Home » ඩ්‍රෝන යුද ක්‍රම­යෙන්, ගෝලීය දේශ­පා­ල­නය කැල­ඹවූ හවුතී සට­න්කා­මීන්

ඩ්‍රෝන යුද ක්‍රම­යෙන්, ගෝලීය දේශ­පා­ල­නය කැල­ඹවූ හවුතී සට­න්කා­මීන්

by gayana
September 21, 2024 12:30 am 0 comment

ජාතික රාජ්‍ය­යන් මෙන්ම රාජ්‍ය නොවන පාත්‍ර වර්ග­යන් ද (Non-state actors) සන්නද්ධ අර­ගල, සිවිල් අර­ගල ජාත්‍ය­න්ත­රී­ක­ර­ණය වූ මහා යුධ ගැටුම් බවට පරි­ව­ර්ත­නය කොට ගනු ලබන්නේ නිරා­යා­ස­යෙනි. යේමන හවු­තීන් (Houthi) වූ කලී ද උතුරු යේම­නයේ පව­තින රාජ්‍ය පාල­න­යට එරෙ­හිව ආර­ම්භයේ දී ගරිල්ලා සට­න්කා­මීන් ලෙස ඉතා ප්‍රාථ­මික ආකා­ර­ය­කින් සංවි­ධා­නය වූ ජන කොට්ඨා­ස­යකි. හවු­තීන් යේම­නයේ (Zaydi) ආග­මික කණ්ඩා­ය­මක් ලෙස ආර­ම්භයේ දී ජාත්‍ය­න්තර ප්‍රජාව හඳුනා ගනු ලැබීය. නමුත් පසුව ක්‍රමි­කව යේමන හවු­තීන් ඉතා ශක්ති­මත් කණ්ඩා­ය­මක් ලෙස වර්ධ­නය වූ අතර ඔවුන් ගරිල්ලා යුධ ක්‍රමයේ සිට නවීන ඩ්‍රෝන යුධ මාව­තට පිවිස ඇත.

යේමන සිවිල් යුද්ධයේ පසු­බිම

යේමන රාජ්‍යය අභ්‍ය­න්ත­ර­යෙන් මතු වූ හවුතී කැර­ලි­ක­රු­වන් අද වන විට ඉතාම බල­වත් වප­ස­රි­යක ස්වකීය යුධ මෙහෙ­යුම් ව්‍යාප්ත කොට ඇත. 2014 යේමන සිවිල් යුද්ධය ආරම්භ වූයේ ගෝත්‍රික වර්ග­යන් 400ක පමණ විවි­ධ­ත්ව­ය­කින් හෙබි යේම­නයේ හවුතී (Houthi) නම් ජන කොට්ඨා­ස­යක සංවි­ධා­න­ගත වීමෙන් වන අතර, මොවුන් ෂීට් ඉස්ලා­මික ආග­මික පසු­බි­මක් හෙබි අතර, පව­තින පාලක සුන්නි රජ­යට එරෙ­හිව, යේමන අග­නු­වර වූ සානා (Sanaa) හි පාල­නය අත්පත් කර­ගැ­නීම අර­භයා මූලි­කව සටන් වැදුණු පාර්ශ්ව­යකි.

