ඇඟිල්ල දිගු කළ සමා­ජය දැන් දෙපා­ර්ශ්වය පිළි­බඳ සානු­ක­ම්පි­කව බැලී­මට තරම් දැනු­ම්වත් වී ඇත.

මදසරුභාව­යට ප්‍රති­කාර විධි කිහි­ප­යකි. කාන්තා­වගේ ගර්භා­ශයේ, ප්‍රජ­නන පද්ධ­තියේ නොඑසේ නම් හෝමෝන­වල වෙනස් කම් නොමැති නම් නමුත් ඇය මද­සරුභාව­යෙන් පෙළෙ­නවා නම් දේශීය වෛද්‍ය­ව­රුන් එවැනි අව­ස්ථා­වල ප්‍රති­කාර කරන්නේ වෙනස්ම අභි­චාර ක්‍රම ඔස්සේය. අනෙ­කුත් ශාරී­රික සහ මාන­සික දෝෂ පවතී නම් ඖෂධ ප්‍රති­කාර වෙත යොමු වීම සිදු කරනු ලබයි. මදසරුභාවය පව­තින අයට කායික සේම මාන­සික ප්‍රති­කා­රත් අවශ්‍ය වේ. එම ප්‍රති­ක­ර්ම­ව­ලදී අපේ සාම්ප්‍ර­දා­යික ක්‍රම මුල් තැනක් ගනියි.

බොහෝ විට කාන්තා­වන්ගේ සහ පිරි­මින්ගේ ශරී­රයේ අභ්‍ය­න්තර උෂ්ණ­ත්වය වැඩි­වන විට දරු­පල විභ­තාව අඩු වී යයි. මෙය දැන් සුලභ තත්ත්ව­යකි. එමෙන්ම පූර්ව කර්ම ද දරු­ප­ල­ව­ලට බල­පායි. එය අපේ සමා­ජය තුළ ඇති සම්ප්‍ර­දා­යික දැනු­මකි. බොහෝ විට පන්සල්, පල්ලි, දේවාල, කෝවිල් හෝ වෙතත් පුද­බිම් වෙත ගොස් දරු­පල ලබා ගැනී­මට බාර හාර වීමේ පිළි­වෙ­තක් අපේ සමා­ජය තුළ අනා­දි­මත් කාල­යක සිට පවතී. මෙය සිද්ධ වන්නේ අපේ කර්මය පිළි­බඳ වූ සංක­ල්ප­යත් සම­ඟය. නමුත් ශාරී­රික දෝෂ ඇති මදසරුභාවය සහිත යුව­ළ­කට නිසැක ප්‍රති­කාර අව­ශ්‍ය­යය.

මදසරුබව ඇති­වන්නේ ඇයි?

ශරීර උෂ්ණ­ත්වය සේම ගර්භා­ශය, ඩිම්බ­කෝෂ ආශ්‍රිත ප්‍රජ­නන පද්ධ­තියේ දෝෂ විය හැකිය. මේ දෝෂ තත්ත්ව වා පිත් සෙම් ත්‍රිදෝ­ෂ­ය­න්ගෙන් ඇති විය හැකිය. එමෙන්ම එම ඉන්ද්‍රි­යන්හි විකෘ­තිතා නිසා ඇති වීමට පුළු­වන. විශේ­ෂ­යෙන්ම කාන්තා­වන්ගේ යෝනි දෝෂ දැකිය හැකිය. ඒ කුමන හෝ දෝෂ­යක් මද සරු භාව­යට බලපෑ හැකිය.

යමෙ­කුගේ මාන­සික කාරණා ද මදසරුභාව­යට හේතු වේ. අධික ලෙස කෙන්ති යන, අධික මාන­සික ආත­ති­යෙන් පෙළෙන, මාන­සික විවේ­ක­ය­කින් තොර පුද්ග­ල­යෙක් නම් ඔහුට හෝ ඇයට මදසරුභාවය ඇති වීමේ ඉඩ­කඩ තිබේ. මේ අනුව තේරුම් ගත යුත්තේ දරු­පල පිහි­ටිම සඳහා මනස සුව­පත් වීම සේම ඒ සඳහා මනස සූදා­නම් කළ යුතු බවය. මෛත්‍රිය වඩ­වන කුසල් සිත් උප­දවා ගැනීම දරු­පල ඇති­වී­මට හේතු වේ.

අධික ශරීර උෂ්ණත්වය නිසා මදසරුභාවය ඇති­වන පුද්ග­ල­යන් ට හාත­වා­රිය කැඳ, උඳු පිටි කැඳ, වැල් පෙනෙල කැඳ වැනි කැඳ වර්ග දීමට අපේ සමා­ජයේ සරල ප්‍රති­කාර ක්‍රම අතර විය. අපේ සම්ප්‍ර­දායේ තුළ පැවැති තවත් ප්‍රති­කර්ම විධි­යක් වන්නේ බාර හාර සහිත ශාන්ති­ක­ර්ම­යන්ය. පහත රට ශාන්ති කර්ම­ය­ක්වන රිද්දි යාගය හෙවත් රට යකුම, කලස් තැබීම වැනි ශාන්ති කර්ම ඔස්සේ සිදු කළේ ද දරුපල හට ගැනී­මට අවශ්‍ය මාන­සික පරි­ස­රය සකස් කිරී­මය. රට යකුම වැනි යාග­යක් තුළ අපට දක්නට ලැබෙන්නේ දරු­වකු පිළි­සිඳ ගැනී­මට පෙර කාන්තා­ව­කගේ මාන­සික පරි­ස­රය ඒ වෙනු­වෙන් සකස් කිරීම පිළි­බ­ඳය. මෙවැනි අභි­චාර එක් ප්‍රති­කාර විධි­යක් ආව­ර­ණය කළේය.

