Home » My Zesta Story තරගයේ ජය­ග්‍රා­හ­ක­යන්ට රු. මි. දෙකක මුදල් ත්‍යාග

My Zesta Story තරගයේ ජය­ග්‍රා­හ­ක­යන්ට රු. මි. දෙකක මුදල් ත්‍යාග

by gayana
September 22, 2024 1:14 am 0 comment

සන්ෂ­යින් කන්සි­යු­මර් ලංකා සමා­ග­මට අයත් තේ සන්නා­ම­යක් වන ”සෙස්ටා තේ’ හි මීළඟ රූප­වා­හිනී වෙළෙඳ දැන්වීම් නිර්මා­ණය කිරීම සඳහා සෙස්ටා පාරි­භෝ­ගි­ක­යන් සහ­භාගී කර ගැනීමේ අර­මුණ ඇතිව පව­ත්වන ලද “My Zesta Story” තර­ගයේ ජය­ග්‍රා­හ­ක­යන් සඳහා ත්‍යාග ප්‍රදා­නය කිරීම පසු­ගි­යදා අති උත්ක­ර්ෂ­වත් අයු­රින් පැවැ­ත්විණි. සෙස්ටා පාරි­භෝ­ගි­ක­යන් අතර ඉම­හත් ජන­ප්‍රි­ය­ත්ව­යක් හිමි­කර ගත් මෙම තර­ගය Video, Audio Scripts, Storyboard සහ Animations යන ආකෘති 5ක් යටතේ සංකල්ප ඉදි­රි­පත් කිරී­මට හැකි­යාව ලබාදී තිබුණි. තර­ගයේ විනි­සුරු මඬුල්ලේ ප්‍රධා­නියා ලෙසින් Mullen Lowe Group Sri Lanka ආය­ත­නයේ ප්‍රධාන නිර්මාණ නිල­ධාරී දිල්හාර ජය­මාන්න කට­යුතු කළ අතර, සෙසු සාමා­ජි­ක­යන් ලෙස රූප­වා­හිනී / ටෙලි­නාට්‍ය අධ්‍යක්ෂ ලක්මාල් ධර්ම­රත්න, ටෙලි­නාට්‍ය නිළි දුලීකා මාර­පන, Mullen Lowe Group Sri Lanka ආය­ත­නයේ නිර්මාණ අධ්‍යක්ෂ ජූඩ් ජය­ප්‍ර­කාශ සහ­භාගි වූහ.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division