හවු­තීන් පව­තින තෙල්මිල අඩු කරන ලෙසත්, නව රජ­යක් ස්ථාපිත කරන ලෙසත් ඉල්ල­මින් සිවිල් යුධ තත්ත්ව­යක් ආරම්භ කරනු ලැබීය. හවු­තීන් යේමන ජනා­ධි­පති මන්දි­රය අත්පත් කර­ගත් අතර, 2015 දී යේමන ජනා­ධි­පති Abd Rabbu Mansour Hadi හා ඔහුගේ රජය පැවති ආත­ති­මය තත්ත්වය හමුවේ ඉල්ලා අස්වනු ලැබීය. මේ ආකා­ර­යෙන් හවු­තීන්, රාජ්‍ය පාල­න­යට බාධා­කි­රී­මත් සමඟ 2015 දී යේමන දේශ­පා­ල­නික තත්ත්වය සලකා බැලූ ගල්ෆ් රාජ්‍ය සංස­දය තත්ත්වය පාල­නය කිරීමේ ඇති දුෂ්ක­ර­තා­වය සල­ක­මින්, යේමන රාජ්‍යය ආර්ථික වශ­යෙන් හුද­කලා කිරී­මක් කරනු ලැබූ අතර හවුති කැර­ලි­ක­රු­වන්ට එරෙ­හිව දිගින් දිග­ටම ප්‍රහාර එල්ල කරනු ලැබීය. මෙම ගල්ෆ් රාජ්‍ය සංස­දයේ නාය­ක­ත්වය ගනු ලැබුවේ සවුදි අරා­බිය වූ අතර හවු­තීන්ට එරෙ­හිව දියත් කරනු ලැබූ ප්‍රහාර හා මෙහෙ­යු­ම්ව­ලට එක්සත් ජන­පද බුද්ධි­මය සහාය ද ගල්ෆ් සංස­ද­යට එව­කට හිමි විය. ඉරා­නයේ සහය සීට් හවු­තීන්ට ලැබීම සවුදි අරා­බියේ අප්‍ර­සා­ද­යට හේතු වූ අතර, ඔවුන් හවු­තීන්ට, ඉරා­නයේ සහාය ලැබීම වැළැ­ක්වීමේ අර­මු­ණින් නාවුක බාධ­ක­යක් ද යොදනු ලැබීය. යේමන අර්බු­ද­යට කලා­පීය මැදි­හ­ත්වීම හේතු­වෙන් අව­සා­නයේ දී යේම­නයේ ෂියා හා සුන්නි වශ­යෙන් පුළුල් බෙදි­මක් සිදු වී පැවති ආත­ති­මය තත්ත්වය තවත් උත්සන්න වූ බව පැව­සු­ව­හොත් එය නිවැ­ර­දිය.

එක්සත් ජාතීන්ගේ ඇස්ත­මේ­න්තු­ගත වාර්තා­ව­ලට අනුව 2016-2022 කාල පරා­සය තුළ යේමන වැසි­යන් 377000ක් පමණ මිය ගොස් ඇති අතර, ඉතා දරුණු මානු­ෂීය අර්බුද, ප්‍රච­ණ්ඩ­ත්ව­යන් යේම­නය තුළ උද්ගත වී ඇත. සිවිල් යුධ උණු­සු­මක් ලෙස ඇරඹී යේමන අර්බු­දය, මේ වන විට මහා­ප­රි­මාණ යුධ ගැටු­මක් බවට පරි­ව­ර්ත­නය වී ඇත. ඊශ්‍රා­ය­ල­යට එරෙ­හිව යේමන හවු­තීන්ගේ එල්ල කරන ප්‍රහාර හා මෙහෙ­යුම් පිළි­බඳ ඔවුන් පව­සන්නේ එම තත්ත්වය ඊශ්‍රා­යල – හමාස් ගැටු­මට ඔවුන් දක්වන සහා­යක් ලෙසයි. අර්බු­දය හේතු­වෙන් ඉතාම දරුණු ආර්ථික කඩා වැටී­මක් ඇති යේමන රාජ්‍යය අද වන විට දරි­ද්‍ර­තා­වයේ පහ­ළ­ටම වැටී ඇති රාජ්‍ය­යක් බවට පත් වී ඇත.