දරු­පල අපේක්ෂා කරන යුව­ළක් ශරී­රයේ හෝමෝන සහ ධාතු වර්ධ­නය කරන ආහාර සුල­බව සිය ආහාර වේලට එක් කර ගත යුතුය. උඳු, හාත­වා­රිය, මුංඇට එවැනි කදි­මය. මදසරුභාවය ඇති අයට ගුණ ආහා­ර­යක් ලෙස ඇතැම් පළා­ත්වල උඳු පිටි මිශ්‍ර වැල්පෙනෙල කැඳ ලබා දේ. ඉන් පුද්ග­ල­යන්ගේ ධාතු වර්ධ­නය සිදු වේ.

එමෙන්ම අපේ ජීවිත පැවැත්ම සහ විලා­සිතා ද මේ වන­විට මද­සරුභාව­යට බලපා තිබේ. බොහෝ කාන්තාවෝ තද යට ඇඳුම් අඳිති. උෂ්ණ­ත්වය එහා මෙහා නොයන යට ඇඳුම් ඇඳී­මත් මදසරුභාව­යට හේතු­වකි. මෙම උෂ්ණ­ත්වය කළ­ම­නා­ක­ර­ණය නොවු­ණ­හොත් ගර්භා­ශය සහ ලිංගා­ශ්‍රිත ප්‍රදේ­ශ­වල ත්‍රිදෝෂ කෝප වීමේ ඉඩ කඩ වැඩිය. ශරීර උෂ්ණ­ත්වය අඩු කර­ගැ­නී­මට ස්නාන­යෙන් සිදු වූ පිහිට දැන් නාන කාම­ර­ය­කට හිරවූ අප බොහෝ දෙන­කුට නැත. ගලා­ගෙන යන දියේ පැයක, පැය එක හමා­රක පමණ කාල­යක් බැස ස්නානය කළ හැකි නම් ගැහැනු පිරිමි දෙපා­ර්ශ්ව­ය­ටම එය මදසරුභාවය නැති වීම සඳහා කළ හැකි සරල යහ­පත් ප්‍රති­ක­ර්ම­යකි.

අපේ සම්ප්‍ර­දාය තුළ නක්ෂ­ත්‍රය පිළි­ගනී. වේලා­ප­ත්ක­ඩයේ ඇති ග්‍රහ පිහි­ටීම් ද දරුපල නැති වීමට හේතු­වක් සේ පැරැන්නෝ සැල­කූහ. ඒ වෙනු­වෙන් විශේෂ පූජා විධි පැවැ­ත්වූහ. කෝනේ­ෂ්ව­රම් කෝවිල, පත්තිණි දේවාල ඇති වන්නේත් මේ සමාජ ගැට­ලු­වට පිළි­යම් දෙන අභි­චාර පිළි­වෙත් පැවැ­ත්වී­ටම අව­ස්ථාව සදා දෙන පුද­බිම් ලෙසය.

එමෙන්ම මෙම අභි­චාර පිළි­වෙත් ක්‍රීඩා තෙක් ද ජන ක්‍රීඩා ලෙසද වර්ධ­නය වූයේය. සශ්‍රී­ක­ත්වය සහ දරු­පල පිළි­බඳ සංකල්ප පසු­බි­ම­කින් ඇති වුණු අංකෙ­ළිය එවැනි එක් ක්‍රීඩා­වකි. මේ අනුව මදසරුභාවය යනු කන­ගා­ටු­වට පත් විය යුතු තත්ත්ව­යක් නොවේ. ප්‍රති­කාර හරහා සුව­පත් කර­ගත යුත්තකි.

දරුපල ඇති කර­ගැ­නී­මට නිසි ව්‍යායාම අවශ්‍ය වේ. ව්‍යායාම නොකි­රීම, අධික තර­බා­රුව, එයත් සමඟ කාන්තා­වන්ට ඇති­වන ඔසප් චක්‍රයේ අක්‍ර­ම­වත් බව මදසරුභාව­යට තවත් හේතුය. එවැනි අව­ස්ථා­වල ඔසප් චක්‍රය ක්‍රම­වත් කර­ගැ­නී­මට අප ඖෂධ ලබා ගත යුතු වේ. තමන්ට දරුපල නොමැති බවට හඬා වැල­පෙ­මින් මාන­සික කඩා වැටී­ම­කට ලක් නොවී මෛත්‍රී සහ­ගත සිතින් තමන් තුළ ඇති අඩු­පාඩු සකස් කර­ගන්නා පුද්ග­ල­යාට මදසරුභාව­යෙන් මිදී නැණ­වත් ගුණ­වත් සෞඛ්‍ය සම්පන්න දරු සම්ප­තක් සමඟ අපේක්ෂා සහ­ගත ජීවි­ත­යක් ගත කළ හැකිය.

මදසරුභාව­යත් සමඟ යම් යම් ව්‍යාජ දේවාල සහ එම දේවාල මෙහෙ­ය­වන ගැර­හිය යුතු ආකා­රයේ ව්‍යාපාර ද සමා­ජය තුළ පටන් ගෙන තිබේ. එවැනි ස්ථාන වෙත යන කාන්තා­වන් හිරි­හැ­ර­යට අව­මා­න­යට අප­යෝ­ජ­න­යට ලක්වන අවස්ථා කොතෙ­කුත් වාර්තා වී තිබේ. මෙවැනි ව්‍යාජ­යන් වෙත ආක­ර්ෂ­ණය නොවී පිළි­ගත් වෛද්‍ය­ව­රුන් හෝ පිළි­ගත් වෘත්ති­ක­යින් හරහා ස්වකීය ගැට­ලු­වට විස­ඳුම් සෙවීම කළ යුතු බව අව­ධා­ර­ණය කරමු.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division