යුනියන් ඇෂුවරන්ස් මූලික මිනුම් නිර්ණායක සියල්ල සපුරාලමින් ප්‍රමාණාත්මක වර්ධනයක් සහ සවිමත් කාර්ය සාධනයක් පළකරමින් 2024 මුල් අර්ධය සඳහා වාර්තා වූ සිය ආකර්ෂණීය මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර ඇත. යුනියන් ඇෂුවරන්ස් හි දළ ලිඛිත වාරිකය 2024 වසරේ රු. බි. 9.8 දක්වා ඉහළ නැංවුණේ 2023 වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 16%ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කර ගනිමිනි. සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත සුරැකීම සහ පිරිපුන් සුවසෙත සැලසීම සඳහා වන සිය අරමුණ වෙනුවෙන් කැප වෙමින්, 2024 වසරේ මුල් අර්ධය තුළ හිමිකම් වෙනුවෙන් රු. බි 3.3ක් වාර්තා කරමින් රක්ෂණ ඔප්පු හිමියන් වෙනුවෙන් සිය කැපවීම සමාගම විසින් යළි තහවුරු කරනු ලැබිණි.