හවු­තීන්ගේ ඩ්‍රෝන යුධ ක්‍රමයේ වර්ධ­නය

නවීන යුධ පිටිය මහා විනා­ශ­කාරී ස්වරූ­ප­ය­කට යොමු කළ සන්නද්ධ ඩ්‍රෝන යුධ ක්‍රමය (Armed Drone war fare) හවු­තීන්ට තව­දු­ර­ටත් නව ක්‍රම­යක් නොවේ. හවු­තීන් ඩ්‍රෝන තාක්ෂ­ණ­යට අලුත් වුවද ඔවුන් මේ වන විට ඩ්‍රෝන යුධ ක්‍රමයේ ඉදි­රි­පෙළ සිටින සට­න්කා­මීන් බවට පත්වී හා ඒ බව ජාත්‍ය­න්තර ගැටුම් හමුවේ ඔප්පු කොට ද හමා­රය. ඩ්‍රෝන යුධ ක්‍රමය නවීන හමුදා උපාය මාර්ගික හා ගැටු­ම්වල ප්‍රමු­ඛ­තම ස්වරූ­පය බවට පත් වී ඇත. බහු­විධ ගැටු­ම්වල ආයුධ සන්නද්ධ ඩ්‍රෝන ප්‍රහාර (Armed Drone attacks), ඩ්‍රෝන මෙහෙ­යුම් හුව­මා­රුව අද­හා­ගත නොහැකි තරම්ය. 2 වන ලෝක යුද්ධ­යෙන් පසු මානව සංහ­තියේ දරු­ණු­තම යුද්ධය ලෙස රාජ්‍ය­තා­න්ත්‍රික හා යුධ­මය විශ්ලේ­ෂ­ක­යන් හඳු­න්වනු ලබන තව­මත් නොවි­ස­ඳුනු රුසි­යන් – යුක්‍රේන යුද්ධය ද විස්තර වී ඇත්තේ, එය ගිනි­ජාලා පතිත කර­මින් දෙපා­ර්ශ්වය විසින් ඩ්‍රෝන ප්‍රහාර හුව­මාරු කර­ගනු ලබන දරු­ණු­තම යුධ ගැටු­මක් ලෙසයි. අනෙක් අතින් ලෙබ­නන් හිස්බුල්ලා හා ඊශ්‍රා­යල ගැටුම ද නවීන ආයුධ සන්නද්ධ ඩ්‍රෝන යුධ ක්‍රමය අති භයා­නක ස්වරූ­පය මැන­වින් විදහා දක්ව­න්නකි. මේ වන විට යේමන හවු­තීන් ද නවීන යුධ උප­ක්‍ර­ම­යක් ලෙස ඩ්‍රෝන තාක්ෂ­ණයේ ඉහ­ළම ස්වරූ­පය ප්‍රායෝ­ගි­කව හොඳින්ම භාවිත කරන පිරි­සක් බවට පත්ව ඇත.

යේමන කඳු­කර පළා­තක සංවි­ධා­නය වූ හවුති කැර­ලි­ක­රු­වන් මේ වන විට ඩ්‍රෝන තාක්ෂ­ණය, ඩ්‍රෝන උපාංග, ඩ්‍රෝන මෙහෙ­යුම් මේ අයු­රින් භාවි­තය පිටු­පස ඔවුන් ඉරා­න­යෙන් සහාය ලබන බව විදෙස් යුද විශ්ලේ­ෂ­ක­යන්ගේ මතය වී ඇත. ගෝලීය සන්නද්ධ අර­ගල අභි­මුඛ ඩ්‍රෝන යුද ක්‍රමය කෙත­රම් පුළුල් පරා­ස­යක විසිරී පැතිරී ඇති ද යත් 2010 වන විට සන්නද්ධ ඩ්‍රෝන හිමි­කා­රී­ත්වය තිබුණේ ලෝකයේ රාජ්‍ය­යන් 3 කට පමණි. නමුත් 2024 වන විට එම ප්‍රමා­ණය රට­වල් 40ක් දක්වා වර්ධ­නය වී ඇත. ඇත්තෙන්ම හවු­තීන් ඩ්‍රෝන තාක්ෂ­ණය පිළි­බඳ විශ්වා­ස­නී­යම ලෙසම අව­තී­ර­ණය වූයේ, 2018 පටන් වන අතර, එතැන් පටන් ඉතා ශීඝ්‍ර­යෙන් වර්ධ­නය වූ ඩ්‍රෝන තාක්ෂ­ණික යුධ ක්‍රමයේ උපා­ය­මා­ර්ගික වර්ධ­නය කෙත­රම් ද යත්, යේමන අර්බු­දයේ ගමන් පථ­යට හවු­තිගේ ඩ්‍රෝන යුධ ක්‍රමික උපාය මාර්ගය, සැල­කිය යුතු අන්දමේ බල­පෑ­මක් එල්ල කරනු ලැබීය.

