Home » අක­ලට හිස­කෙස් ගැල­වෙ­න­වාට කදිම බෙහෙත් වට්ටෝරු මෙන්න

අක­ලට හිස­කෙස් ගැල­වෙ­න­වාට කදිම බෙහෙත් වට්ටෝරු මෙන්න

by gayana
September 21, 2024 12:30 am 0 comment

අක­ලට හිස­කෙස් ගැල­වීම අද කාලයේ බහු­ලව දක්නට ලැබෙන තත්ත්ව­යකි. ඊට හේතු කීප­යකි. ප්‍රධා­නම හේතූ වන්නේ කෘත්‍රිම රූප­ලා­වණ්‍ය විධි ලෙස හිස­කෙස් රසා­ය­නික ද්‍රව්‍ය යොදා වර්ණ ගැන්වීම, හිස­කෙස් “අයන් කිරීම” වැනි තත්ත්වය. ඇතැම් අයගේ හිස­කෙස් ගැලවී යෑමට ක්ලෝරි­නී­කෘත ජලය ද හේතු වේ.

දේශ­ගු­ණික හේතු මත ද හිස කෙස් ගැලවී යෑම සිදු වේ. නින්ද අඩු­කම ද හිස­කෙස් යෑමට හේතු­වකි. වායු සමී­ක­ර­ණය කළ පරි­ස­ර­වල ගත කිරීම, පීනස වැනි තත්ත්ව ද හිස කෙස් යෑමට බල­පානු ලබයි. කුමණ ආකා­ර­යට වූවත් අක­ලට හිස­කෙස් ගැල­වෙ­නවා නම් මෙම කසාය වට්ටෝ­රු­වෙන් ඉතාම ඉහළ ප්‍රති­ඵල ලැබේ.

1 කසාය

රතු ලූනු, ගොටු­කොළ නැටි, වළ­ඳ­සාල්, ඉඟුරු පිය­ලිය අල කළං තුන බැගින් කිරා ගන්න. ඊට වතුර පත 08ක් දමා එක් පත­කට සින්දවා ගෙන ඊට සීනි තේ හැඳි බාග­යක් සහ මී පැණි තේ හැන්දක් දමා උදේට හිස්බඩ පානය කරන්න.

ඉතිරි බාගය ඒ ආකා­ර­යෙන් සව­ස­ටත් බොන්න. මේ ආකා­ර­යෙන් දින හයක් නොක­ඩවා මෙම කසාය පානය කරන්න. කසාය පානය කරන කාල සීමාව තුළ උෂ්ණා­ධික ආහාර ගැනීම ඉතාම නුසු­දු­සුය. සවස ස්නානය නොකළ යුතුය.

2 කසාය

පිට­වක්කා මුල්, අරළු, ඉරි­තේක්කු, සිබිය මුල්, තිප්පිලි, වියළි ඉඟුරු, වැල් තිබ්බටු මුල්, ආඩ­තෝඩා මුල්, රස­කිඳ, ගම්මි­රිස් ඇට, කලං එකයි මංචාඩි 4 බැගින් ගෙන වතුර පත අට එකට සිඳු­වා­ගන්න. ඊට සීනි තේ හැඳි බාග­යක් සහ මී පැණි තේ හැන්දක් දමා උදේ හවස පානය කරන්න.

මෙම කසාය ද දින හයක් පානය කරන්න. මේ කසාය දෙක පානය කරන දින 12ක කාලය තුළ සබන් හෝ ෂැම්පො භාවිත නොකර මුංඇට පිටි වතු­රට දිය­කර හිසට දමා හොඳින් හිස සොදා ස්නානය කරන්න. ක්ලෝරීන් නැති ජලය ස්නානය සඳහා භාවිත කරන්නේ නම් ඉතාම සුදු­සුය.

මෙම කසාය වර්ග සුදුසු වන්නේ වයස 18 වැඩි අය­ටය.

 

පාරම්පරික දේශීය වෛද්‍ය එන්.බී. වීර­ප්පෙ­රුම

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division