හවු­තීන්ගේ නාවික ඩ්‍රෝන යුධ උපාය මාර්ගික ක්‍රම­වේ­දය

යේමන හවු­තීන් ජාත්‍ය­න්තර ප්‍රජාව අතර ප්‍රමුඛ වශ­යෙන් ම ප්‍රකට වූයේ ඔවුන්ගේ නාවුක උපා­ය­මා­ර්ගයේ ඇති ප්‍රචණ්ඩ ස්වරූ­පය නිසා­වෙනි.

එක්සත් ජන­පද අද්මි­රාල් කූපර් (cooper) වැඩි දුර­ටත් පවසා ඇත්තේ 2023 මාර්තු මුල් භාගයේ දී පම­ණක් හවුතී කැර­ලි­ක­රු­වන් රතු මුහුද අවට නාවුක කලා­පයේ ඩ්‍රෝන 28ක් පමණ දින­කට පතිත කළ බවයි. කදු­කර ප්‍රදේ­ශ­යක ඉතා ප්‍රාථ­මික අයු­රින් ගරිල්ලා යුධ ක්‍රම­යක් ප්‍රගුණ කළ හවු­තීන් මේ වන විට සමස්ත ජාත්‍ය­න්තර ප්‍රජා­ව­ටම විවිධ උපා­ය­මා­ර්ගික පැති­ක­ඩ­යන් ඔස්සේ බලා­ත්මක විය හැකි සංස්ථිති (Entity) බවට පත්වීම, නවීන යුධ ක්‍රමයේ ආශ්ච­ර්ය­යක් ද නැති­නම් මානව වර්ගයා ප්‍රච­ණ්ඩ­කාරී මාව­තක් ඔස්සේ ස්වකීය ඉදිරි ගමන පෙළ ගස්වා ගැනී­මට දරන ප්‍රය­ත්න­යක් ද යන්න විමසා බැලීය යුතුය.

ඇ. එ. ජන­ප­දය මේ වන විටත් භාවිතා කරනු ලබන්නේ සම්ප්‍ර­දා­යික නාවුක උපා­ය­මා­ර්ගික ප්‍රවේ­ශය ලෙස සඳ­හන් වේ. අනෙක් අතින් ප්‍රංශ­යෙන් ආරම්භ වූ තරුණ පාසල මඟින් නාවික යුද්ධය සඳහා ඉදි­රි­පත් කරන ලද අනෙක් ප්‍රවේ­ශ­යයි. එනම්, සාම්ප්‍ර­දා­යික නැව් කට­යුතු අව­හිර කිරීමේ අභි­ප්‍රා­යෙන් අවි ආයුධ වලින් සන්නද්ධ කුඩා ටෝර්පිඩෝ යාත්‍රා භාවිත කිරී­මයි. වාණිජ අභි­ලා­ෂ­යෙන් නැව් කට­යුතු සිදු­ක­රනු ලබන සාම්ප්‍ර­දා­යික නැව්ව­ලට ඉතා ඉක්ම­නින් යුද ප්‍රහාර එල්ල කිරී­මට සමත් මේ ප්‍රංශ Jeune Ecole ප්‍රවේ­ශය අනු­ග­ම­නය කිරීම හවු­තීන්ගේ නාවුක උපා­ය­මා­ර්ගය බව ගෝලීය නාවුක විශ්ලේ­ෂ­ක­යන්ගේ අද­හස වී ඇත.

හවුතී නාවුක උපා­ය­මා­ර්ගික ඩ්‍රෝන භාවි­තය ඔවුන්ගේ රොකට් හා මිස­යිල ප්‍රහාර අභි­බවා ඉදි­රි­යෙන් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත.

පසු­ගිය දශ­ක­ය­න්වල ජාත්‍ය­න්තර නාවුක පරි­ස­රය ස්ථාවර බවින්, ගති­ක­ත්ව­යන්වලින් නිද­හස්ව පව­තින බව බාහි­රින් පෙන්නුම් කළ ද නාවික යුධ ක්‍රමය, එම වප­ස­රිය තුළ අපැ­හැ­දිලි ලෙස පැව­තුණා මිස මුළු­ම­නින්ම වියැකී යාමක් නොවුණු බව ප්‍රත්‍යක්ෂ වන හොඳම නිද­සු­නක් ලෙස අපට හවුතී කැර­ලි­ක­රු­වන්ගේ රතු මුහුද අවට ගෙන­යන වත්මන් මහා පරි­මාණ නාවුක යුධ උපා­ය­මා­ර්ගික ඩ්‍රෝන ප්‍රහාර හා ක්‍රම­වේ­දය ඔස්සේ හොඳින්ම පිළි­බිඹු වේ.

2024 ජන­වාරි 12 වෙනිදා පටන් ඔස්ට්‍රේ­ලි­යාව, බහ­රේන්, කැන­ඩාව හා ඩෙන්මා­ර්කය යන රට­වල සහ­යෝ­ග­යෙන් ඇ. එ. ජන­ප­දය හා බ්‍රිතා­න්‍යය ඒකා­බ­ද්ධ­තා­ව­යෙන්, රතු මුහුදු අවට සාගර කලා­පයේ නොන­ව­ත්වාම සිදු­වන හවුති ප්‍රහා­ර­යන්ට එරෙ­හිව කෘෂ් මිස­යිල හා ගුවන් මෙහෙ­යුම් දියත් කරනු ලැබීය. මෙම මෙහෙ­යුම Operation Poseidon Archer යනු­වෙන් හඳු­න්වනු ලැබීය. මෙම ඒකා­බද්ධ මෙහෙ­යු­මට පෙර එක්සත් ජාතීන්ගේ ආර­ක්ෂක මණ්ඩ­ලය ද යේමන හවු­තීන්ගේ රතු මුහුද මෙහෙ­යුම් හෙළා දකිනු ලැබීය. ජාත්‍ය­න්තර සාම­යට සහ­ජී­ව­න­යට මොන­යම් ආකා­ර­ය­කින් හා මොන­යම් පැති­ක­ඩ­යන් ඔස්සේ සිදු­වන ඕනෑම ක්‍රියා­වන් හෙළා දැකීම එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය විසින් කරනු ලබන ප්‍රධා­න­තම ක්‍රියා­වකි.

යේමන රාජ්‍යයේ පව­තින ඛේද­ජ­නක තත්ත්වය සල­ක­මින් එක්සත් ජාතීන්ගේ අනු­ග්‍ර­හ­යෙන් එහි මාස 6ක පමණ කාල­යක සටන් විරා­ම­යක් 2022 පටන් ඇරඹී අතර, යේමන ගැටු­මට සම්බන්ධ දෙපා­ර්ශ්ව­යම එම වක­වා­නුවේ දී ඉහළ ආත­ති­මය තත්ත්ව­ය­කින් යුතු ගැටු­ම්කාරී ක්‍රියා­වන්ට යාමෙන් වල­කිනු ලැබීය. 2023 අප්‍රේල් වල දී ඕමාන් රාජ්‍යයේ මැදි­හ­ත්වී­මෙන් සවුදි හා හවුති නියෝ­ජි­ත­යන්ගේ සහ­භා­ගී­ත්ව­යෙන් මෙම අර්බු­දය පිළි­බඳ මැදි­හ­ග­ත්ක­රණ සාකච්ඡා ඉදි­රි­යට ගෙන යනු ලැබීය. නමුත් මේ සම්බන්ධ සාකච්ඡා ශක්ති­මත් වර්ධ­න­යක් නොපෙන්වූ අතර, යේම­නයේ රදවා සිටි විදේශ බල­ඇනි ද එර­ටින් පිට වී යාමට කට­යුතු කරනු ලැබීය. සාකා අග­නු­ව­රින් බාහි­රව පිහිටි වෙළඳ ගුවන් පථ පම­ණක් විවෘත කරනු ලැබීය. 2022 සැප්තැ­ම්බර් පමණ වන විට නැව­තත් ඩ්‍රෝන යුද ක්‍රමයේ ප්‍රමු­ඛ­යන් වී සිටි හවුති කැර­ලි­ක­රු­වන් ගල්ෆ් සංස­දයේ බහ­රේන් නියෝ­ජි­ත­යන් 4 දෙනෙකු පමණ හවුති ඩ්‍රෝන ප්‍රහා­ර­ව­ලින් මිය ගියේය. හවුති කැර­ලි­ක­රු­වන් කොත­රම් විශ්මිත අයු­රින් නවීන යුධ ක්‍රම­ව­ලට, යුද භූමි­යට අන්ත­ර්ග්‍ර­හ­ණය වී තිබුණේ ද යන්න මින් හොඳින්ම ප්‍රත්‍යක්ෂ වේ.

2023 පටන් ඊශ්‍රා­යල් – හමාස් ගාසා ගැටු­මට එක් වූ හවුතී කැර­ලි­ක­රු­වන් ඊශ්‍රා­ය­ලයේ Tel-Aviv ප්‍රදේ­ශ­යට එල්ල කරනු ලැබූ මහා පරි­මාණ ඩ්‍රෝන ප්‍රහා­රය හමුවේ ඔවුන් නවීන යුධ භූමි­යට ඉදිරි පෙළ සට­න්කා­මීන් බව සමස්ත ලෝක­ය­ටම මනාව ප්‍රද­ර්ශ­නය කරනු ලැබීය. නමුත් මෙම තත්ත්වය මහා යුධ ජය­ග්‍ර­හ­ණ­යක් ලෙස කිසි­වෙකු හෝ විශ්ලේ­ෂ­ණය කර­නවා නම්, එය කිසි­සේත්ම පිළි­ගත නොහැති තත්ත්ව­යකි. ඒ මන්ද­යත් යුද්ධය කිසිදු අර්බු­ද­ය­කට සුභ­වාදී දෙයක් නොවී­මය.

2024 අගෝස්තු 24 දා හවු­තීන් රතු මුහුදු අවට නාවික ප්‍රහාර කෙත­රම් දුරට උච්ච­ස්ථා­න­යට පත්කොට ඇති ද යත්, ග්‍රීක ධජය රැගත් ග්‍රීසි­යට අයත් “Sounion” නම් බොර­තෙල් ලීටර් 150000ක් රැගත් වෙළඳ නෞකා­ව­කට ඔවුහු විශාල ප්‍රහා­ර­යක් දියත් කළහ. මේ සෑම ක්‍රියා­වක් තුළම ගැබ්ව ඇති මහා අවා­ස­නා­වන්ත, යථා­ර්ථය වන්නේ ලෝකය නවීන යුධ උප­යා­මා­ර්ගික ප්‍රවේ­ශය තමන්ට රිසි රිසි අත්ත­නෝ­ම­තික භාවිත කොට මානව සංහ­ති­යේම අභා­ග්‍යය ළංක­රන බවයි. අනෙක් අතින් මෙවැනි අන­තු­රු­දා­යක කලා­ප­ය­කට ස්වකීය කාර්ය­ම­ණ්ඩ­ලය යැවීම පිළි­බඳ නැව් සමා­ගම් හිමි­ක­රු­වන් සම්බ­න්ධ­යෙන් විදෙස් විචා­ර­ක­යින් පළ­කළ අද­හ­සක් වූයේ, ස්වකීය ආර්ථික වාසි ගැන පම­ණක් සලකා නැව්වල සේවය කරන තමන්ගේ කාර්යය මණ්ඩ­ල­යන් මේ ආකාර ගිනි දැල්වෙන කලාප හරහා ගම­නා­ග­ම­නය කර­වීම ඉතා බල­වත් වර­දක් බවයි. මනුෂ්‍ය ජීවිත අන­තුරේ හෙළී­මක් බවයි. මෙම සියලු කාරණා ගොනු කළ විට පෙනී යන්නේ යේමන හවු­තීන් නාවුක උපා­ය­මා­ර්ගික යුධ ක්‍රමය, ඩ්‍රෝන තාක්ෂ­ණය ආදි සියලු ආකාර නවීන යුධ ක්‍රම රිසි සේ භාවිත කර­මින් භූදේ­ශ­පා­ල­නය, යුද්ධ භූමිය මත පාල­න­ය­කින් තොරව හැසි­රෙන්නා වූ මහා රංග­ධ­ර­යන් බවට පත් වඇති බවයි.

Sounion නැවේ තෙල් කාන්දු­වීම හේතු­වෙන් විශාල සාමු­ද්‍රික පාරි­ස­රික හානි­යක් වී ඇති බව එක්සත් ජන­පද පෙන්ට­ග­නය නිවේ­ද­නය කොට ඇත. ටොන් 150000ක බොර­තෙල් ප්‍රවා­හ­නය කළ මෙම නැවට හානි පැමි­ණ­වීම සුළු­වෙන් තැකිය නොහැකි බවත්, කලා­පීය හා ගෝලීය වෙළ­දාම අස්ථා­වර කිරීම මෙම­ගින් අර­මුණු කොට ඇති බවත් ඔවුන් වැඩි­දු­ර­ටත් ප්‍රකා­ශ­යට පත් කර ඇත. පෙන්ට­ගන් ප්‍රකා­ශක ගුවන් හමුදා මේජර් ජන­රාල් Patrick Ryder වැඩි­දුර අද­හස් දක්ව­මින් පවසා ඇත්තේ, Sounion නෞකාවේ සහා­යට තුන්වන පාර්ශ්ව­යක් යැවීම සිදු­කළ ද ඔවුන්ට ද හවු­තීන් ප්‍රහාර එල්ල කර ඇති බවයි.

යේමන හවු­තීන් ගරිල්ලා යුධ ක‍්‍රම­යෙන් යුධ භූමි­යට අව­තී­රණ වූ සට­න්කා­මීන්ය. නමුත් අද වන විට ඔවුන්ගේ යුධ ප්‍රහා­රා­ත්මක හර­ඹය, මැද පෙර­දිග කලා­පයේ ශක්ති­මත්ම හමු­දාව ඉලක්ක කර­ගෙන ඇති ආකා­රය විස්මි­තය. පසු ගිය ඉරු­දින (සැප්. 15) හවු­තීන් (Houthi) මධ්‍යම ඊශ්‍රා­ය­ල­යට එල්ල කළ නවී­න­තම අධි­ධ්ව­නික බැල­ස්ටික් මිස­යිල (Hypersonic Ballistic Missile) ප්‍රහා­රය මීට සාක්ෂි දරයි. හවු­තින් මේ ප්‍රහා­රයේ වග­කීම භාර ගනි­මින් ප්‍රකාශ කර ඇත්තේ, මේ සියලු ආකාර මෙහෙ­යුම් පල­ස්තී­නු­වන්ගේ සහ­භෝ­ගී­තාව උදෙසා ඔවුන් කරනු ලබන බවයි. නමුත් ඊශ්‍රා­යල අග­මැති නතෙ­නි­යාහු ඉතා දැඩිව ප්‍රකාශ කොට ඇත්තේ යේමන හවු­තීන්ට ඉතා ප්‍රබල වන්දි­යක් (Heavy Prince) ගෙවී­මට සිදු වන බවයි. මේ සෑම ක්‍රියා­වක්ම ගැටු­මට සම්බන්ධ පාර්ශ්ව­යන්ගේ ‘අත්ත­නෝ­ම­තික බල හැසි­ර­වීම’ මිස අන් කව­රක්ද?

පී. ආර්. දුෂාන්ති සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division